Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



බඩ ගගා විසල් තුරු මුදුන් වල
කටු ඉඹුලෙ කටු- යටි පතුල් වල
අයැද රොන් ගිරි හිසක මල් වල
බැන්ද මී වදේ-
ගෙයි යට ලීය මැද ඉහල...

එන්ට පෙර සමනල්ලු මල් රොනට
හිරුටත් හොරෙන් පියෑඹුවෙ වලට
ඉඩ දෙමින් හෙට පිපෙන මල් වලට
බෙහෙත් තෙල් තැවුම් අත් පා වලට...

නොසෑහෙන බර හිසේ මැදි කරන්
කූඹි වැල් රැස් කෙරුවෙ තොග පිටින්..
ගං වතුර ආ දාට නොගොහින් ගෙයින් පිටත
තමන් තම්මැට්ටමට ආ වඩන්..

මල් පෙත්තෙ පාට ගෙන - සිල් රෙද්ද පොරෝ ගෙන
දොඩවමින් චාටු බස් කරේ අත දමා ගෙන
තබා අත් පොත් මලට ගැබ්බරට
සමනල්ලු ගොස් තවත් මල් වෙතට...

පුරාවට ජීවිතේ මී වදේ පැණි පුරා
අද නොවෙයි හෙටයි හොඳ- අනාගතයක් කරා
ලෙව කන්නවත් අතට පැණි බින්දුවක් නොදී
හොරෙන් හොරු අරන් ගොස් යට ලීය හිස් කරා...

ජයන්ත නිමල් සිරි



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails