Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



තුරුමුල පෙම්වතිය නුඹ තව නොදිටීද
මුදු තුරුපත් කොහොම කොතරම් සසැලීද
නොසැලී සිටින මුත් තවමත් හැකිවීද
දැඩි රුක් බඳට කිසිවක් දීමට නුඹට

විඩාපත් ව විත් තුරු සෙවණේ වැටුණ
නුඹෙ සරතැසට පවනක් තිබුණිද හමන
හෙලු සුසුමකට වුව නිරතුරුවම සැලුණ
තුරුපත් නොවෙද සිසිලස සැදුවේ පෙමින

නොසැලී හිඳිනෙ නුඹ නොතකා සිටින නිසා
සෙනෙහස පාන විදියය ඒ සිතනු එපා
නුඹෙ බර නොදැනෙන්නෙ සවි වැඩි කෙනකු නිසා
ඒ සිත සෙනෙහෙ වැඩි කමිනැ'යි සිතනු එපා

සවි බල මඳ නමුත් සවිමත් කඳට වඩා
තුරුපත්මය දැවුණෙ දැඩි හිරු රැසින් දිවා
නුඹ හැඳිනී නමුත් රැකවරණයකැ ඉතා
රුක් බඳ රැකෙන්නෙත් මුදු පත් පියස නිසා

සුමුදු සඳරුවන් පෙරේරා



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails