Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



එන්න මේ වැළමිටි වංගුවට
දුර පෙනේ සොරබොර මිතුරාණ
කෙත් යාය පෙමින් අස්වද්දන
යෝධ සවි බල බුලතාණ
අතීතය සිතින් අරගෙන
සොරොව්වට තබා සිරකොට
ටිකෙන් ටික දියවර ගලයි
ගොයම් ගසකුදු නොරිදාන

ඊ ගසක් වගේ දිවයන
මහඔයට යන පාර
තවම වල ගොඩැලි පිරි
මී දෙණුන් පවා නාවාන
අම්පාර දුවන බස් රිය
දුවයි මැසිවිලි නොකියාන
දූවිලි සළුව නැග එයි
රථ රෝදයෙන් ගිළිහී
තණපත් මුවෙහි සුදු තවරාන

"ඩී" ඇල අසල ගැවසෙන
මලවි සිතුවිලි මිතුරාණ
දියනාන තුරුණු සිරුරත
කොකුම් අංජන ලතු ගාන
සිතින් පැදකුණු කරන
හන්දියේ වීඩියෝ ශාලාව
ගිනි ගැණුනු සිතට හැඩ වැඩ දාන

කතිර මැස්මෙන් හැඩවුණු
දුහුල්වු සැට්ටය උඩින්
තිසරුන් ඇවිත් ඉඟිබිඟි පාන
වනේ වන හතුරන් වැදී
කිරි වදින දහදිය පාගාන
රාත්‍රිය රකින හිමිසඳුව
සිහිවී හඳුන් පොත කීගාන

රෑ බිසෝ මල් පිපුන මිදුලේ
සඳ එළිය ඇවිත් දැන් නිදියාන
තනි යහන දෙවොල් බිම
කවුදෝ ඇවිත් හොර රහසේම
ගිනි පන්දමක් අවුලාන

ජනපදේ දොරකවුළු වැසුන විට
මහියංගන සෑය දුරටම පේන
අනේ ගැත්තීට අනුකම්පාව
තිබෙයි තවමත් ඔබ ගාව

ගල් ගසන අත් ඇතිව සැරිසරන
පව් කරන කිලිටි වූ සැවුළාණ
හෙට උදෑසන කැළෑ ගිනිලාන
කවුරුවත් දුටුවෙ නම් නෑ නේද?

[සිතුවම: Antonio Curnetta]

කපිල එම්. ගමගේ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails