Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



නැගෙනහිර බලා දිවෙනා බසයකි
මල්ටියක් බඳු
ගල් ගැසී කම්පිතව ඇති සෙයකි
යුද්ධයෙන් පසු

'නැගෙනහිර නවෝදය' නුදුටුවෙන්
බැණ බසින වෙළඳුන් අතර
මම සොයමි අසුනක්

ඉතිරි වී ඇති එකම එක අසුනත්
තරුණයන් දෙදෙනෙකුට මැදි වූ සොහොනක්
පිටතක් ඇතුළතක් නොපෙනෙන
සිරමැදිරියක් බඳු අසුනක්

ගම් පියස සිතින් සිහිකර
සොයමි මම ළා සුමුදු එළියක්
අඳුරුවන් තරුණයන් දෙදෙනා
වසාලයි මඳ සිහින් සුළඟත්

තෙත් කලාපය පසු කරන අතරේ
මම අසමි වියළි පැනයක්
තැති ගත්ත නෙත් සතරකින් අඳුරේ
පිළිතුරත් ප්‍රශ්නයක් ලෙසිනි මට ලැබුණේ

"සිංහල තෙරිය ඉල්ලෙයි"

මංජුලගෙ කවියක් හදිසියේ
පිටුවහලෙ සිට ඉගිළ එයි

"එය කවියකි
එහෙත් ඒ දෙමළෙනි
සිහලුන්ට නොතේරෙන්නේ
එබැවිනි"


මෙබිම මත මේ අසුන මත
පිටුවහල් මිනිසෙක්මි
ඇහැරෙමින් නිදියන නිදියමින් ඇහැරෙන
උන්ගෙ එක කවියක් තේරුම් ගන්න බැරි වුණ

එහෙත්
මට දැනේ සුසුමක්
සොයුරු උණුසුම් සුසුමක්
මගේ උරහිස මත වැටී
නිදිගත්ත පැතුමක්
එහි නොමැත වෙනසක්
උරහිස් නොහඳුනයි කිසි බසක්.

ලක්ෂාන් මධුරංග වික‍්‍රමරත්න



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails