Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



කඳුළට ම දිය වෙලා වැහැරුණ
කුදු ගැහුණ සිහි විකල් මව් සඳ
වාරු නැතියෙන් වැටී පොළොවට
හිඳී නිහඬව අඳුරු මුල්ලක

වියැලිලා ගිය ළපටි දෙතොලක
නිවී ගිය හුරතල්ම තෙපුලක
ගීතයක දුර මතක ඇවිලී
ගිනි ගනී පියෙකුගේ හදවත

නෙළුම් කවි වාරම් වෙනස් කර
රෝග කාරක ජයට විකුණුව
කෙළෙඹි කුලයේ සාධු ජනයිනි
සුදු ඇඳන් පේ වෙලා එනු මැන

ඔබට නිදහන් පහදවාදුන්
ළපටි තුන් කුළුඳුල් බිල්ල මෙය
පරඬලාවක් විලස කෘශ වී
සාලයේ උඩුකුරුව වැතිරෙන

කිමෝ තෙරපිය උනාගෙන ගිය
ළපටි මුහුලස කොයිද ඈ හිස..
ලැකර් තවරා පවු වසන විට
මහරගම ලෙඩ ඇඳක් පාමුල
වෙළඳ මහතුනි හමු වුනෝතින්
නොවැරදී මා වෙතට දෙනු මැන

රිහිරි සූරිය රකුසු දිවගට
පිනි බිඳක් පමණකි මලක තෙත
නමුත් මහතුනි මලක් යනු එක
ගසක් සතු මුලු මහත් පැතුම ය...

චිරන්ත ජයසේන



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails