Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



එකෝමත් එක රටක මග නග්ග නග්ගා දිවි නග්ග නග්ගා හිටපු පොලිටික්කෙකුට චෑන්ස් එකක් වැදුනා ඇමරිකාවට ගෙහුං, ඒතුමාගෙ වර්ගයේම මකබාවෙක් විසිත්ත කොරන්ට. ඕං දැං ඒ ඇමරිකන් මකබාවා එකෝමත් එක රටේ මකබාවාට, ඒතුමාගෙ මාළිගාවෙ කෑමකට ඉන්වයිත්ත කොළා කියමුකෝ. එකෝමත් එක මකබාවා ඩිනර් පොජ්ජ ඔටා දමලා, ඇමරිකන් මකබාවා එක්ක මාළිගාවෙ සිරි නරඹන අල්ල පනල්ලේ ඕං බරට කතාව...
"ඔබතුමා කොහොමද සෙනේටර් කෙනෙක්ගෙ සැලරියෙන් මේ සා විශාල සැප මාළිගාවක් හැදුවෙ?"
සෙනේටර් මකබාවා අර උන්නැහේව අතින් ඇදන් ජනේලයක් ගාවට ගියා.
"මෙහෙ එමු. දැක්කද අර ගංගාව?"
"ඔව්."
"ඒක උඩ තියෙන පාලම පේනවද?"
"ඔව් සෙනේටර් ඔව්."
"සීයට දහයයි!"
සෙනේටර් තක්කඩි හිනාවක් දාල කණට කරලා රහස කිවුවා.

****

කාලෙ ගතවුනා. පස්සෙං පහු කාලෙක ඇමරිකන් සෙනේටර් එකෝමත් එක රටට ආව වෙලාවක යාලු මකබාවාව විසිත්ත කරන්න උන්නැහේගෙ පැල්කොටේට වැඩියා. පැල්කොටේය කිවුවට ඒක දොන්ත පත මන්දීරයක්. මිලියන ගණං වටින වාහන- අත ගාව සේවකයො- පය ගාව සේවිකාවො- ඇඳ යට පත්තර කත්තුරුවරු- පිළිකන්නෙ පක්කලියො- මිදුලෙ හිඟන්නො සිය ගාණක් එක්ක එකෝමත් එක මකබාවා ගෙවන ධාරානිපාත ජීවිතේ දැකලා ඇමරිකන් සෙනේටර්ට ඇඬෙන්න ඔන්න මෙන්න.
බැරිම තැන මිනිහා මෙහෙම ඇහුවා.

"රුපියල් වලින් පඩි අරගෙන ඔබ මේ සා සැපවත් ජීවිතයක් ගෙවන්නෙ කොහොමද යාලු?"
මකබාවා සෙනේටර්ව එක්කං ගෙහුං ජනේලයක් ඇරලා වම් කණෙන් පෙන්නුවා මොකද්ද එකක්.
"දැක්කද?"
"අහා ගංගාවක් නේ?"
සෙනේටර්ගෙ මූණට තක්කඩි හිනාවක් පෑවුවා.
"දැක්කද ගංගාව උඩ තියන පාලම?"
සෙනේටර් ඇස් පිහදාල බැලුවා. ජනේලෙන් එබිලත් බැලුවා.
"කෝ පාලමක් නෑනේ?"
"සීයට සීයයි!" මකබාවා කිවුවා.

(සෙනේටර් එක ඇහක් වහලා අනික් ඇහෙන් අඬන්න ගත්තා.)

ඔමරියා



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails