Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



සිසිවන උවන වුව පවනට යන ගතින
සකි නුඹ කෝම සඟවනු රිසි හදවතින
කිසි බැල්මෙකින් ඇල්මෙක් නොනැඟෙනා වින
ඇසිරෙක හිඟියකුදු ලද්දේ විද කෙදින

ඉඟ මිටකට සරිය හිඟකම මිස දෙයක් නැති
සඟවන ළයට ළය මිස සැදි ළැමක් නැති
කුමරකු පෙමට මන නඳ හැඩ රුවක් ඇති
හෙට එති සිහිනෙයකි නුඹ වෙත හෙටක් නැති

කොඳමල් සිනා එව් පවසන්නේ කවුරු
ගිනිහල් ගේහි ගිනි නැඟ හස වට පවුරු
පිරියම් කළ නො හෙව් කම් මේ බව ඇතිරු
සැනහෙන් සිතා සකි සඳ හද වත සොඳුරු

ඉසුරු අබේසේකර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails