Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



සර්පිනාව මෙන් විසාල කට විවර කර
වඩාගත්තේ මාව සීත බසයක් පිම්මේ දුවන

පිටකො‍ටුවේය තවම සර්පිනා කට අරිමින් වහමින්
උස මහත කෙට්‍ටු අය විටින් විට වඩාගනිමින්
සීත ඇන්ටාක්ටිකාව තරමට ගල් වුණ
අන්තිම සීට්වල හිම වලසුන්ද තුරුළුව ඉන්න
මේ ඉන්නේ ඇස්කිමෝවරු
අයිස් කුට්ටි හරි හත‍රැස්ව කපමින්ම

බම්බලපිටිය පසු කරන විටම
මදුනාගල අහසේ සඳ බලන්නට බල කරන
අපේ ඉලාස්ටික් බව මැන බලන්නට
ටිකට් දෙන මැෂිම එහා මෙහා ඇවිද යන
නෝනාවරු ට්‍රැවලින් බෑග අත්බෑග කර
එල්ලාන කර වට සුවසේ නිදන
මහත්වරු සීට් කර මත බූවල්ලන් මෙන්ය
ඇලවීගෙනය යළි නොගැලවෙන ලෙස

අඩි සීයේ පාර ගල්කිස්සෙන් මතුව
කාගෙදෝ නීල දෑසක් ගැනමයි කියන්නේ
මෙන්න ජැක්සන්ලා බොර දියේ මාළු බාන
කොකු බිලී පිති ගෙන
එකම අරමුණකට මුළු හිතම යොමු කරන

රත්මලානට බෙල්ලන්විල වෙහෙර පෙනෙන
මොර‍ටුවට කන්දෙ විහාරය අත ළඟය
මේ තරම් ලස්සනට හකුලුවන්නට පුළුවන්ද ලෝකය

කරස් ගා හැපෙන තරමට සනීපයි මගෙ සිරුර
නවන්නට දිග අරින්නට කුඩ වගේ ඇහැකි ලතාවට
සිංදු සීයක පද හාරසීයක් දගලන්නේ උගුර ළඟ හෙමිහිට
මේ තියෙන්නේ නා ගහක් මල් නැතත් ලස්සනට
සර්පිනා කට හායි ගා විවර කර
අත් හරින්නකො හතරමංහන්දියෙන් මේ සිරුර

කාංචනා අමිලානි



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails