Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



නහරවැල් පුප්පගෙන - වෙළඳසැල් එල්ලගෙන
යටිගිරියෙන් කෑ ගසයි නගරය
නගරාධිපති තැන පමණක් ම නිහඬ ය

ලොතරැයි කූඩු තුළ බිජු ලා
රකින ගැහැනුන් බහුලය
පිං පොං බෝල පිපිරී
ගලයි උගුරක රැඳුණු රුධිරය

"තොටියා නිසා සිදු විය
සේරිවාණිජගේ මරණය
කච්ඡපුට නිදොස් කොට නිදහස් "
එයයි අධිකරණයේ වරණය

ජීරණය කරගන්න බැරි තැන
සැවුල් - සූකර - මත්ස්‍ය මේදය
කැලරි මර්ධන යන්ත්‍ර හවසට
"රිදෙන බැව්" කියනවා උදරය

නහරවැල් පුප්පගෙන - වෙළඳසැල් එල්ලගෙන
යටිගිරියෙන් කෑ ගසයි නගරය
නගරාධිපති තැන පමණක් ම නිහඬ ය ............

රුවන් බන්දුජීව



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails