Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



මා මතක ගල් ගැසිණ එසැනින්
සක්ක පද පිරුණු කවියක්
ඉක්මවා බැන්ද බව
පේ‍්‍රමයක් අප කවියෙන්,
මන්දාරම් නුවර දී
අලූසුදු වහින පිනි හිම
ඔය නළලෙ ඉකි ගහන
කොණ්ඩ ගස් අස්සෙන්
බේරී බේරී කියනකොට
දැන් ඉතිං ඔබ යන්න...

වැළඳ ගැනුමක් තියා සමුගැනීමක
ඇසින් ඇස නිහඬ පෙම් කිරණ කිරනා
දෙපසින්ම ඇද ඇදා දික්කරන
තප්පර කිහිපයක ඇස් බැලුම් හුසුමක
අයිතිකරුවන්ද නොහැකි විය වනු අපට
අප දෙනුවරක් කළ ඔබෙ නුවර - මන්දාරම් නුවර
සියක් ඇස් අප ඇස් සමග
සරල රේඛා ඉරි ගසන

හැරී ආපසු බලන එක බැල්මකට
හැලුවෙමු අතීතයත වෙන්ව යන හමුවීම

තිත් පේලියක් හිස්තැනක් වන
මේ අත අතහැරුම අප අතර
පිරවීමටය හිස්තැන් රාශියක්
අත අතනෑර ඔබට පැවරුණ

ජීවිතේ බහුවරණ කරගනිමි මෙතැන් සිට
හෝ දහය කිය කියා ඇස් වසන් ඉරි ගසන

කන්දෙ හංදිය හරියෙදී හරියටම
පුලුලුකුල් සිහින් ඉඟ ඇති වංගු
හරව හරවා පෙන්නන විටදි
ආපස්ස - අතීතය
හෙවනැල්ල දවාලන ඌෂ්ණෙකි
මන්දාරමකි
මෙතැන මා පසු කරන තැන..

සුදර්ශන සමරවීර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails