Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



කියන්න සුමනේ එහෙනං
අන්තිම පාරට විතරක්
කොයිවා කොයි හැටියෙ උනත්
දෙමඟක ගිය අපිට එකයි

පඩි දෙන්නට ළඟ දවසක
චයිනිස් හෝටල් මග ඇර
දෙකට කඩන් රෝස් පාන්
ඇවරිවත්තෙ පොඩි කඩේක
නිවිච්ච කහටෙකේ ඔබන
වෙලාවෙදිත් හිනා වුණේ
මමයි සුමනෙ මතක නැද්ද?

නාහේ කට කැරළි කොන්ඩෙ
පාට මගේ-හැඩ ඔයාගෙ
වාත්තු කළ ඉටි රූපේ
කළු වීනස් පිළිමේ වගේ

කී දවසක් නං සුමනේ
ඒ කෝලං කතා වලට
හිනා වුණාද පණ යනකං???
මං හිටියෙම හීන ගොඩේ...

ලෝකෙ එළිය දකින්න බැරි
හීන තමයි අයිති අපිට
ඒක තමයි හැමදාමත්
රෝසපාට හීන වලට
අකමැත්තෙන් වුණත් අපිට
ගාන්න වුණෙ අඳුරු පාට

අට්ටි අට්ටි හීන තියන්
කුට්ටි කුට්ටි අඳුර මැදින්
දවස් හතට පාට හතක
මල් පිපිලා හැඩට පේන
ඉර හිල් වෙන අහස හිඳෙන
තට්ටු තට්ටු සොල්දරයක

ආදර සරුවාල ඇඳන්
ආදර භෝජනේ හදන්
ආදර පානේ එළියෙන්
ඉන්න හිටියෙ මේ අපිමද?

එහෙව් අපට
අද වෙනකල්
හොයාගන්න බැරි වුණේම
ඒ ආදර මඟ නෙමේද?

කටු පිපුණෙත් කටුනායක
මල් පිපුණෙත් කටුනායක
ඉතින් සුමනෙ හැමදාමත්
මතක නේද කටුනායක....??

ධනුෂ්කා නිෂාදි කුලරත්න



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails