Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



නමෝ විත්තියෙන් දරුවකු වදන්නී
නමෝ මරියනී දරු දුක විඳින්නී
නමෝතස්ස ගුණ සිහිකර වඳින්නී
නමෝ බුද්ධාය! පිහිට ද යදින්නී

”ඇහේ කඳුළු ගුලිවෙනවා ඇහැ නොදනී
හිතේ ගින්න ඇවිළෙනවා නුඹ නොදනී”
මහමායා වෙද නොවේද සිතන්නී
යසෝදරාවක වන්නට පතන්නී

රජවෙන්නට මාළිග නැත මගෙ පුතුනේ
කුළී ගෙවල් පේළිය මැද උඹ පිපුණේ
පිට දෙන්නට ඇසතු රුකක් නැති අරණේ
කාක බෝධි ළා දළු සුළඟට නැමුණේ

”බඩදරු ගැහැණු කල්වාරිය නඟින සඳ
සමනොල රෑන ඉගිලුණි තටු සළා බඳ”
කීරි ගැහෙන හද මත කිරි හිනා හඬ
ආත්මයම පතොක් මලෙක එතී එත

සිදුහත්ලාට හැකි වෙයි නික්මී යන්ට
රාහුල පුතුට සිදු වෙයි සැඟ වී ඉන්ට
දුක් ගිනි පමණි කුසගින්නෙම නිදියන්ට
කෙලෙසක ඉතිං යසෝදරාවක වෙන්ට

ගව ලෙන නැතිය පුතුහට උණුහුම දෙන්ට
පුන්සඳ පවා කැමතිම අඳුරේ ඉන්ට
ගුරු තරු ලකුණු නැත මඟතොට පාදන්ට
මවකට හැකිය හිම සීතල පරදන්ට

ගෙත්සෙමෙනියද ගෙත්තම් කළ සඳපානේ
සත්පියුමන්ද සුපිපුණි ගිනි තැබු හීනේ
රිදී ඉරක් පායයි පෙර සංසාරේ
ඇඟේ මසත් කිරි කළ හැක අම්මාගේ

”වැළපෙන පවුර සදාතනික තනිකමට
කිරි ගුහාව පුතුනේ සැප යහනකට”
ජූජක බමුණකුට මට බෑ දන් දෙන්ට
මගේ එකම පුතුනේ බෝසත් වෙන්ට

දුන්හිඳකට උසයි කැළැඹෙන සිතුවිල්ල
මහමෙරකට බරයි ඇස අග කඳුළැල්ල
දරු දුක තරම් නැහැ කිසිවක ඉවසිල්ල
රන්සුණුවෙන්ම තැනු දිදුළන හසරැල්ල

ගල් මුගුරින්ම ගැබ බැන්ඳේ නුඹ අතිනී
රළු කැට කැබලි ඒ පසුපස්සෙම ඇදුණී
වරදක් නොකළ ළය සත්කඩකට පැලුණී
මුල් ගල ගසන්නට නම් බැරි වෙයි රජුනී

තුෂාරි ප්‍රියංගිකා



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails