Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



වසර ගණනාවක් පුරා වීදිය නිවහන කොට ගත් තරුණයෙකු ඇද වැටුණු ගසක හිස් බිලයක් තුළ මිය යමින් සිටිය දී බේරාගන්නා ලදි.
-පුවතක්


ගිම්හානයේ සීතල
ගැරඬියෙකු වගේ ඇවිදින්
අචල තාපික නොවන හදවතක්
සදා ගන්නැයි කියා කියනකොට,

දරනු බැරියෙන් විකල් වන සිහිය
අම්මා ගෙ ගැබ කෙතෙක් උණුසුම්ද
උපවිඥානගත මතකයේ
කුළුදුල් ම ස්මෘතිය සොයා යයි

ශූණ්‍යය අනන්තව හිඳින කළ
මිනිසෙකුට නම් නොහැක තනියෙන්ම
බොල් පුරා ජීවිතය පුරවන්න
පියලි දෙකකට හදක් තැනෙන්නේ
තව මිනිස් හදක් ළඟ පෑහෙන්න

සියතින් ම වල කපා වැළලෙන්න
බිමක් නැත්තෙන් සිතන්නට බැරිය
යාතිකා ඇසුණු දෙවියෙකු පැමිණ
මා නිසා ගසක් බිම හෙලූව ද
ඒ ගසේ කුස පුරා
වැතිරෙන්න හිස් තැනක් මැවූව ද

දෙ පෙති හද සීතලට බරවේය

දැව මුවා දෙණක සුව
පණ පිටින් විඳින්නට පේවෙමී
අම්මාගෙ කුස ය මේ සිතාගෙන
පා ගසන්නේ නැතිව
නො රිදෙන්න සීරුවට සැතපෙමී

සංවේගදායී - ගිම්හාන හිම වැස්ස
කල් පිරී ඇත බිමට පැමිණෙන්න
ඉදින් මේ තුරු බිලය නො හිස් වේ
මා නිසා හිස් තැනක් පිරී යේ

සුභද්‍රා ජයසුන්දර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails