Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



කුරුල්ලෙක් මිස නුඹ
මා නොවෙයි
මා සතු මෙ’ඉසුරු
නොමැත නුඹ වෙත
සිහිල් කුටි, දුවන පුටු
සතියකට තනිකර ම විවේකී දවසක්,
කවුළුවෙන් මෙපිට මගේ ලොව සිරි විඳින
පුංචි නුඹ දකින්නට මොහොතක්. .

ඊර්ෂ්‍යා නොකරන්න
පුංචි හොට කට හැරන්
විස්මයෙන් නොබලන්න
පිනි බිඳිති රැඳි දෑත්තටු පිසිමින්
නෝක්කඩු නොකියන් ඈට
නොතේරෙන කුරුලූ හඬින්

ඔය පුලූන් කෙඳි කූඩුව තුරුලෙ
මේ මහා නිදහස් අහස යට - කුරුල්ලෙක් මිස
තත්පරයකට නැවතී
සොබාදමේ නිහඬ සංගීතය අසන්නට
ආ මා නොවෙයි
කුරුල්ලෙක් මිස නුඹ
මා නොවෙයි

ඉසුරු අබේසේකර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails