Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



විසක් නොපිපුණ
ළපටි විෂ දල
පමණි අළු යට හමු වුණේ
සිලෙන් සිල බුර බුරා ගිනි නැඟි
තුරු සොහොන් මත මහ කැලේ

පහළ දොළ ළඟ
ගල් තලාවක
මී විතක් හිස් වෙනා සවසක
චෞර භීමද
රාජ වාසල සෙනෙවියකු හා
ග්‍රාම නායක
ලිහිණියාගල මහ කැලෑවේ
මිනිස් පුසුඹින් පිරුණ ගහ කොළ
බිම හෙළන කතිකාව කෙරුවයි
ගැජුම් නැගෙනා කලු අහස යට

වෑ වතට දිය ඌල උපදන
සතා සීපාවාගෙ නිවහන
සොඳුරු කන්‍යා වනය කෙලෙසා
අරටු නැව් නංවනා අරමුණ
ව්‍යාධි කැන්දූ පරංගින්නේ
ශීත බිම් වෙත මැදුරු නංවන
හුස්ම හෙළනා රුක්ෂයන්නේ
සිරුරු පා කර හරින අරමුණ
මුලින් සිඳලනු රිසින්
ඔබගෙන් වරම් පැතුවෙමි ඈත දිනයක

ඉතා උපරිම විසෙන්
සිව් දල දෂ්ටනයකින්
රැයේ මැදියම
පාපකාරී භීම බිමලන
වරම නොම දුන් කරුණ කිව මැන

ගංකරේ දුක් ගිනි උරාගෙන
වනන්තරයේ තෙදිනි හැසිරෙන
බලැති කඩවර දිවැස වැසුණිද
තැබූ පඬුරින් සංහිඳේ මුල
නුගය බිමලා විසල් දෙවොලක්
නැගෙන මතු දා ඔබේ වැසුමට
මගේ දරු දුක සාපයක් කොට
අසෙනි වේසෙන් හෙළමි ඒ මත.

[නාගයෙකු දස්ඨනය කරන්නේ කඩවර දේවියන්ගේ අනුදැනුම මත බවත් වදින දල ගනන සහ විශෙහි මාත්‍රාව එම දේව අනට අනුව සිදුවන බවත් පාරම්පරික විස වෙදැදුරන් අතර පවතින විශ්වාසයකි.]

චිරන්ත ජයසේන



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails