Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



පෝය හතරක් ගෙවුණා
තවලන් දෙකක් ආවා
රාළේ උඹ ඒත්
තාම ආවේ නැතුවා

ඇනී පපුවේ ඊතල
පාර වැරදී ගොඩ උන
පළමු දවසේ ඉඳ
රාළේ උඹේ දුක
අහන් උන්නා තනියෙන් මම

කරුවල වැටෙන කොට
ඇහැරවා අඩි සද්දෙන් හිත
බීඩි පුසුඹෙන් මත් කර
රාසියක් කවි පද
කියා දුන්නා රාළේ උඹ මට

හඳ මුදුන් වෙනකොට
නැවතී හෙමින් අඬහැර
නිදිමතේ පෙරළෙනකොට
තුරුළේ හොවාගෙන
නිදි කෙරෙවුවා ඇහැක් විදියට
අන්තිමට ගොඩ උන දවසෙත් මම

පෝය හතරක් ගෙවුණා
තවලන් දෙකක් ආවා
ඉතින් වේදනාවා
ඒකෙ වග උඹ දන්නෙ නැතුවා

මැදලා නැති පොළොව නිදි සුව නැතුවා දෝ
පෙරළා නො එන්නට හිමයට වැදුණා දෝ
සොබනා පැලක පැදුරක් අඬගැසුවා දෝ
කිඳුරා වැටුණු තැන වත් ගොස් වැටුණා දෝ

අනුරාධ මහසිංහ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails