Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



රැළි ගැසී සම
ගතද මහළුව වුව
"බේරේ" තවම බේරේ
සවස් ඉවුරේ ඔබ සොඳුරු රුව

මසු සොයා සියුම් රැළි වෙහෙසා
දුක ගයන හබල් පහරද ඉවසා
වත කොනෙක අනුන් කිළි ගවසා
කිව! නිවු අයෙක් විද ඔබේ සා පවසා

සැඩ හිරු රැසද වළඳා
මසු සොහොන් බඩතුරෙහි සඟවා
කරදිය වළලු පැන ආ
අනවරත අතවරද සහසා

පෙම්පුරාවත ලියනා -පෙම්වතුන් විසි කරනා
මතක ගෙන පෙමිනා - රාසේම පපුතුරේ සඟවා
මෝය මුවදොර හිඳ-කිඳුරන්ට ගී ලියනා
හුදකලා දූපත ළඟ -මිතුරනි! දුටුවාද ඇය හඬනා

ධනුෂ්කා නිෂාදි කුලරත්න



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails