Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



ඉදිරියේ දිනෙක දි කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් රන්ජිත් කාදිනල් හිමිපාණන් තමන් හමුවීමට මරිච්චිකට්ටු කැලෑවට පැමිණෙන බවත්, එහිදි 2007 සිට පුරා වසර පහක කාලයක් තිස්සේ තමන් විඳි අපමණ දුක් ගැහැට, පීඩාවන් වලට නැවතීමේ තිත තබමින්, තමන්ගේ මූලික අයිතිවාසිකම වන සිය මුල්ලිකුලම ගමට යන්නට අවශ්‍යකරන පසුබිම සකසා දෙනු ඇති බවට තමන්ට විශ්වාසයක් ඇතැයි දැනට මරිච්චිකට්ටු කැලෑවේ දිවි ගෙවන මුල්ලිකුලම් හි අවතැන්වු ජනතාව සතුටින් ප්‍රකාශ කරති.

රාජ්‍ය ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟින් කතෝලික සභාවේ එඩේරාණන් වන අති උතුම් මැල්කම් රන්ජිත් කාදිනල් හිමිපාණන් ඉතාම ඉක්මනින් ඔවුන් හමුවීමට මරිච්චිකට්ටු ඝන කැලෑවට පැමිණෙන ආරංචිය ඔවුන්ට දැඩි මානසික සහනයක් ගෙන දුන් බව පැවසු මුල්ලිකුලම් අවතැන්වුවන්, "ඒ ගැන අපිට හරිම සන්තෝෂයි. කාදිනල් හිමිපාණන් අපි වෙනුවෙන් මැදිහත් වෙලා අපගේ ජිවිතවලට සිදුවී තිබෙන පීඩාව, අවමානය හා හිරිහැර සම්බන්ධයෙන් ගරු ගෝඨාභය මැතිතුමාව දැනුවත් කරලා හැකි ඉක්මනින් අපේ මුල් ගම වන මුල්ලිකුලම ගමට යන්නට අපිට සහය වෙනවා කියලා අපිට විශ්වාසයි." යනුවෙන් කාදිනල් හිමිපාණන් ගැන මහත් වු බලාපොරොත්තුවකින් යුතුව ප්‍රකාශ කළේය.


wikipedia.org

1990 වසරේ දි පළමු වරට ද, 2007 වසරේදි අවසන් වරට ද මුල්ලිකුලම ගමේ ජනතාවට අවතැන්වන්නට සිදුවිය. මුල්ලිකුලම ගම, මුළුමනින්ම දමිළ කතෝලික, ධීවර සහ ගොවි පවුල් 300ක ගෙන් සමන්විත වු මුහුදින් ද, ගොඩ මඩ ඉඩම්වලින්ද, ස්වයංපෝෂිත ජලාශ 08කින් ද සමන්විත වු ඉතාම සශ්‍රීක ගම්මානයකි.

2007 ට හා 1990 ට පෙර ධීවර රැකියාවෙන් ද ගොඩ-මඩ වැවිලි කර්මාන්තයන් තුළින් ද සත්ව කර්මාන්තයන් තුළින් ද ඔවුන් සමෘධිමත්, සුව පහසු, සාර්ථක ජීවිත ගත කළ'මුත් වර්තමානයේදි සිය මුල් ගම වන මුල්ලිකුලමට යන්නට අවසර නොලැබීම මත, විෂකුරු සර්පයින්, අලි ඇතුලු කැලෑ සතුන්ගෙන් පීඩා ලබමින්ද, රැකී රක්ෂා නොමැතිව ද, කුසට නිසි ආහාරයක් නොමැතිව ද, වර්ෂාවෙන් ද තදබල ලෙසට පිඩා විඳිමින් දැඩි චිත්ත වේදනාවලින් යුතුව ඔවුන් මරිච්චිකට්ටු කැලෑවේ අති දුෂ්කර ජීවිත ගතකරති. මෙසේ ජීවත්වන සම්පුර්ණ පවුල් ගණන 212 කි.

"අපේ මුල්ලිකුලම ගමේ අපිට ජිවත් වෙන්න අවශ්‍ය සියලුම දේ තියෙනවා. ගමට යන්න අවසර දුන්නානම්, අපිට කාටවත් කරදර කරන්න ඕනේ නැහැ. මෙහෙම කුසිගිනි උහුලන්න සිදුවෙන්නෙ නැහැ. කවුරුත් අපිට කන්න ගෙනත් දෙනකම් බලාගෙන ඉන්න ඕනෙ නැහැ. අපේ ගෙවල් ගමේ තියාගෙන..... කැලයට වෙලා මේ පොල්අතු පැලවල්වල හාමතේ ගින්දර උහුලන්න සිද්ධවෙලා තියෙනවා. නමුත්, මැල්කම් රන්ජිත් හිමිපාණන් අපිව මේ දුකෙන් ඉක්මනින් මුදවා ගනීවී කියලා අපිට විශ්වාසයි." යනුවෙන් මුල්ලිකුලම් හි අවතැන්වු වැඩිහිටියන් කාදිනල් හිමිපාණන් පිළිබඳව දැඩි අපේක්ෂාවෙන් යුතුව පැවසුහ.















[සියළු ඡායාරූප- lankadeepa.lk වෙබ් අඩවියෙනි.]

මෙලනි මානෙල් පෙරේරා



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails