Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



විඩාපත් කොළොම්තොට අහස ඉකිබිඳ හඬන
කළු කඳුළු දෙකම්මුල් වසාගෙන ගලායන
තෙමෙන නොතෙමෙන දනන් අහසටම දෙස් තියන
පෙම්වතුන් පමණක්ම හිත යටින් හොඳ කියන

රන් පාට මධුවිතක් හෙමි හෙමින් තොලගාන
බඳුන පතුලෙහි නිතර ජිවිතය ඇත සිතන
හදවතේ රිදුන තැන් මුදු බවින් පිරිමදින
තෙත බරිත හැන්දෑව දිගු වෙන්න සිත පතන

බොහෝ කලකට ප්‍රථම බිඳුන වීදුරු බඳුන
හදවතේ අඳුරු කොණ කොනිති ගසමින් සිටින
මතකයක නිවෙන දැල්වෙන එළිය අත රැගෙන
නාඳුනන කෙනෙක් ජීවිතය තුළ සැරි සරන

මදි පුංචි කම් පාන පස මිතුරු කැල අතින
ඉතුරු වුන සිනා කැන් දෙපා මුල පතිත වන
ගගන තල ඉරාගෙන විදුලියක් පැන දුවන
සසල වුනු තරු බිඳක් ආයු කාලය හරින

ලෝකයක පැතුම් ගොණුවක් අතින් ගෙන සරන
බිඳ වැටෙන එකින් එක සියතින්ම වලදමන
දහක් පියවර නැගී නාඳුනන ලෙස මඩින
අලුත් බිජුවටක් එක්පෙති දෙ පෙති වී නැගෙන

ආකාස්මික ලෙසින් වැහි බිඳුවක් පැමිණ
ජීවිතේ වියළි ගිය දෙතොල් තනිවම තෙමන
නැගිටින්න වෙර සදන, ඇද වැටුන අතු අගට
තමන් සතු එකම පරසතු මලත් පළඳවන

නිදිබරිත නෙතු වැසෙන මැදියමක නිදිවරන
අවුල් වුන තැවුල් සිත මුදු අතින් සතපවන
මිහිරි කටහඬක් ගෙන මුදු පවන ලෙස හමන
ඉතින් හැර යනු හැකිද කෙනෙක් යළි පණ ලබන

[සිතුවම:Leonid Afremov]

කපිල එම්. ගමගේ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails