Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



ඇයි
මේ හැටි
රිදවන්නේ
කරකවා අත් දණ්ඩ ...

තොටිල්ලේ
තියං
පද්දන්නේ
ඇයි
මේ
කබල් ඔරුකඳ...

අත පය
වාරු කෝ
මට
ඔට්ටු අල්ලන්න
පෙර විලස
නුඹ එක්ක...

අද ආවේ
ඉන්න බැරිකමටයි
ගිලන් ඇඳ
උඩ...

මිනිහ නැති
බාල කෙළී ගේ
ගෙට
ඇවිත් නැහැ
බත් හැලිය
දෙදෝහක
සිට...

ලිහිණියනේ!
පියඹා විත්
පෙර මගට
පෙන්නපන්
නිමිති
මට...
ලොකු මාළුවෙකු
ගැන...

මුණුපුරන්නේ
මූණු වල
හෙට උදේ
පිපෙන මල්
දැක ගන්න...

සොඳුරියේ
බැරිද
නවතා දෙන්න
ගුගුර ගුගුරා
දෙස් තියන
මේ සුළං
ලැව් ගින්න...

නුඹ
එදා
මට දුන්න
ආදරය
අදත්
නුඹ ළඟ
තියෙනවද...

නුඹ
අදත්
නව යොවුන්
යෞවනිය
එහෙත්
මම
මේ කබල් ඔරුකඳ...

බලාපන්
සොඳුරියේ
ජීවිතය
සිතිජයෙනුත් ඇඑතට
පහව ගොස්
තියෙන
දුර...

සුනන්ද ගාර්දියවසම්



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails