Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



කළුතර උතුර දුම්රිය පිටවීමේ දොර‍ටුව
තල්ලු කරයි ඔබ බදාදා පොළ වෙත

පොල් ගෙඩිය බිම බලාගෙන
දෙල් ගෙඩිය බතල ගෙඩි අතර වැජඹෙන
මයියොක්කාය ගලවාගෙන තම රතු කබා
අතරින් පතර කොච්චි සහ මඩ පුවක්
ඔවුනොවුන් ගෙළ සපාකන තරමින් කුරිරුව

වම්බො‍ටු තමන්ගේ දම් පාට පෙන්වමින්
හිටගෙන අන් අයට පෙනෙන උසකට
වට්ටක්කාය කහ පාටින් ළමැද පෙන්වන හැමට
මට බෑ තවත් හැංගී ඉන්න
ගෝවා එන්නේ ගලව ගලවා තමන්ගේ සළුපොට
ලැජ්ජා නැද්ද ඔහේට
උඩ ඇඳුම් ගලවා යට ඇඳුම් පෙන්වන්න
දෙකට පැලෙන්නට නියමිත ප‍තෝලයෙකු අසන

කට්ට කරවල මැස්සන් කැදවන
හාල්මැස්සන් උඩබැලියෙන් වැතිරීගෙන ඉන්න
කීරමින් කාගේත් පැත්තක් නොගන්න
මට බෑ මේ විකාර තවත් නම් ඉවසන්න
සැමන් ටින් කිහිපයක් අල්ලපු කඩෙන් පැන එන

තවත් දුම්රියක් අලුත් සෙනඟක් විසි කරන
පරණ අය ගාලු පාරට කරුණාවෙන් යොමු කරන
බදාදා පොළ එළවළු කිහිපයක් අතේ එල්ලී ගෙදර එන

කාංචනා අමිලානි



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails