Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



හුළුගඟේ දිය කඳ
වැසි දියෙන් පොහොසත්ව
කෑගසා ගෙන ඇද වැටේ
අම්මා කෙනෙකුගේ
විලාපය විලසට

මේ නොවැම්බර් මාසය
පුතුන් ගෙන ගිය කාලය

වනවදුළු, ලිය ගොමු අතර
මල් පිපේ නෙක පැහැයට
උරාගෙන පොහොර ඇඟ මස
බරසාර සිතිවිලි සමග

සොය සොයා දොරින් දොර
ඇවිද ගිය මහළු ඉර මල
පිල මත හිඳී අමතකව
උප්පැන්න සහතිකේ අංකය

මේ නොවැම්බර් මාසය
පුතුන් ගෙන ගිය කාලය

මල් පැල අතුරුදන් සඳ
සඳ දැල්වුනද පල නැත
ආරාම ගොඩ නැගූවන්
පැජරෝ වලින් යන කල

සූරියකන්ද පාමුල
කැනූ වළ, වල් වැදී සැඟවිණ
අපවිත්‍ර කල පිය ලකුණු රැස
සඟවා ගනී වල් පැල

මේ නොවැම්බර් මාසය
පුතුන් ගෙන ගිය කාලය

සමකය බෙදා වෙන් කල
ලෝකය තිබේ සැහැසිව
මල'සුන මතෙහි පහරන
සුදු ඇඳි සතුන් ගහනය

සැමරුම් කවිය අමතක
වීණාව ඇත දෙපළුව
නොබිඳී ඉන්න නොහැකිව
උනුනුන් ඉතින් දෙතැනක

මේ නොවැම්බර් මාසය
පුතුන් ගෙන ගිය කාලය

කොට්ටව කැලේ පැළවුණ
එරබදු ගසක පිපි මල
රතුපාට සළු පිළි හැර
නිරුවතින් සිටිනු කෙලෙසක

විළි නහර සිඳ හල
ඕජස් ගලන කුණපය
බෙදා ගනු නොහැකි විට
කා වැටෙන හැටි ඇසුණි ද

මේ නොවැම්බර් මාසය
කොතරම් හොඳ ද නුඹ නැති එක....

කපිල එම්. ගමගේ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails