Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



"ගමට ඡන්ද කාලෙට නම් ඕන තරම් මැති ඇමැතිවරු එනවා. ඇවිත් චන්දෙත් අරං යනවා. ආයේ ඉතිං දෙයියෝ බුදුං කිව්වත් දකින්ඩත් බෑ. අපි තවම කරුවලේ..... හැම ගමකටම විදුලිය යනවා. ඇයි අපි අම්පාරේ නෙවෙයිද? දැයට කිරුළ අම්පාරෙට නෙවෙයිද?"

ඕං ආයුබෝවන්ඩ මේ අවනඩුව මට කිව්වේ අම්පාර දිස්තිරික්කයේ මහඔය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ වරාපිටිය ගමේ ඉන්න උදවිය.... අම්පාරෙට නවෝදයක් කරගහගෙන දැයට කිරුළ මේ දොහේ පවත්තන්ට කටයුතු කොරගෙන යනවා කියන්නේ අම්පාරේ නොවෑ..... ඒත් ඉතිං මේ උන්දැලාට මෙදා කපේ විදුලිය තියා විදුලි කණුවක් නම් දකින්ඩ වත් බැරි හැඩයි. ළඟ දොහක ගමට ගොඩ බැහැපු රටේ මහත්තයෙක් කියල තියෙන්නේ මේ වගේ කතාවක්. "වරාපිටිය කියනනේ අපි නොදන්න තැනක්යැ, අපි දන්න කාලේ ඉඳං මේ ගමේ මිනිස්සු ටවුමට ආවේ ගියේ පයෙන්. දැන් මොකටද කරන්ට් ඉල්ලන්නේ?" ඉතින් ගං පොජ්ජ දන්න කියන රටේ මහත්තුරුත් කියන්නේ එහෙමයි නම් ආයේ ඉතිං මොන කතාද ආයුබෝවන්ඩ?

ගං දොහේ පවුල් හාරසිය තිස් හතරක් ඉන්නවා ආයුබෝවන්ඩ. පන්සලයි ඉස්කෝලෙයි තවම කරුවලේ. මේ උදවිය තවම පණගැට ගහගන්නේ කුප්පි ලාම්බු ආලෝකෙන්. සුනාමියට පිං සිද්ධ වෙන්ඩ හයිකොරගත්ත පාලමයි, අර කවුද එන්.ජී.ඕ. කියන උදවියක් දාල දුන්න, වැස්සට ගල් ගැලවී යන පාරත් හැර ආණ්ඩුවෙන් කියල කොරපු දෙයක් නෑ. ඕක තමයි කියන්නේ ලෝකට පරකාසේ. ගෙදරට මරගාතේ කියල. අනේ ඉතිං මේ උදවියත් ආස ඇති නොවෑ, කරන්ට් කෙන්දකින් බලුප් එකක් දාගෙන ඉන්ඩ. අඩුම ගානේ පොඩි එකකුට පොතක් පතක් බලන්ට.

"අපි අවුරුදු දා හතක් යූ. එන්. පී. එකට ඡන්දේ දුන්නා. දැන් මේ ආණ්ඩුවටත් අවුරුදු දහ අටක්. ඒ දවස්වල හිටවපු පොල් ගස් දැන් කනාටු වෙලා. ඒත් අපට තවම කරන්ට් එක නෑ." එහෙම කිව්වේ ආයුබෝවන්ඩ සුගතපාල මහත්තයා.



"පදියතලාව ප්‍රදේශිය සභාවට අයිති කොටසට දැන් හැම තැනකටම විදුලිය දීලා. මහඔය ප්‍රාදේශිය සභාවෙන් වැඩ කරන්නේ නෑ. කරන්ට් එක දැන් ඇවිත් තියෙන්නේ කිලෝමීටරයක් විතර ළඟට. එත් එතනින් මේ ටික දෙන්න කාටවත් ඕන කමක් නෑ. අපි හැම තැනටම ලිව්වා. එත් වැඩක් නෑ. ගමට එන නිළධාරි කියන්නේ අපට කරන්ට් එකෙන් වැඩක් නැල්ලු. ඉතිං අපි කාට ද කියන්නේ?" ඒ විදිහට අපිත් එක්ක දොඩමළු වුනේ උපනන්ද මහත්තයා.

ඕං ඉතිං ආයුබෝවන්ඩ. දැයට කිරුළ කියල ඉතිං නිකං කාබාසිනියා කොරන සල්ලිවලින් මේ උදවියට විදුලි වයර් එකක් දෙකක් ඇදල දෙන්ඩ කටයුතු කළොත් නම් කාට කාටත් පිං අත්වෙනවා. ඔන්න ඉතිං මේ වංගියේවත් කරන්ට් කම්බියක් ඇද ගන්ඩ බැරි වෙලා, අනෙක් වංගියේ ඡන්දේ හිඟා කන්ඩ යන උදවියට ඉලි පත්තෙන් තඩිබාන බව තමයි ගමේ බවලත් උදවිය කියන්නේ... ඒත් ඉතිං ඕකට මූත්තරා නොකර තඩිබානවා කියන එක තමයි පුදුමේ....

ඕං ඉතිං මාත් ගියා එහෙනං. කාට කාටත් තරහකට නෝක්කාඩුවකට නෙවෙයි ආයුබෝවන්ඩ එහෙම කියව්වේ. ඒත් ඉතිං ඒ උදවියත් අපේ රටේ අහිංසක මිනිස්සු නොවෑ. කාට කාටත් හොඳක් වෙනවා දකින්ඩයි මගේ මනාපේ ආයුබෝවන්ඩ.

ගාමිණී බස්නායක



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails