Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers


මේ දකුණු කොරියාවේ ජිඔන්යූ අන්තර්ජාතික සිනමා උළෙලේ දී (JIFF - JEONJU INTERNATIONAL FILM FESTIVAL) ශ්‍රී ලාංකික සිනමාවේදී අශෝක හඳගම සමඟ පුවත්පත් කලාවේදියෙකු කරන ලද සම්මුඛ සාකච්ඡාවක සිංහල පරිවර්තනය යි.

මේ චිත්‍රපටය හදන්න ඔබව පෙළඹවූ හේතුව කුමක්ද?

JIFF ප්‍රේක්ෂකයින්ට මතක නම්, මම මුලින් ම ඔවුන්ට ඉදිරිපත් කරපු චිත්‍රපටය ‘මේ මගේ සඳයි’. ඒ 2000 වසරෙදි. එය එම වසරේ හොඳම චිත්‍රපටයට හිමි Wusuk සම්මානය දිනා ගත්තා. එහි තේමාව වුණේ අපේ රට තුළ එවකට පැවති, බැලු බැල්මට අවසානයක් දකින්නට හැකි වෙතැයි කිසිවෙකු නොසිතූ යුද්ධය නිසා, ඉතා දුෂ්කර මායිම් ගමක විසූ සිංහල ප්‍රජාවක සාමාජිකයින් සතු වටිනාකම් සහ සම්බන්ධතාවල ස්වභාවය වෙනස් වූ ආකාරය යි. ඒ ‘කිසිදාක අවසාන නොවෙතැයි පෙනුණු යුද්ධය’ 2009 මැයි මාසෙ දි එල්ටීටීඊ යුධ යාන්ත්‍රණය රජය හමුදාමය යුධ බලය විසින් විනාශ කර දැමීමත් සමඟ අවසන් වුණා.


ඉතා දීර්ඝ වූ වසර තිහක් තිස්සේ ඇදී ගිය යුද්ධය නොසිතූ අවසානයකට ළඟා වුවත් එයින් මේ ර‍ටේ සාමාජයීය ජීවිතයට වුණු බලපෑම එතරම් ඉක්මණින් නැති වෙලා නෑ. යුද්ධයෙන් විනාශ කරන ලද උතුරේ ගම් සහ නගරවල යලිත් ජීවිතය හුස්ම ගන්නට පටන් ගැනීමත් සමඟ පීඩාවට පත් ප්‍රජාවන් දැන් මුහුණ දෙන්නේ වසර ගණනක් තිස්සේ ඔවුන් දිනා ගන්නට යුධ වැදුණු ‘වාර්ගික නිදහස‘ටත් එහා ගිය නවතම ගැටළු රාශියකට යි.

ජීවත්වීම සඳහා කෙරෙන අරගලය යුද්ධයටත් වඩා අමිහිරි, අවදානමින් පිරි, අසීරු එකක්... ශීඝ්‍රයෙන් වෙනස්වෙන තාවකාලික මහා පරිමාණ සංවර්ධන වාතාවරණය තුළ ‘ජීවිතේ කුඩා අංශුවක්’ වෙනුවෙන් සටන් වදින, දුක් විඳින මිනිසුන් මා දුටුවා. ‘යුද්ධය’ හෝ ‘යුද්ධයේ අවසානය’ යන ද්වයම ‘යුද්ධයට විසඳුම‘ නොවන බව රජය සහ ජනතාව යන දෙපාර්ශවය ම වටහා ගත යුතු බව මට හැඟුණා.

ඔබේ චිත්‍රපටයේ ප්‍රධාන ‍තේමාව මොකක්ද?

කෙටියෙන් ම කිව්වොත් ‘ජීවිතය සියල්ලට ඉහළින්’...!

සංග්‍රාම භූමිය මත සිය ජීවිත පූජාකළ නිර්භීත වීරයින් අප කොතෙකුත් දැක තිබෙනවා. එබඳු මරණ යුද්ධය තුළ දෙපාර්ශවයෙන් ම උත්කර්ෂයට නැංවුණා. නමුත් ජීවිතයේ ඇත්ත වටිනාකම තියෙන්නේ වෙන තැනක. ‘ඉනියවන්’ කියන්නේ සියලු සමාජ- දේශපාලනික යථාර්ථයන්‍ විසින් වඩ වඩාත් බියකරු සහ මරණීය බවට පත් කරන ලද ‘ජීවිතය’ සඳහා වන සටන ගෙන යාමට අධිෂ්ඨානයෙන් අරගල කරන්නාවූ සියල්ලන්ට පිදෙන උපහාරයක්.

JIFF හි කොටස් කරුවෙකු වීම ගැන හැ‍ඟෙන්නෙ කොහොමද?

JIFF කියන්නේ මම හැමදාමත් ආසාවෙන් මගේ නිර්මාණ ඉදිරිපත් කරන තැනක්. මම JIFF වලට සම්බන්ධවෙන්නෙ එය පටන් අරගෙන දෙවන වසරෙ ඉඳන්. එහි දී මුල ඉඳලම චිත්‍රපට නිර්මාණකරණය සැලකුණේ කිසියම් කලාත්මක ප්‍රකාශනයක් ඉදිරිපත් කරන බැරෑරුම් විධික්‍රමයක් ලෙස සහ කෙනෙකු‍ට නිර්මාණ විශ්වාසයක් ඇතිව අනාවරණය කළ හැකි තැනක් ලෙස. මට හරිම සතුටුයි එබඳු වැදගත් උළෙලක සමීපතමයෙක් වෙන්න ලැබීම ගැන. මම හරිම කැමැත්තෙන් තමයි මෙහි රැ‍ඳෙන්නෙ.


සිනමාව කියන එක ඔබ අරුත් ගන්වගන්නෙ කොහොමද?

මට සිනමාව කියන්නෙ හුදු රසවින්දනයකට එහා ගිය දෙයක්. හරියට ම කිව්වොත් එය ‘සමාජාවබෝධයට පත්වීමේ’ මාවතක්. ඒ නිසා මම මගේ නිර්මාණ සලකන්නේ භාරදූර කාර්යයන් විදිහටයි. චිත්‍රපයක් හදන්න පටන් ගිනිද්දි මම සූදානම් වෙනවා දුක් විඳින්න සහ කැපකිරීම් කරන්න. මම මේ තාක් කරල තියෙන්නෙත් එහෙමයි. ඉදිරියටත් ඒක එහෙම ම වේවි.

වාණිජ යථාර්ථයන් තුළ හුඟ දෙනෙක් විශ්වාස නොකරන දෙයක් තමයි සිනමාවට මිනිස්සු වෙනස් කරන්න පුලුවන් කියන එක. මේ තාක් සාර්ථක වෙන්න බැරි වුණත් මම තදින් ම විශ්වාස කරනවා එය කළ හැකියි කියලා.

ඔබට ප්‍රේක්ෂකයින් සමඟ බෙදා ගන්නට පණිවුඩයක් තියෙනවද?

මේ චිත්‍රපටය තමයි මම දෙන පණිවුඩය; කිසියම් නිශ්චිත පණිවුඩයක් චිත්‍රපටය තුලදී නිවේදනය නොවුනත්.


මට නිරන්තරයෙන් ම මගේ ප්‍රේක්ෂකයා සමඟ බෙදා ගන්නට අවශ්‍ය දේ තමයි අපි මේ ජීවත් වෙන සමාජය පවතින්නේ, තියෙන්න ඕනෙ හොඳම විදිහට නෙවෙයි කියන එක. අපි එකට එක්ව එය වඩා යහපත් තැනක් බවට පත් කළ යුතුයි. සිනමාව කියන්නේ අපේ අවි ගබඩාවේ තිබෙන ඉතාම සංකීර්ණ ප්‍රබල අවියක්. ඒ ගැන ඇති විශ්වාසය කිසිවිටෙක බිඳ ගන්න එපා!

උපුටා ගැනීම- JIFF වෙබ් අඩවියෙන්
පරිවර්තනය - මාලතී කල්පනා ඇම්බ්‍රෝස්



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



Praxis සාමූහිකය විසින් සංස්කරණය කරන Praxis සඟරා‍වේ ප්‍රථම කලාපය එළි දැක්වීම සහ අන්තෝනියෝ ග්‍රාම්ස්චි ගේ 75 වන සැමරුම වෙනුවෙන් පවත්වන සම්මන්ත්‍රණය 2012 අප්‍රේල් 25 වන බදාදා ප. ව. 3 ට කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.

මෙදිනට කෙටි චිත්‍රපට ප්‍රදර්ශනයක් සහ සංගීත වැඩසටහනක් ද පැවැත්වීමට කටයුතු යොදා ඇත.



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



අපේ රටට අවශ්‍ය ඇත්ත වශයෙන්ම දේශපාලන පක්ෂද? නැතිනම් සමාජ ව්‍යාපාරද? පොදු පිළිගැනීම අනුව වර්තමානයේ හතු පිපෙන්නාක්සේ බිහිවෙන පක්ෂ විනා සෘජු හා ජනමූල සමාජ ව්‍යාපාර බිහිවීම විරල සිදුවීමක් වී ඇත. එබැවින්ම සමාජ ව්‍යාපාරයක අවශ්‍යතාව දැඩිව දැනෙන අවධියක සමාජ ව්‍යාපාරයක් වෙනුවට තවත් එක් පක්ෂයක් බිහිවීම එක්තරා සිදුවීමක් පමණක් තත්වයට ඇද වැටීම වැලැක්විය නොහැක්කකි. එසේනම් "පෙරටුගාමී සමාජවාදී පක්ෂය" යුගයේ අවශ්‍යතාව හඳුනා නොගත් විකල්පයක් බව කිව යුතුය. මෙහිදී ශ්‍රී ලංකාව වැනි බහු වාර්ගික, බහු ආගමික හා බහු පාක්ෂික නාමික සමාජවාදී රාජ්‍යයකට වඩාත් උචිත වන්නේ ධනේෂ්වර ක්‍රමය උද්දීපනය කරමින් ක්‍රියාත්මක වන පක්ෂ ක්‍රමයක්ද? නැතහොත් සමාජයීය ප්‍රතිසංශෝධනයකට පාර කියන සමාජ ව්‍යාපාරයක්ද යන සමාජ යථාර්ථය වටහා ගැනීම වඩාත් වැදගත් වේ.

උදාහරණ ලෙස ඉන්දියානු ජාතික ව්‍යාපාරය ගෙන බලන කල්හි බහු වාර්ගික බමුණ කුල පවා දැඩි ලෙස භාරතීය සමගිය බිඳදැමූ මොහොතක ජාතික ව්‍යාපාරයක් ලෙස ක්‍රියාත්මක වී වැටෙන්නට ගිය ජාතික සෛවරිත්වය නැවත ඔසවා තැබුවේ එයයි. ලංකා ජාතික සංගමයට එය කල හැකි නොවූයේ එය ජාතික ව්‍යාපාරයකට වඩා සර්ව පාක්ෂික පක්ෂයක ලක්ෂණ පෙන්වීම හේතුවෙනි. කෙසේ වෙතත් පක්ෂයකින් කල හැකි දෙයට වඩා පුළුල් මෙන්ම ස්ථිරසාර වෙනසක් සිදු කිරීමට ජාතික ව්‍යාපාරයකට හැකියාව ඇත. ජාතික ව්‍යාපාරයක් ලෙසින් පැටි අවදියෙන් ක්‍රියාත්මක වෙමින් තිබූ බොහෝ ව්‍යාපාර පක්ෂ බවට පත්වීමත් සමග මහජන විශ්වාසය බිඳවැටී ඔවුන් ධනේෂ්වර හෝ ලිබරල්වාදී මූල දේශපාලන පක්ෂ බවට ජනමතය ගොඩ නැගී කඩා වැටුනු අවස්ථා අනන්තය.

එසේනම් ජනතා විමුක්ති පෙරමුණ නැමති ශ්‍රී ලාංකේය දේශපාලන ඉතිහාස කතාවේ වාමවාදීව වෙනස්ම මගකට පොදුජන විඥානය ගෙන ගිය පක්ෂයක ඇදවැටීමත් සමග එහි විකල්ප මතධාරීව බිහිවුණ "ජන අරගල ව්‍යාපාරය" පක්ෂයක් බවට පත්වීමත් සමග එය පොදු කුලකයට වැටීම වැලැක්විය නොහැක. නමුත් ආකල්පමය සංශෝධනයකින් තොරව පාර්ලිමෙන්තුවේ අසුනක් දෙකක් ගෙන වාද හරඹ කරමින් මේ රටේ විකල්ප මතයක් ගොඩ නැගිය හැකියයි කිසිවෙක් තර්ක කරන්නේනම් ජනතා විමුක්ති පෙරමුණට දශක තුනක් තිස්සේ කලහැකි නොවූ දෙය පෙරටුගාමී සමාජවාදී පක්ෂය කියනාතරම් ඉක්මණින් කරන්නේ කෙසේද යන්න සැබෑ ව්‍යාකූල සැලැස්මකි.

මේ රටේ ජනතාවගේ මතය වී තිබෙන පක්ෂ පාට සංකල්පය අතුගෑවී යන වටපිටාවක් නැති හෙයින් ජන අරගල කණ්ඩායම ඒ මතයටම අනුවර්තනය වූවා යන්න සැබෑ කෝණයකින් බැලූ කල්හි පෙනෙන සත්‍යය වේ. නමුත් රටට ජාතික ව්‍යාපාරයක් අවශ්‍ය මොහොතක අතීතයේ ඉන්දීය ව්‍යාප්තවාදහ හා බටහිර අධිරාජ්‍යවාදයට එරෙහිව ජවිපෙ නැගිට්ටාක් මෙන් පියවරෙන් පියවර පෙරටුගාමී සමාජවාදී පක්ෂයට නැගිටින්නට තිබුණි. එහෙත් දැන් පක්ෂය අරඹා අවසන්ය. එසේනම් කල යුත්තේ ජනතා විමුක්ති පෙරමුණට වැරදුණු තැන හඳුනාගෙන රටට වැරදුනු තැනත් හඳුනා ගැනීමයි. නොඑසේනම් පෙරටුගාමී සමාජවාදී පෙරමුණත් තවත් එක් බෝඩ් ලෑල්ලක් පමණක් බවට පත්වනු ඇත.

ජනරඟ විජඉඳු දේවසුරේන්ද්‍ර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



ගැඹුරු නිහඬ බව බිඳිමින්
ගලා බසී රයින්* ගඟ දිය
අඳුරු හෙවණැළි පසු කර
නැෙඟන රළ ගෙඩි බිඳ බිඳ
පයට පෑ පොඩි වැලි කැට මඟ හැර

ගාන්ධර්ව සිහිනය අතෑරී
ආතුර වුණු මාලගිරවුන් අතර
හිස ලා ගත් වැසුම විසි කොට
රයින් නිම්නය කෙළවරම
ඔපෙරාවක කැඩුණු තනු වැයූ
ගාම්භීර තත් කෙඳි
හිඳින්නේ ඇයි - බැස යන වෙසක් සඳට ළං වී
කඳුළු කැට දෙකක් මිදෙන තුරු
ඉර හඳ තරම් සුවිසල්
දෑස් මත..

වැහි ලිහිණි පෙම්බස් අසන්නට
විලෝ තුරු පෙළ නැමී දිය මත
සැනසුම් සුසුම් හිනැහෙයි
නඟා අත් තල
නා ගසක් මවා ඇස් මත්තට
නා දළු නටයි සුළඟට
රයින් ගංතෙර මකා ඉඳහිට
ඕවිටක නිල් දම්පඳුරු යට මතකෙට..

කුරුළු පැටවුන් දඟලන තරමට
ගී ගයන්නට පුරුදු කර කර
හුස්ම පිම්ඹේ සරිගමපදනිස
කෝකිලාවන් විදා අත්තටු
තබා නළලත වඳී - පිරිනිවන් මංගල්ලෙට
අම්මාවරු හද දුකම පිරෙන කොට..

"හඳුනා ගත්තොත් ඔබ මා"**
සංසාරය පණ ගැහෙන බව නිසැකයි
ලිස්සා හැලුණු ජීවිතය අද්දරට
පිනි බිංදුවක් වැටෙන බව සත්තයි
"ගිනිගෙන රත් වුණු දවසක්
සැනසුණු එක හැන්දෑවෙක - උදුම්බරා හිනැහෙනවා"**
පා පතුල ගැටෙන පියගැටපෙළ උඩ
මිහිරි ගීයක දෝංකාරය තවරා
අලුත් ඉසව්වකින් - ඉරට ඇහැරෙන්නට කියයි
"ඔබ මා නොව"න වග එහි ලියයි
රයින් ගඟදිය ඔහෙ ගලයි

පේ‍්‍රමයක් නම් වෙතැයි කිසිවිට
සිතන්නේ නැති සිත් යට
සිරිමත් පබළු අමුණන
හුයක් ඇති බව සිතෙන විට
පුදන්නට කිරිඉද්ද අහුරක්
සොයන්නට පුළුවනිද!
රයින් නදියේ විලාපය අස අස
හුදෙකලාවට අත් ඇල්ලූ කෙනෙකු
සිටියේ ම නැති දවසක
හීන් සැරේ සමු ගෙන ගිය
රිද්මයෙන් තෙමෙයි කව
පාට සිත්තම මකා දා
අලුත් කැන්වසය දිගු කළ
යන්න ගිය එකම එක මිනිසා
රයින් ගඟ අසබඩ
හීන සිත්තමෙන් හිනැහෙයි
කුමුදු මල් පෙති මත - මහා මියැසි රුව පා වෙයි!

*රයින් ගඟ- ස්විට්සර්ලන්තයේ ඇල්ප්ස් කඳුවැටියෙන් පටන් ගෙන ඔස්ටි‍්‍රයාව, ප‍්‍රංශය, ජර්මනිය, නෙදර්ලන්තය වැනි රටවල් කිහිපයක් පසුකර, උතුරු මුහුදට වැටෙන ගංගාවකි.

**කේමදාසයන් තනු තැනූ ගීයකින් උපුටා ගත් පද.

තුෂාරි ප්‍රියංගිකා



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|

හයිකු | හයිකු- 8

Posted by BoondiOnLine 4.19.2012



මෙහෙමත් නිහැඬියාවක්
ගී ගයන රැහැයියන් පවා
උණුසුම් ගල්කුළුවලින්
වෙළාගෙන

-බෂෝ
පරිවර්තනය - මාලතී



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



මා ඇස් අරින විට සිටියේ
ඝන තරලයකින් පිරි
සුවිසල් අඳුරු නළයක් තුළ
වේගයෙන් ඉදිරියට වීසිවෙමෙනි.

කිසිවක් වටාහා ගත නොහී
බියෙන් භ්‍රාන්තව වී සිටි මා
වට පිට බැලූ කල්හි
මා හා සමාන හැඩරුවෙන් හෙබි
සුවිසාල පිරිසක්
මේ නළය තුළ
එකිනෙකා පරයමින්
ඉදිරියට ඇදෙන අයුරු
පෙනෙන්නට විය.

උන් පවසන පරිදි
ස්වර්ගය පවතින්නේ
මේ සුවිසල් අඳුරු නළය කෙළවරේය

ස්වර්ගය!

....බොහෝ කලක්
මේ සුවිසල් අඳුරු නළය තුළ
ඉදිරියට ඇදෙමින් වුන් අපිට
තවමත් ස්වර්ගය හමු නොවීය.
සමහර උන්
දැනටමත් මේ ගමන
නවතා දමා හමාරය.
දුර්වල උන්
අතරමගදි හැලුණි.
මෙහි අවසානයක් ඇත්ද?
ස්වර්ගයට තව දුරයිද?
තව කොපමණ කල් අප මෙලෙස ගමනේ යෙදෙමුද?
මේවා සියල්ලන්ගේම සිත් තුළ
නලියන ගැටළු විය.
එකෙණෙහිම වාගේ එය
අප ඉදිරියේ දිස් වන්නට විය...
ස්වර්ගය...පුදුමාකාරයි!

මෙලෙක් පෘෂ්ඨයකින් හෙබි
සුවිසාල ගෝලාකාර
ආකර්ෂණීය වස්තුවක්.
මට විස්තර කරගත නොහැකි තරමේ
අලංකාරයක්.

අනෙක් සියල්ලන්ටම ප්‍රථමව
මම මෙයට ළඟා විය යුතුය.
මම ඉටා ගතිමි.

....කාලය කෙමෙන් කෙමෙන් ගෙවී යයි.
පෙර සිදු වූ ව්‍යසනය
සිහි ගන්වන වාරයක් වාරයක් පාසාම
ඇඟ කිළිපොලා යයි.
මා පරයා ස්වර්ගය කරා
ළඟා වූවන්ගේ දැන් ශේෂ වී ඇත්තේ
මතකයන් සහ ශරීර කැබැලි පමණෙකි.
විලාපයන් දුක් දොම්නස් දසතින්.
සමහරෙක් නලයේ කිසියම් ද්වාරයක් සොයා
ඔබ මොබ සැරිසරයි.
තවත් සමහරෙක් හුස් ලූ ලූ අත දුව පැන
කෙළිකවට කමේ යෙදෙමින්
මහත් වින්දනයක් ආශ්වාදයක් ලබයි.
කුමක්ද මේ සියල්ලේ අර්ථය..?
මා මෙහි කුමක් කරන්නේද..?
මා නොදනී.

අප ස්වර්ගයැයි පවසන
ඉතාමත් දෘඩ පෘෂ්ඨයක් සතු
ගෝලාකාර වස්තුව
මහත් ගුප්තය.
මට කුතුහලයක් ගෙනදෙයි.
මෙතුල කුමක් වෙයිද..?
හුදු රික්තකයක්මද...?
නැතිනම් නව නැවුම් ලොවකට පිවිසුම් දොරටුවක්ද...?

දුටුවන් පවසන් පරිදි
අපෙන් එකෙක් ස්වර්ගයට
ඇතුලු වීමට සමත්ව ඇත.
අප අතරින් සමහරෙක්
ඔහුට වන්දනාමාන කිරීමටත්
"දෙවියන්වහන්සේ" යැයි
නමකින් ආමන්ත්‍රණය කිරීමටත්
අරඹයා ඇත.

දෙවියන්වහන්සේ අපිට
ස්වර්ගයේ දොරටු විවෘත කරන තෙක්
අපි සැවොම මේ අඳුරු නලය තුළ
දෑස් දල්වා බලා සිටිමු.

සයිමන් නවගත්තේගම



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



වෙළඳපළට නිකුත් වන පොත්පත් අතර පාඨ ග්‍රන්ථ හැරුණු විට වැඩි ම අලෙවියක් ඇත්තේ පරිවර්තන කෘතිවලට බව නොරහසකි. එහෙත් මේ ලිපිය ලියැවෙන්නේ ඊට හේතු සාධක සොයන්නට නොව වෙනත් වැදගත් කාරණයක් ඉස්මතු කරන්නට බව පළමු කොට සඳහන් කිරීමට කැමැත්තෙමි.

ඉල්ලුමට සැපයුම න්‍යායට අනුව බහුල වශයෙන් පරිවර්තන කෘති පළවුවත් ඒවායේ තත්ව පාලනය කිරීමේ ක්‍රියාදාමයක් ක්‍රියාත්මක නොවන බැවින් වෙළඳපළට නිකුත් වන පරිවර්තන ලෙස හඳුන්වන පොත් බොහොමයක් තත්වයෙන් ඉතා පහළ මට්ටමක පවතින බව නොකියා සිටිනු නොහැක්කේය. සිංහල පමණක් දන්නා පාඨකයන් මෙමගින් දරුණු සූරා කෑමකට ලක්වනවා පමණක් නොවේ. මුල් කෘතියේ කර්තෘවරයාට ද බලවත් අනර්ථයක් සිදු වේ. එහෙත් එවැනි බාල කෘති රාජ්‍ය සම්මානවලින් පිදුම් ලබන්නේ නම්.... කාට කියමු ද ඒ අමාරුව?

එක් භාෂාවකින් ලියැවුණු කෘතියක් තවත් භාෂාවකට පරිවර්තනය කිරීමේදී එම භාෂා දෙකෙහි ප්‍රවීණත්වයක් ලබා සිටීම පමණක්ම සාර්ථක පරිවර්තනයක් කිරීම සඳහා ප්‍රමාණවත් නොවේ. මුල් කෘතියට පාදක වූ සමාජ, ආර්ථික සහ සංස්කෘතික පසුබිම පිළිබඳව ද පරිවර්තකයා අවබෝධයක් ලබා තිබීම අවශ්‍ය වේ, මුල් කෘතිය ලියැවුණ භාෂා ප්‍රයෝග පිළිබඳව ද පරිවර්තක දැනුවත්ව සිටිය යුතු වේ, විෂයානුබද්ධ කෘතියක් පරිවර්තනය කිරිමේදී අදාළ විෂයය පිළිබඳ ප්‍රාමාණික දැනුමක් ලබා තිබීම ද අත්‍යවශ්‍ය වෙයි. එසේ නැතහොත් පරිවර්තකගෙන් වැරදි කරුණු ඉදිරිපත් විය හැකිය.

ප්‍රවේශයක් වශයෙන් මෙම කරුණු ඉදිරිපත් කිරීමට සිදු වූයේ 2011 වර්ෂයේ විවිධ කෘති සඳහා වූ රාජ්‍ය සම්මානය හිමි වූ සත්ත්ව සහ ශාක විශේෂයන්ගේ සම්භවය නම් සිංහල පරිවර්තනය මිලට ගත් බැවිනි. සුභාවි ප්‍රකාශනයක් ලෙස 2010 ප්‍රකාශයට පත් කරන ලද එම කෘතියේ පරිවර්තකයා වූයේ පසන් කොඩිකාර මහතායි. පිටු 532කින් සමන්විත දැවැන්ත කෘතියක් වූ මෙය රුපියල් 650.00ක් ගෙවා මිල දී ගත්තේ රාජ්‍ය සාහිත්‍ය සම්මානය ද එයට හිමිව තිබූ බැවිනි. මීට වසර කිහිපයකට පෙර පරිවර්තන නවකතාව සඳහා වූ රාජ්‍ය සම්මානය ද ඒ මහතාට හිමි වූ බව මම දැන සිටියෙමි.

අඳෝමැයි! සිංහල පරිවර්තනය කියැවීමට උත්සාහ දරන විට මට වැටහී ගියේ මිනිසා පැවත එන්නේ වඳුරන්ගෙන් යැයි චාල්ස් ඩාවින් කර ඇති ප්‍රකාශය කනපිට පෙරළී මිනිසාගෙන් අනාගතයේ දී වඳුරන් පරිණාමය වීමට ඉඩ ඇති බවයි. ඩාවින්ගේ පොතේ සිංහල පරිවර්තනය මිලට ගැනීමෙන් මා රැවටී ඇති බව වැටහෙන විට ප්‍රමාද වැඩිය.

සිංහල පරිවර්තනය කියැවීමේ අසීරුව නිසාම Darwin– The Origin of Species කෘතිය සොයා ගෙන සිංහල පරිවර්තනය සමග සසඳන්නට පටන් ගත්තේ නිවැරදි ඩාවින් ද නැතහොත් සිංහලට පරිවර්තනය කළ පඬිවරයා ද යන්න නිසැකව දැනගැනීමටයි.

සිංහල පරිවර්තනයේ හැඳින්වීමේ (15 පිටු ) පළමුවන වාක්‍යය මෙසේය:

"ස්වභාවවාදියකු ලෙස එච්.එම්.එස්. බීගල් සමග එකට කටයුතු කළ කාලයේ දී දකුණු ඇමෙරිකානු වාසීන්ගේ ව්‍යාප්තිය සහ එම මහාද්වීපයේ වර්තමාන වාසීන් අතීත වාසීන් කෙරෙහි සම්බන්ධය පිළිබඳ නිශ්චිත සාධක මගේ සිතට තදින් කා වැදිණ."

එම වාක්‍යය ඉංග්‍රිසි කෘතියේ තිබූ ආකාරය පහත දැක්වේ:

“When on board HMS Beagle, as naturalist, I was much struck with certain facts in the distribution of the inhabitants of South America, and in the geological relations of the present to the past inhabitants of that continent.”


එච්.එම්.එස්. බීගල් යනු රාජකීය නාවික හමුදාවේ නැවක් බවත් තරුණ ස්වභාවවේදියකු වූ ඩාවින් අධ්‍යයන කටයුතුවල නිරත වීම සඳහා එහි දෙවන චාරිකාවේ දී ඊට එක් වූ බවත් අද සාමාන්‍ය දැනීම බවට පත් ව හමාර ය. එච්.එම්.එස්. බීගල් නාමය ප්‍රසිද්ධ වූයේ ඩාවින්ගේ නමත් සමඟිනි. පරිවර්තකයාට නැත්තේ මේ සාමාන්‍ය දැනීම පමණක් නොවේ. on board යන ඉංග්‍රිසි යෙදුම පවා ඔහුට ආගන්තුක වූවක් බව පෙනේ. නොපෙනේ ද පරිවර්තකගේ භාෂා ඥානයේ මහිමය?

පළමු වන වාක්‍යයේ තත්වය මෙය නම් ඉදිරි වාක්‍ය ගැන අමුතුවෙන් කීමට අවශ්‍ය නොවේ. එහෙත් මුල් පරිච්ඡේද දෙකක අහඹු ලෙස තෝරාගත් වාක්‍ය කිහිපයක සිංහල පරිවර්තනය සහ එහි ඉංග්‍රීසි වාක්‍ය ද ඉදිරිපත් කිරීමට අදහස් කරමි.

පළමුවන පරිච්ඡේදයෙන්- "වගා කරන ලද හෝ ඇති කරන ලද සහ ඉතා විවිධ දේශගුණික තත්වයන් හා සැළකිලි යටතේ මුළු කාලය තුළ වෙනස් වී ඇති ශාකවල සහ සතුන්ගේ අති විශාල විවිධත්වය ගැන අප යොමුවන විට මෙම විශාල විචල්‍යතාවයට හේතුව හුදෙක් අපගේ ගෘහාශ්‍රිත උත්පාදනයන් ඒවායේ ජනක - විශේෂය (Parent – Species) ස්වාභාවික තත්වය යටතේ ඔරොත්තු දී සිටි ආකාරයෙන් තරමක් වෙනස් සහ එයට එතරම් සමාන නොවන ජීවිත කොන්දේසි යටතේ ඇති දැඩි වී තිබීම බව මට සිතේ.” [පිටුව 23]

මෙම සිංහල වාක්‍යයේ තේරුම අවබෝධ කර ගත නොහැකි බැවින් එහි ඉංග්‍රිසි වාක්‍යය සොයායාමට සිදු විය. ඒ මෙසේය:

“When we reflect on the vast diversity of the plants and animals which have been cultivated , and which have varied during all ages under the most different climates and treatment, I think we are driven to conclude that this grater variability is simply due to our domestic productions having been raised under conditions of life not so uniform us, and somewhat different from, those to which the parent-species have been exposed under nature.”

සිංහල පරිවර්තනයේ දෙවන පරිච්ඡේදයෙන් අහඹු ලෙස තෝරාගත් තවත් වාක්‍යයක් මෙසේය:"එමෙන්ම එකම විශේෂයකින් පැවත එන තනුජයන් තුළ බෙහෙවින් නිතර ඇතිවන බවට ප්‍රකට හෝ එකම සීමාවූ වටාපිටාවක වාසය කරන එකම විශේෂයක සාමාජිකයන් තුළ බෙහෙවින් නිතර නිරීක්ෂණය කළ හැකි ආකාරයේ ප්‍රත්‍යෙක වෙනස්කම් යනුවෙන් හැඳින්විය හැකි සුළු වෙනස්කම් රාශියක් තිබේ." [පිටුව 63]

ඉංග්‍රිසි භාෂාවෙන් ලියැවුණ මුල් කෘතියේ දෙවන පරිච්ඡේදයේ එම වාක්‍යය සඳහන් වන්නේ මෙසේය.

“Again, we have many slight differences which may be called individual differences, such as are known frequently to appear in the offspring from the same parents, or which may be presumed to have this arisen, from being frequently observed in the individuals of the same species inhabiting the same confined locality.”

ඉංග්‍රිසි වාක්‍යය අපහසුවෙන් හෝ වටහාගත හැකිවුවත් සිංහල වාක්‍යය වටහා ගැනීමට හැකි කෙනෙක් සිටිත් නම් ඉදිරිපත් වෙත්වා!

තවදුරටත් ඉංග්‍රිසි සහ සිංහල වාක්‍ය සංසන්දනය කරමින් කරුණු ඉදිරිපත් කිරීම වෙනුවට සිංහල පරිවර්තනයේ පරිච්ඡේද කිහිපයක ඇති එක් සිංහල වාක්‍යයයක් පමණක් ගෙන හැර දැක්වීමට අපේක්ෂා කරන්නේ එමගින් සිංහල පමණක් දන්නා අසරණ පාඨකයන් අමාරුවේ වැටී ඇති තරම පෙන්වා දීමටයි.

3 වන පරිච්ඡේදයෙන් උපුටා ගත් තවත් සිංහල වාක්‍යයක් පහත දැක්වේ.
"තවදුරටත්ල මුල් අවස්ථාවෙහි තිබෙන විශේෂයන් ලෙස මා විසින් හඟන්වන ලද උපවර්ගයන් අවසාන වශයෙන් බොහෝ අවස්ථාවල පැහැදිලි ලෙසම එකම විශේෂයක උපවර්ගයන්ට වඩා බොහෝ සෙයින් එකිනෙකින් වෙනස්වන මනා සහ නිශ්චිත විශේෂයන් බවට සංවර්තනය වන්නේ කෙසේද? නිශ්චිත ගණයන් ලෙස හඳුන්වන දෙය සමන්විත වන සහ එකම ගණයක විශේෂයන්ට වඩා බොහෝ සෙයින් එකිනෙකට වෙනස්වන කාණ්ඩයන් පැන නගින්නේ කෙසේද යනුවෙන් ප්‍රශ්න කළ හැකිය." [පිටුව 82]

මෙම වාක්‍යය නැවතත් ඉංග්‍රීසියට පරිවර්තනය කර (එසේ කළ නොහැකිවීම වෙනම කාරණයකි!) මුල් කර්තෘට දුන්නානම් ඔහු කරකවා ඇතඇරියා වැනි තත්වයකට පත්වෙන බවට නම් කිසිදු සැකයක් නැත.

4 වන පරිච්ඡේදයෙන් උපුටාගත් තවත් සිංහල වාක්‍යයකි මේ:
"ස්වාභාවික වරණයට ක්‍රියාත්මක විය හැක්කේ සෑම පැවැත්මකම යහපත මගින් සහ යහපත සඳහා පමණක් වුව ද ඉතා සුළු වැදගත් කමක් සහිත ඒවා ලෙස සිතීමට අප තුළ නැඹුරුවක් ඇති ලක්ෂණ සහ නිර්මිතයන් මත ද එයට ක්‍රියා කළ හැකිය.” [පිටුව 107]

මෙවැනි වාක්‍ය ලියා ඇත්තේ පුළුවන් නම් තේරුම් ගනිල්ලා යන න්‍යායෙන් වත්ද?

5 වන පරිච්ඡේදයේ තවත් සිංහල වාක්‍යයක් මෙන්න:
"අපගේ ගෘහාශ්‍රිත සත්වයන් ශිෂ්ඨාචාර ගත නොවූ මිනිසා විසින් මුලින්ම තෝරාගෙන ඇත්තේ ඔවුන් ප්‍රයෝජනවත් සහ සීමා වූ තත්වයන් යටතේ පහසුවෙන් වර්ගයා බෝකළ නිසාවෙන් විනා ඉතා ඈත දුර ප්‍රදේශයන්ට ගෙන යා හැකි බව පසුව සොයා ගැනීම නිසා නොවන බව මා විශ්වාස කරන බැවින් ඉතා විවිධ දේශගුණයන්ට ඔරොත්තු දීමට පමණක් නොව එම දේශගුණික තත්වයන් යටතේ සම්පූර්ණයෙන් සඵලවීමට (ඉතා උග්‍ර පරීක්ෂාවකි) අපගේ ගෘහාශ්‍රිත සත්ත්වයන් තුළ ඇති පොදු සහ අසාමාන්‍ය හැකියාව දැන් ස්වාභාවික තත්ත්වයක් යටතේ සිටින අනෙක් සත්ත්වයන් විශාල අනුපාතිකයකට පුළුල් ලෙස විවිධ දේශගුණික තත්වයන් පහසුවෙන් දරාගත හැකිවනු ඇති බවට තර්කයක් ලෙස යොදාගත හැකිය." [පිටුව 167]

සිංහල පරිවර්තනයේ ඇති වාක්‍යවලින් සියයට අනූවක්ම මෙවැනි අපභ්‍රංශය. එබැවින් තවතවත් නිදසුන් දක්වමින් පාඨකයන් වෙහෙසට පත් කිරීමට අදහස් නොකරමි. එහෙත් මෙවැනි පරිවර්තනවලට රාජ්‍ය සාහිත්‍ය සම්මාන දීම නිසා මතුවන ගැටලු කිහිපයක් ගැන යමක් සඳහන් කිරීම මැනැවැයි අදහස් කරමි. සාහිත්‍ය සම්මාන සඳහා කෘති තේරිම වට කිහිපයක් යටතේ සිදු කරන බවට පාරම්බානු අසන්නට ලැබී ඇත. ඒ හැම වටයකින්ම මෙවැනි පොත් තේරී ඉදිරියට එන්නේ කවර නම් ආශ්චර්යයකින්ද?

සිංහල පරිවර්තනය ඉංග්‍රිසි කෘතිය සමග සැසැඳීම පසෙක තිබියේවා! යටත් පිරිසෙයින් සිංහල කෘතියවත් සාහිත්‍ය මණ්ඩලයෙන් පත් කළ සමීක්ෂකයන් කියවා නැති බවට කවර නම් සැකයක් ද? සම්මාන පිරිනැමීමේදී සලකා බලන්නේ පොතේ පිටු ගණන සහ ඝනකම පමණක් ද?

මේ සාහිත්‍ය සම්මාන ව්‍යාපාරය පිටුපස ඥාති සංග්‍රහ, අතයට ගනුදෙනු සිදු වෙන බවට සැක මතු වීම පුදුමයක් ද? සාහිත්‍ය සම්මාන පිරිනමන්නේ කර්තෘවරයාගේ නම බලා නොවන බවට එක්තරා බලධාරියෙකු ප්‍රකාශ කළේ තමන් සලකා බලන්නේ නම නොව වාසගම බව හොඳින්ම දන්නා නිසා විය හැකිය.


මීට වසර කිහිපයකට පෙර මෙහි චෝදනාවට ලක්වන පරිවර්තකයාට හොඳම පරිවර්තන නවකතාවට පිදෙන සම්මානය හිමි විය. එම පරිවර්තන කෘතියත් වැරදිවලින් ගහන පාඨකයන්ට කියවා තේරුම් ගත නොහැකි අපභ්‍රංශයක් බවට චෝදනා නැගුණු බව මෙහිදී සිහිපත් වේ. එහෙත් ඒ සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගත් බව දැනගන්නට නැත. ඒ වෙනුවට සිදු කර ඇත්තේ තවත් රාජ්‍ය සම්මානයකින් පිදීමයි.

රාජ්‍ය සාහිත්‍ය සම්මාන දීම යනු මහජන බදු මුදල් ජාවාරම්කාරයන් අතට පත් කරන කූඨ ව්‍යාපාරයක කොටසක් ද? නොඑසේ නම් මේ කසිකබල් පොත්වලට සම්මාන දෙන්නේ මහින්ද චින්තනය අනුව යමින් ද?

රාජ්‍ය සාහිත්‍ය සම්මාන දීමේදී නිස්සන් කොන්කොට පුස්සන් ඔසවා තැබීම අලුත්ම ප්‍රතිපත්තිය ද?

චාල්ස් ඩාවින් දෙවන වරටත් මරා දැමූ අයට එරෙහිව බලධාරීන් කුමන පියවරක් ගනී දැයි කට බලියාගෙන බලා සිටිනවා හැරෙන්නට අපට කරන්නට දෙයක් නැත.

විචක්ෂණ අධිකාරි



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



අතුල පතිරණ අධ්‍යක්ෂණය කළ "දොළහක්" වේදිකා නාට්‍යයයේ ඉදිරි දර්ශන-

අප්‍රේල් 20- හෝටල් පාසල් ශාලාව - මාතලේ
අප්‍රේල් 21- ධර්මරාජ විද්‍යාලයීය ශාලාව - මහනුවර
මැයි 18- හොරණ ශ්‍රී පාලී ශාලාව
මැයි 21- පේරාදෙණිය විශ්ව විද්‍යාලය
ජූනි 15- ගාල්ල
ජූලි 15- ලයනල් වෙන්ඩ්ට්



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



කොච්චර වුණත් කතා කරන්න හිතුණම කතා කරන්නම වෙනව. ඩාන්ස්කෝ එකේ අඩඅඳුරු මුල්ලක වාඩිවෙලා ගල් කාලක් ඕඩර් කළා. රාජා හැරෙන තැපෑලෙන් බඩු ගෙනාව, සෝඩා එකකුත් එක්ක. ආයෙ කියන්න දෙයක් නෑ, ඌ බයිට් එක දාන්න කියල ඇති. අපි දන්න කාලෙ ඉඳන් රාජ ඩාන්ස්කෝ එකේ වැඩ. මට ඌව පේන්නෙම එළාර රජ්ජුරුවො වාගේ. මට ඒ ඇයි කියන්න තේරෙන්නෑ. ජීවිතේ එහෙම දේවල් සිද්ධ වෙනවා. දේවල් හිතෙනවා, දේවල් දැනෙනවා, ඒත් ඇයි කියන්න තේරෙන්නෑ. නදීක ගුරුගේගෙ රත්නවල්ලිය බලලා එල්ෆීන්ස්ටන් එකෙන් එළියට බැහැපු වෙලේ දැනුන අන්ධභූත තත්වය සමනය වෙන්න පටන් ගත්තේ රත්මලානට ඇවිල්ලා පොඩි අඩියක් ගහන්න පටන්ගත්තට පස්සේ. එනකොට අම්බානක රෑ වෙලා. ඩාන්ස්කෝ එක වහලා. පස්සෙ දොරෙන් බෝතලෙත් අරන් මතු උනේ රාජා. ඌ මට එළාර රජ්ජුරුවො වගේ මුලින් ම පේන්න ගත්තෙ ඒ වෙලාවෙ. රත්නවල්ලි ලියල තිබුණෙ ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන. ඒක දැවැන්ත රිසර්ච් එකක් ඇතුළෙ ලියවිච්ච පිටපතක්. එහෙව් දේශපාලන කියවීමක හිටිය නදීක අන්තිමට අබාටත් කරගහල අන්තිමට නතර වුණේ ගාමණීටත් කර ගහලා.

ආයෙත් රත්නවල්ලි මතක් උණේ දවාලෙ පිටු පෙරල පෙරල හිටපු සිළුමිණ පත්තරේ තිබුණු සංවාදයක් දැකලා. සංවාදයේ මාතෘකාව "මං කලා ගන්ධබ්බයෙක් නෙවෙයි." එහෙම කියන්නේ ජයන්ත චන්ද්‍රසිරි.

ජයන්තගෙ ගැමුණු ප්‍රොජෙක්ට් එක

සංවාදය මෙහෙයවලා තිබ්බේ නුවන් නයනජිත් කුමාර. ඒ.ඩී. රංජිත් කුමාරගෙයි, දමයන්ති ජයසූරියගෙයි පුතා. ඉස්සර කොල්ල හිටියෙ මේ අල්ලපු වැටේ. දහම් මාවතේ මුල්ම ගෙදර.

මේක ඇත්තටම සංවාදයක් නෙවෙයි. කවුරුත් නැති පිට්ටනියක දෙන්න එක්ක ගහන ක්‍රිකට් මැච් එකක් වගෙයි. නුවන් බෝලෙ දානවා. ජයන්ත හයේ ඒවා ගහනවා. පන්දු යවන්නයි පිතිකරුවයි එකම කණ්ඩායමට ක්‍රීඩාකරන ක්‍රිකට් මැච් එකක් බලලා තියෙනව ද? ඔන්න එහෙනම් සිළුමිණ කියවන්න. සංවාදයෙ මුල් ප්‍රශ්න ටික යන්නෙ මහරජ ගැමුණු ව්‍යාපෘතියට පසුබිම හදන්න. මුළු සංවාදයෙ ප්‍රශ්න නොහොත් නුවන් නයනජිත් දාන ඇඩ් 13ක් තියෙනවා. 6 වැනි ප්‍රශ්නෙ ඉඳන් පටන් ගන්නෙ දෙන්න කලින් කතාකරගත්ත විදිහට ඇරඹෙන ගැමුණු ව්‍යාපෘතිය. නුවන් නයනජිත් බබා මෙහෙම අහනවා.

ඓතිහාසික චිත්‍රපට තැනීමේ ප්‍රවණතාවක් තිබෙන අවස්ථාවක ඔබගේ "මහරජ ගැමුණු" චිත්‍රපටය තැනීමේ කටයුතු හිටි හැටියේ නතර වුණේ ඇයි?

නමුත් හැමෝම දන්නවා ජයන්තත් එක්ක එක පතේ කලා එකට බේසමේ අත හෝද ගත්ත අනුගාමිකයෙක් ජයන්තගෙ ගැමුණුව පාවා දුන්නා කියලා. නමුත් නුවන් බබා ඒක දන්නෑ. ඔන්න බලන්න දෙවැනි ප්‍රශ්නෙදි බබා මාට්ටු.


ඔබ මින් පෙරත් ඉතිහාසය විකෘති නොකළ නිර්මාණකරුවකු ලෙස නම් දරා සිටිද්දිත් මෙය ඔබට ම වුණේ ඇයි?

මේ ජයන්තත් එක්ක කම්පෙයාර් කරන්නෙ කාවද ? ජැකාව, ජැක්සන් ඇන්තනිව. ජැක්සන් අබා තුළින් ඉතිහාසය විකෘති කර ඇති නමුත් ඔහුට මනමේ කතාව ත් විකෘති කිරීමට රුපියල්කෝටි ගණන් හම්බවෙද්දි, ඉතිහාසය විකෘති නොකරන ජයන්තට ගැමුණු කරන්න ලැබෙන්න තිබුණ කෝටි ගාණට ජැකා කෙළවපු හැටි තමයි මේ ප්‍රශ්න කිරිල්ල ඇතුළෙ සැඟවිලා තියෙන්නෙ. ඔබටම වුණෙ ඇයි කියල අහනකොට අරූට නොවී කියන කෑල්ලත් හිමීට ඇහෙන්නෙ ගන්නවා. සිළුමිණ පත්තරේ මහා කලා සංවාදකරු ඊළඟට අහන ප්‍රශ්නය සහ උත්තරේ දැන් අපි ඩෝප් සීන් එකේම පොඩ්ඩක් කියවමු.

ගැමුණු රජුගේ චරිතය මින් පෙර කිසිවකු නිවැරදිව කියවූයේ නැහැ. අනෙක වරින්වර මේ ශ්‍රේෂ්ඨ, ධාර්මික නරපතියාගේ චරිතය විකෘති කිරීම්වලට ලක් වුණා.

"පැහැදිලිවම. අපේ ඓතිහාසික මිනිසා ගැමුණු චරිතයේ සිටිනවා. ඔහු තරම් විකෘති කිරීම්වලට ලක්වූ රජෙක් ලංකාවේ නැහැ. ඔහු උග්‍ර ජාතිවාදියෙක් හා යුද්ධවාදියෙක් ලෙස හැඳින්වීම පළමු විකෘතියයි. මේවා පට්ටපල් බොරු බව මා මේ චිත්‍රපටයෙන් ඔප්පු කරනවා. මට මේ සඳහා ඓතිහාසික සාක්ෂි තිබෙනවා. ඒ සමඟ මගේ උපකල්පනත් තිබෙනවා.

නමුත් ඒවා අසත්‍ය, ව්‍යාජය නොවේ. ලෝකයේ බිහි වූ සෑම ශිෂ්ටාචාරයක්ම පසුපස සංස්කෘතික මිනිසෙක් හිටියා. ඒ මිනිසා විවිධ රටවල නොයෙක් ආකාරයෙන් හඳුනා ගැනීමට පුළුවන්. අපේ ශිෂ්ටාචාරයේ මිනිසා හඳුනා ගත හැකි රූපය තමයි ගැමුණු. බෝසතාණන් වහන්සේ සුමේධ තාපස අවධියේ සසරෙන් එතෙර වෙන්න හැකියාව තිබියදී බුදු බව පතලා සසර දිගු කර ගත්තේ ලෝක සත්වයාට තිබූ අසීමිත කරුණාව නිසා."


ඔන්න එතකොට නුවන් දාන ෆුල්ටොස් පන්දුව.

ආනන්ද හාමුදුරුවොත් ධර්මය සුරක්ෂිත කරන තෙක් තමාගේ විමුක්තිය පමා කළා?

දැන් තේරෙනවා නේද මේ දෙන්න එකතු වෙලා ගහන ගැමුණු මැච් එක. නුවන් නයනජිත් කුමාර කියන කලාත්මක පසුබිමක් කියෙන පත්තරකාරයා, තමන් මෙතෙක් උපයාගෙන තියෙන, සීරියස් වගේ එළියට පේන ප්‍රතිරූපය හෙවත් සමාජ ප්‍රාග්ධනය බුද්ධ දර්ශනයත් එක්කම ඉතාම දැනුවත්ව ජයන්තගෙ ප්‍රොජෙක්ට් එකට ආයෝජනය කරන්නෙ මෙන්න මෙහෙමයි. ඇත්ත ඉතිහාසය නම් ජයන්තට සල්ලි ලැබෙන්න අනුමත වෙලයි තිබුණෙ. ඒ කියන්නෙ ජයන්ත හිටියෙ විමුක්තිය ලැබෙන්න ඔන්න මෙන්න වගේ. ජුදාස් මිත්‍රය තමයි විමුක්තිය පමා කළේ.
ඔහොම යන ප්‍රශ්නාවලිය අවසන් කරන්න කලින් නුවන් මෙහෙම කියනවා.

"ගුජරාටි ප්‍රාන්තයේ ගොවියන්ගෙන් මුදල් එකතු කරලා ඉන්දියාවේ ශ්‍යාම් බෙනගාල් එදා Manthan චිත්‍රපටය තැනුවා. "ගැමුණු" තිරයට ගෙනෙන්න මහජන ව්‍යාපෘතියක් දියත් කළොත් ඔබට මේ රටේ බුද්ධිමත් ජනතාව උපකාර කරාවි."

දැන් ඔන්න වැඩේ අවශ්‍ය කූඨප්‍රාප්තික අදියරට ඇවිත් තියෙන්නෙ. බඩගින්නෙ ඉන්න මිනිස්සුන්ට ගැමුණු පෙන්නලා ගේම දෙන්න තමයි මේ සැට් වෙන්නෙ. එදා චන්ද්‍රිකා බලයෙ ඉන්නකොට එයාගෙ ගරා වැටෙන ප්‍රතිරූපෙට මුක්කු ගහන ප්‍රොජෙක්ට් එක, තරුණයන්ට වෙන්වෙලා තිබුණු මුදලින් රුපියල් කෝටියකුත් පන්නල එස්. බී. දිසානයකයි, සුනිල් ජයන්ත නවරත්නයි එකතුවෙලා බාරදුන්නෙ මේ ජයන්තටම තමයි. ජයන්ත රැජන කියල ටෙලියක් වගේ එකක් පෙන්නුවෙ ඒ ප්‍රොජෙක්ට් එක තමයි. රැජන නමින් මහජන තාවගෙ ඹුදල් වක්‍රාකාරව පික් පොකට් ගහපු ජයන්ත තව පාරක් එහෙම කරගන්න ගත්තු උත්සාහයට ජුදාස් කෙළපු හින්දා ඒ පාර එන්න හදන්නෙ අහිංසක මිනිස්සුන්ට කෙළින්ම පික් පොකට් ගහන්න. මේ බලන්න සංවාදය අවසන් කරමින් ජයන්ත කියන කතාව.


"ඔව්. මුලින්ම මා මෙය ලීවේ චිත්‍රපටය සඳහා තිර පිටපතක් වශයෙන්. නමුත් චිත්‍රපටය තැනීම මඳක් පමා වූ නිසා ඒ ඇසුරෙන් නවකතාවක් ලියා එළිදැක්වූවා. මා 'සමනල සංධ්වනි' කරන්නේ ගැමුණු චිත්‍රපටය නොකෙරෙන නිසා නොවෙයි. එය මහජන ව්‍යාපෘතියකින් ඉදිරියේ අනිවාර්යයෙන්ම තිරයට එනවා. මොන බාධක පැමිණියත් සැබෑ දුටුගැමුණු හෝ මගේ නිර්මාණය යටපත් කරන්න බැහැ."

ඉතිං අපිට බොන්න හිතෙන එක අහන්නත් දෙයක්ද?


වටමඬලේ නිරෝධ

අශෝක හඳගම හෙවත් අපේ හඳයගෙ අලුත්ම සමාජ කියවීම වන ඉනියවන් බලපු වෙලේ ඉඳන් මොකද්ද මන්ද පපුවෙ හිරවෙලා වගේ. බස් එකෙන් බහින්නත් අමතක වුණා. ඔලුව උස්සලා බලද්දි සොයිසාරාමෙ බුදු පිළිමෙ පහුඋණා. ගොළුමඩමෙන් බහින්න හිටපු මං බැහැල ගත්තෙ අඟුළාන හන්දියෙන්. සී. වී. ගුණරත්න ඝාතනය වෙච්ච රණවිරු සැමරුම් බෝමබය පිපිරිච්ච වෙලාවෙ හොඳටම බය වෙච්ච හින්දම අම්බානෙක ගුටිකාපු අඟුලාන හන්දියෙ සයිවර් කඩේ තේ දාපු දෙමළ කොල්ලව කොටියෙක් කරලා දිවයින පත්තරේ මුල් පිටුවෙ දාලා තිබුණ හැටි මතකෙට ආවෙ පාර මාරු වෙනකොට. ඇත්තටම ඊට පස්සෙ ඌට මොකක් වෙන්න ඇද්ද? ඉනියවන් සහ තේ දාපු කොල්ලා අ තර සම්බන්දයක් නෑ. ඒක මට නිකමට වගේ මතක් උණ දෙයක්.

ඉනියවන් ගැන ලියන්න පටන් ගන්නෙ කොතනින්ද කියල හිත හිත ඉන්නකොට ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්තයට 93ක් ලැබුවා. ආවඩා ආයිබෝ වේවා. දිවයින පත්තරේ වටමඬල සාහිත්‍ය අතිරේකෙට නිරෝධ කියල ලියන මනුස්සයත් ඉනියවන් බලලා තිබුණ විතරක් නෙමෙයි ලෙස්ටර්ගෙ උපන්දිනේට ඔහුට ලැබුණ හොඳම තෑග්ග ඉනියවන් කියල ලියන්නත් නිර්භය වෙලා තිබුණ. බොහෝ විට මේ දිවයින පත්තරේ සාහිත්‍ය ගැන ලියන නිරෝධ ජන අරගල කණ්ඩායමට ඥාතීත්වයක් කියෙනවා කියල අනුමාන කරන්න පුළුවන්. ඒ නම උණත් පෙනුමට හරි බරයි වගේ. මං එහෙම කියන්නෙ කරුණු කිහිපයක්ම හින්දා. ඔහුගේ අභිනව ඉනියවන් ලියවිල්ල තුළ ඔහු මේ පෙරටුගාමී ලක්ෂණ පෙන්නලා අන්තිම පසුගාමී විදිහට ඒ ලියවිල්ල ඉවර කරලා තියෙනවා. නිරෝධ මෙන්න මෙහෙම ලියනවා.

"1962 දී හෙන්රි චන‍ද්‍රවංශගේ 'සමුදයම්' දෙමළ චිත්‍රපටය නිෂ්පාදනය කර වසර 50 ක් පිරෙන තැන හඳගමගේ 'ඉනියවන්' දෙමළ චිත්‍රපටය නිෂ්පාදනය වීම ද සිංහල සිනමා ඉතිහාසයේ කඩඉමක් බවට පත්වෙයි. සුවිශේෂී ම කාරණය නම් ඉනියවන්, සිංහල උප සිරැසි සහිතව නරඹන්නට සිදු වුව ද රූපයේ ප්‍රබල බව විසින් ප්‍රේක්ෂකාගාරය ට භාෂාව අමතක කරවීම බව ය නිරෝධට හැඟෙන්නේ. පශ්චාත් යුද සමය තුළ නිමැවුණු විශිෂ්ටතම කෘතියක් ලෙස 'ඉනියවන්' හැඳින්වීම ට නිරෝධ ලෝභ වන්නේ නැත. පූර්ව යුද සමයේදී ප්‍රසන්න විතානගේ නිර්මාණය කළ 'ඉරමැදියම' චිත්‍රපටයෙන් අනතුරුව මෙරට ජාතික ප්‍රශ්නය තේමා කොටගත් ප්‍රශස්ත ම කෘතියක් ලෙස ද 'ඉනියවන්' නොබිය ව නම් කළ හැක. දශක තුනක් තිස්සේ ධනවාදයේ සෙවණැල්ලක් හෝ නොවැටුණු උතුර - නැගෙනහිර ජන ජීවිතය සංක්‍රාන්ති සමය ට මුහුණ දෙන අයුරු චිත්‍රපටයේ සමස්ථාර්ථය බවට පත්වෙයි. අකුරකුදු අහක දැමිය නොහැකි සීමිත දෙබස් පෙළකින් පශ්චාත් යුද සමයේ ශ්‍රී ලාංකික දෙමළ ජන ජීවිතයේ යථාර්ථය මානවීය ගුණයෙන් යුතුව සාකච්ඡාවට බඳුන් කිරීම ට හඳගම දරන උත්සාහය ප්‍රශස්ත ය. දෙමළ ජනතාවට අවශ්‍ය ව ඇත්තේ '13 ප්ලස්' ද 'ජීවිතය ප්ලස්' ද යන්න සිතා බලන්නට දකුණේ දේශපාලනයට රතුඑළි දල්වන චිත්‍රපටයක් ලෙස නිරෝධ 'ඉනියවන්' දකී."

සවිඥානවකව නම් නොව ඔහුගේ අවිඥානය තුළින් මතුවන මෙරට ජාතික ප්‍රශ්නය, දශක තුනක් තිස්සේ ධනවාදයේ සෙවණැල්ලක් හෝ නොවැටුණු උතුර - නැගෙනහිර ජන ජීවිතය ආදී දේශපාලන කියවීම් කිසිසේත්ම දිවයින පත්තරේ ලියන්නකුට තරම් වන්නේ නෑ. ඇත්තෙන්ම ආනන්දජනකයි. එහෙව් පෙරටුගාමී සමාජවාදී කලා විග්‍රහයකට අවතීර්ණ වෙන නිරෝධට හිටි ගමන් උදුල් ප්‍රේමරත්න වැහෙනවා. ඔන්න බලන්න.


"ඉනියවන් ඒ සමාජ කතිකාව ගොඩනඟන්නට අවශ්‍ය වේදිකාව තනා දෙයි. එහෙයින් මෙය සමාජගත වියයුතු චිත්‍රපටයකි. ආරක්‍ෂා කරගත යුතු චිත්‍රපටයකි. දශක තුනක්‌ තිස්‌සේ එල්.ටී.ටී.ඊ. ත්‍රස්‌තවාදයෙනුත්, අධිපති දේශපාලන තකතීරුකම්වලිනුත් පීඩා විඳි මේ රටේ සමස්‌ත ශ්‍රී ලාංකික ජනතාව මේ චිත්‍රපටය වෙනුවෙන් පෙනී සිටිය යුතු ය, යුද්ධය අවසන් වුවත් දේශපාලන අධිකාරියට මේ රටේ ජනතාවට ජීවත් වීමේ අයිතිය ලබා දෙන්නට වුවමනාවක්‌ නැති බව පෙනෙන්නට තිබේ. උතුර - නැඟෙනහිර ප්‍රදේශවල යළි ත්‍රස්‌තවාදී නැගිටීම්ල ඇති වන බවට තොරතුරු වාර්තා වීමෙන් ඒ බව සුපැහැදිලි වෙයි. එහෙයින් පශ්චාත් යුද සමය තුළ සිදු වූ අඩුපාඩුකම්ල අතපසුවීම්වලට විසඳුම් ලබා දෙන සමාජ කතිකාවතක්‌ මේ රටට අවශ්‍ය ය. දේශපාලන සමාජය විසින් රටට ලබා නොදෙන ඒ කතිකාවට කලාකරුවන් හෝ මැදිහත් විය යුතු ය."

හඳගමව දේශපාලනිකව කියවීමට පෙර, කියවීමට තව පොත් ඇති බව මං ඔහුට මතක් කරන එක වරදක්ද?


මනුස්සකමට දෙමළ සම්මානයක්.


ලොතරැයි සයිකල් කරුවාට ගාලුපාරේ කිසිම හෝන් හඬක් ඇහෙන්නෑ. පොර ඒ ඔක්කොම සද්ද වලට සෙකන්ඩ් නොවෙන්න එෆ්.එම්. කටක් ඇරගෙන. මං හිටියෙ ප්‍රේමයියගෙ උාටා එකේ වාඩිවෙලා දිවයින පත්තරේ බල බල. ලොතරැයි මෑන්ස් ගොළු මඬම හන්දිය පහුකරනකොට ගොනා කෝවිලට ඇහෙනවා. ඉඳහිට, වාසනාව උරගා බලන කෙනෙක් අත දැම්මොත් මිසක් මිනිහා තමන්ගෙ රිද්මය කඩා ගන්නෑ. ඔන්න ප්‍රවෘත්ති ඉවර වුණා. ආයිත් සින්දු.

කොළොම් තොටින් නැව් නැග්ගා
අපේ රටේ මනුස්සකම
කොළොම් තොටට ගොඩ බැස්සේ
අමන කමයි ඒ වෙනුවට.....


ප්‍රදීපා ධර්මදාසගෙ කටහඬ. තමන්ගෙ ස්වාමියා ගැන උණත් බය නැතුව ඇත්ත කියන්න පුළුවන් ජාතියෙ ගායිකාවක් තමයි ප්‍රදීපා කියන්නෙ. නමුත් මේ සින්දුව සැමියා ගැන එහෙම නෙවෙයි. ඩලස් අලහප්පෙරුම කියන්නෙ එදා ජනතා සාහිත්‍ය උළෙලෙදි විහාරමහ දේවි එළිමහන් රංගපීඨෙ දණ ගහල පොළොව ඉඹල මනුෂ්‍යත්වයේ දේශයක් ගොඩනලන්න ශපථ කරපු උත්තම මනුෂ්‍යයෙක්. ප්‍රදීපා වගේ ඇත්ත රැඩිකල් ලස්සන කෙල්ලක් ඩලස් එක්ක ඇත්ත ජීවිතේ කුසපබා රඟපාන්න ගත්තෙ ඒ ඇත්ත චේතනාවෙන්. ඔවුන් මේ කැත දේශපාලනේ එපා වෙලා ඇමරිකාවට යන්න ගියේ යුක්ති ගරුක දේශපානයක් නැති හින්දා වෙන්න ඕනෙ. නමුත් ආයෙත් ආවෙ? තාමත් මනුස්සකම තියනවයි කියල පෙන්නන්න හදන ඩලස් කියන්නෙ ආණ්ඩුවෙ ඇමති කෙනෙක්. ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙ භාණ්ඩාගාරික. මෙන්න මේ අතරෙ ප්‍රදීපට දෙමළ සම්මානයක් ලැබෙනවා. කොළොන්දු කියන දෙමළ සඟරාව තමයි මේ සම්මානය ඇයට දෙන්නෙ. මෙන්න ඒක පත්තරේ දාලා තියෙන හැටි.

"වැල්ලවත්ත දමිළ සංගම් ශාලාවේදී පසුගියදා පැවති මෙම සම්මාන උළෙලේදී ශ්‍රී ලාංකික කාන්තාවන් 09 දෙනකු වෙනුවෙන් සම්මාන ප්‍රදානය කළ අතර ප්‍රදීපා ධර්මදාස මහත්මිය මෙම සම්මානයට පාත්‍ර වූ එකම සිංහල කාන්තාව වූවාය."


මේ නිව්ස් එකත් එක්ක පින්තූරයක් දාලා තියෙනවා ප්‍රදීපා සම්මාන ගන්න පින්තූරයක්. කවුද දන්නවද ඒ සම්මානෙ දෙන්නෙ. කිළිනොච්චි දිස්ත්‍රික් ශ්‍රීලනිප සංවිධායිකා ගීතාංජලී නගුලේෂ්වරන්.

ප්‍රදීපා අපි කොහෙන්ද හිනාවෙන්න ඕනෙ?

චන්දරේ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



"සුදු වෑන් රථ" පැහැරගැනීමක් සිදුකොට ඒ වෙත එල්ලවූ බාහිර පීඩනයන් හේතුවෙන් සිය ජීවිත බේරාගැනීමට වරම හිමි වූ පළමු අවස්ථාව ලෙස කුමාර ගුණරත්නම් සහ දිමුතු ආටිගල සිද්ධිය වාර්තා ගත වේ. අනෙකුත් බලපෑම් යම් යම් ආකාරයෙන් බලපෑවත් සැබෑ ලෙසම මේ සදහා ඉවහල් වූයේ ඔස්ට්‍රේලියානු රජය විසින් සිදුකළ මැදිහත්වීම බව ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ විසින් දොරමඩලාවේදී සිදුකළ ප්‍රකාශයෙන් ද පැහැදිලි වේ. ලංකාව තුළ මෙතෙක් සාමාන්‍යකරණය වී තිබූ පැහැරගැනීමේ සංස්කෘතියට එරෙහිව දේශීය වශයෙන් මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද ආන්දෝලනයට ලක්වූ මෙම සිදුවීම මෑතකාලීන දේශපාලනයේ තීරණාත්මක සන්ධිස්ථානයක් සනිටුහන් කරයි.

මේ වන විට පැහැර ගැනීමට ලක්වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ඉදි‍රිපෙළ ක්‍රියාකාරිකයින් වූ ප්‍රේමකුමාර ගුණරත්නම් සහ දිමුතු ආටිගල යන මහත්ම මහත්මීන් පැහැරගැනීම තුළ තමන් මුහුණදුන් අත්දැකීම් මාධ්‍ය හමුවේ අනාවරණය කර ඇත. රජයේ මාධ්‍ය මගින් ප්‍රචාරය ලබාදෙන, රජයේ මාධ්‍ය ප්‍රකාශක සහ පොලිස් හා යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශකවරුන් ඉදිරිපත් කරන ප්‍රකාශය හා පරස්පර වන සැබෑ අත්දැකීම ගැන අදාළ වින්දිතයින් විසින් ඉදිරිපත් කරන ලද විස්තර මේ වන විට මාධ්‍ය හරහා ඔබ විසින් කියවන්නට අසන්නට දකින්නට ඇත. (බලන්න- දිමුතු ආටිගලගේ විශේෂ හෙළිදරව්ව, කුමාර් ගුණරත්නම්ගේ මාධ්‍ය හමුව)

මුලින්ම පැහැරගැනීමට ලක්වන්නේ දිමුතු ආටිගල මෙනෙවියයි. ගොඩගම ඇයගේ නිවස ආසන්නයේදී පැහැරගැනීමට ලක්වන ඇය ඇස් සහ පාද බැඳ තබන අතර පැහැරගැනීමට ලක්වන මුල් අවස්ථාවේ පහර දිමක් සිදුකරයි. නිල්පාට නිල ඇඳුම් ඇඳගත් දෙදෙනෙකු හා සිවිල් ඇදුමින් සිටි කිහිදෙනෙකු ඇය පැහැරගැනීමට එකතු වී ඇත. පක්ෂ ක්‍රියාකාරීත්වය, අරමුදල්, එල්.ටී.ටී.ඊ. සම්බන්ධතා, ඉදිරි අරමුණු පිළිබද ප්‍රශ්ණ කරනු ලබයි. ආරම්භයේ දක්වන ලද දෘඩබව හැරුණු කොට වෙනයම් හෝ පහරදීම් හෝ අඩන්තේට්ටම් සිදුනොකරයි.

ප්‍රේම්කුමාර් ගුණරත්නම් පැහැරගැනීමට ලක්වන්නේ ඔහු විසින් කිරිබත්ගොඩ පිහිටි සිය හිතවතෙකුගේ නිවසෙහි නිදාසිටින විටය. ඔහුට අනුව ඒ වන විට උදෑසන 4ත් 5ත් අතර කාලයයි. ආයුධ සන්නද්ධව සිටි පිරිසක් විසින් සිය නිවස වටකළ බවත් නිවසේ දොර කඩාගෙන ඔවුන් ඇතුලට පැමිණ තමන්ගේ ඇඳුම් වලින්ම දෑස් බැඳ තබා බලහත්කාරයෙන් වාහනයකට නංවාගනී. පැහැර ගැණුනු අවස්ථාවේදී මෙන්ම පැහැරගත් මුල් දිනය පුරාවට ඔහුට කායිකව හා මානසිකව හිංසනයන්ට පත්කරයි. විශේෂයෙන් ලිංගික හිංසනයන් ද සිදුකරයි. නමුත් දෙවන දිනය වන විට තත්ත්වය වෙනස් වන අතර ඔහුට සිදුකරන සැලකීම් වඩා යහපත් අතට හැරේ. අවසානයේ දෙමට‍ගොඩ අපරාධ කොට්ඨාශය අසලට වාහනයකින් රැගෙනවිත් පොලිසීය තුළට යන ලෙස ආයුධ එල්ලකොට තර්ජනය කරයි. පොලිස් ස්ථානයේ දී ප්‍රශ්ණ කිරීම් සිදුකොට ඔහුගේ වීසා බලපත්‍ර කල් ඉකුත්ව ඇතැයි චෝදනාකොට ඔස්ට්‍රේලියාවට පිටුවහල් කරයි. ඊට අවශ්‍ය සියළු නීති ක්‍රියාමාර්ග පැය කිහිපයක් තුළ සිදුකිරීමට නිලධාරීන් ක්‍රියාකරන අතර ඔස්ට්‍රේලියානු මහකොමසාරිස් ද කැටුව කටුනායක ගුවන්තොටුපලට ගොස් උදෑසන ඔස්ට්‍රේලියාවට පිටුවහල් කරනු ලබයි. [Might be JVP, who knows? Govt.]

රජයේ හා ඊට හිතවත් මාධ්‍යයන්ට අනුව මෙම පැහැරගැනීම සැලසුම් සහගත ක්‍රියාවකි. දිමුතු ආටිගල මෙනෙවිය‍ගේ පැහැරගෙන යාම ගැන කිසිවක් ප්‍රකාශ නොකරන ර‍ජයේ මාධ්‍ය ප්‍රකාශක ආමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන, කුමාර් ගුණරත්නම්ගේ පැහැරගෙන යාම පිළිබදව සඳහන් කරනවා වෙනුවට සහ ඔහු විසින් සිදුකළා යැයි කියන නිති විරෝධී දෑ පිළිබදව චෝදනා එල්ල කරයි. අතුරුදන්වීම යනු හුදු රගපෑමක් පමණක් බව පෙන්නුම් කිරීමට උත්සාහ කරයි. මෙම ඇමතිවරයාට අනුව කුමාර් ගුණරත්නම් විසින් පොලීසියට පැමිණ තමන්ගේ වෙන නමකින් පෙනී සිටින බවත් තමන්ට ඕස්ට්‍රේලියාවට යාමට අවශ්‍ය බවත් පවසා ඇත. පොලීසිය හා සියළු රාජ්‍ය ආයතන එකාවන්ව කටයුතු කර ඔහු‍ගේ අවශ්‍යතාව ඉටුකර දී ඇත. කුමාර් ගුණරත්නම් වෙත එල්ල කර සිටින චෝදනා විභාග කිරීමට කටයුතු නොකළේ මන්ද යන ප්‍රශ්ණයට ඔහු පිළිතුරු දෙන්නේ නැත.


අතුරුදහන් වූ ලලිත් කුමාර් වීරරාජ්


මෙකී සිදුවීම සමගින් දක්නට ලැබුණු සුවිශේෂී සිදුවීම් ගණනාවක් ඇත. ඒවායින් කිහිපයක් අප විමසා බලමු.

මෙකී අතුරුදන් වීම පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් දැනගනු ලබන්නේ අප්‍රේල් මස 07 වැනිදා උදෑසනින්ය. එකී සිදුවීම ආරම්භයේ සිටම ඔවුන් විසින් චෝදනා එල්ලකොට සිටියේ රජයේ ආරක්ෂක අංශ වෙතය. මෙනිසාම රජයේ නීතියට වඩා ඔවුන් විශ්වාස කොට තිබුණේ මහජනතාව, ජාත්‍යන්තරයේ සිටින තමන්ට ලැදි පිරිස්, දේශීය හා ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන, විදේශ තානාපති කාර්යාල, සහ විශේෂයෙන් කුමාර් ගුණරත්නම් පුරවැසිභාවය උසුලන ඔස්ට්‍රේලියානු රජයයි. මේ නිසාම කිරිබත්ගොඩ පොලීසියට පැමිණිල්ල ඉදිරිපත්කරන විට සවස 3 පමණ වූ බවට ප්‍රකාශ වන අතර ඒ වන විට ලෝකය පුරාවට මෙම පණිවුඩය ව්‍යාප්ත කර රජයට ඒ වෙනුවෙන් බලපෑම් කිරීමට අවශ්‍ය කටයුතු ඔවුන් විසින් සම්පාදනය කොට තිබුණි. ලාංකික රාජ්‍යය යනු එහි වෙසෙන සියළු ජනතාවගේ නියෝජිත ආයතනය නම්, මෙකී සිදුවීම එහි අසමත් බව පෙන්නුම් කෙරෙන අතිශය තීරණාත්මක කාරණයකි.

ජාතික හා ජාත්‍යන්තර මාධ්‍ය ආයතන විසින් මෙම පුවත් වාර්තාකරණය සිදුකිරීම මගින් මේ වෙනුවෙන් වූ සමාජ කැළඹුම වැඩිකරලීමට සමත්විය. විශේෂයෙන් කුමාර් ගුණරත්නම් යන චරිතය මේ වන විටත් සමාජයේ ගුප්ත චරිතයක් බවට පත්ව තිබීමත්, පෙරටුගාමී සමාජවාදී පක්ෂය ආරම්භ කිරීමට දින කිහිපයකට පෙර මෙම පැහැරගැනීම සිදුවීමත් මේ සදහා වඩාත් ඉවහල් විය. වඩා‍ත්ම තීරණාත්මක කාරණය වී තිබුණේ මේ ආකාරයට පැහැරගැනීමට ලක්වූ සියල්ලෝ සදාකාලිකව අතුරුදන් වූ පුද්ගල ගණයට අයත්වීමත්, ප්‍රාණය නිරුද්ධ සිරුරක් වත් සොයාගන්නට හැකියාව නොලැබීමත්ය. මේ හේතුව නිසාවෙන් බොහෝ පිරිස් කුමාර් ගුණරත්නම් හා දිමුතු ආටිගල යන පුද්ගලයින් පොදු අතුරුදන්ව ගිය පුද්ගලයින් අතරට එකතු කිරීමට පසුබට නොවූහ.

තත්ත්වය මෙ‍සේ වන විට රජයට කොන්දේසි විරහිත පක්ෂපාතීත්වය දක්වන පිරිස් හැරුණුකොට, අන් සියළු දේශපාලන කණ්ඩායම් නිල හා නිල නොවන ආකාරයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂයට සිය සහයෝගය පළ කර සිටියේය. විශේෂයෙන් විකල්ප දේශපාලන කණ්ඩායම්, වාමවාදී දේශපාලන කණ්ඩායම්, සිවිල් සමාජ බුද්ධිමතුන් මේ අතර ප්‍රමුඛව කටයුතු කළේය. රජයේ සියළු ක්‍රියාවන් ඇදහීමට පුරුදුව සිටි කොටස් වල ශක්තිය හීනවී සමාජය තුළ ඊට ප්‍රතිවිරුද්ධ පාර්ශවයේ ශක්තිය වඩ වඩාත් ඉස්මතුවන ආකාරය දක්නට ලැබුණි. මෙතෙක් කලක් ජනඅරගල ව්‍යාපාරයට විවේචන ඉදිරිපත් කළ පිරිස් ද එකී බාධක සිය පොදු අභියෝගය හමුවේ බාධයක් කොට ගත්තේ නැත. ලංකාව පිළිබද ප්‍රවෘත්ති සපයන දේශීය හා විදේශීය වශයෙන් ප්‍රවෘත්ති සපයන සියළු වෙබ් අඩවි සිය ක්ෂණික පුවත් වාර්තා අතර ප්‍රමුඛව වාර්තා කරන ලද්දේ මෙකී අතුරුදන් වීමේ සිදුවීමයි. ‍ ප්‍රවෘත්තිවල විශ්වාසවන්තභාවය සියයට සීයයක් තහවුරුව නැතත් සමහර පුවත් වෙබ් අඩවි විසින් කුමාර්, දිමුතු අත්අඩංගුවට පත්ව රඳවා තබා ඇති ස්ථාන හා පුද්ගයින් පිළිබඳව ද අනාවරණය කරන ලදී.

මෙම සිදුවීමෙන් හටගත් කම්පනය නිසාවෙන් නොයෙකුත් දේශපාලන සංවිධාන හා විද්වත් පිරිස් විසින් විවෘතව රජයට මෙකී සිදුවීම් පිළිබද චෝදනා එල්ල කරන ලද අතර, රාජ්‍යයක වගකීම් හා ක්‍රියාකාරීත්ව පිළිබද නැවත නැවත කරණු ඉස්මතු කරන ලදි. මෙතෙක් වෙන් වෙන්ව කටයුතු කරන ලද ලාංකික සමාජයේ හෘද සාක්ෂිය නියෝජනය කළ පිරිස් විසින් මෙකී සිදුවීම සුවිශේෂී අවස්ථාවක් කොට ගෙන පොදු සමාජය වඩාත් යහපත් කිරීමට යොදාගත හැකි තීරණාත්මක අවස්ථාවක් බවට පත්කර ගැනීමට උත්සාහ කරන ආකාරය දක්නට ලැබුණි. සැබැවින්ම ඒ වෙනුවෙන් වන මහජන එළැඹුමකට අවශ්‍ය වටපිටාවද ක්‍රම ක්‍රමයෙන් නිර්මාණය වෙමින් තිබුණි‍.


මෙතෙක් ජනඅරගල ව්‍යාපාරය හා පෙරටුගාමී සමාජවාදී පක්ෂය පිළිබද සිය කොන්දේසි විරහිත විවේචන ඉදිරිපත් කළ ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂයට හිතවත් ත්‍රිමාණ වෙබ් අඩවිය වඩා යහපත් සමාජයක් වෙනුවෙන් වන දේශපාලන සංහිඳියාවක් වෙනුවෙන් ඉදිරිපත් වීමේ මෙකී සිදුවීම තුළ කවර පාර්ශවයකින් වුවද දක්නට ලැබුණු දේශපාලනිකව වඩාත් ඉදිරිගාමී ක්‍රියාව බව සදහන් කළ යුතුය.

"මේ නිසා ඉදිරියේ සිදුවන ඕනෑම ආණ්ඩු විරෝධී පෙරමුණු ගැසීමක් සදහා අවම මූලධර්ම ගණනාවක් ගැන පොදු එකඟතාවය තීරණාත්මක සාධකයක් විය යුතු බව අපේ පසින් ප්‍රකාශ කරන්නට කැමැත්තෙමු. සෙනඟේ සහ මාධ්‍යයේ වශී කරන සුලු බලපෑමටත්, දේශපාලන තක්කඩින්ගේ ප්‍රතිපත්ති විරහිත ගොනු වීම් වලටත් එරෙහිව අප සටන් කළ යුත්තේ එමගින් ප්‍රතිපත්ති සහගත විප්ලවවාදී දේශපාලනය දියාරු කරවන බැවිණි."

-ත්‍රිමාණ 09.04.2012

තත්ත්වය මෙසේ වන විට කුමාර් ගුණරත්නම් හා දිමුතු ආටිගල පැහැරගෙන යාම පිළිබදව වඩාත් අලස ක්‍රියාපිළිවෙල සිදුවූයේ ජනතා විමුක්ති පෙරමුණෙන් බව දක්නට ලැබුණි. කුමාර් ගුණරත්නම් යනු ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මධ්‍යකාරක සභා සාමාජකයෙකි. දිමුතු ආටිගල යනු ඔවුන්ගේ කාන්තා සංවිධානයේ නායකාවකි. තත්ත්වයන් එසේ තිබියදී වුවද ඔවුන් විසින් දිගින් දිගටම කුමාර් ගුණරත්නම්ගේ අනන්‍යතාව ප්‍රති‍ක්ෂේප කිරීම එම අවස්ථාව තුළදී රජය විසින් තම වාසියට හරවාගෙන තිබුණි. ජවිපෙට හිතවත් LankaTruth වෙබ් අඩවිය විසින් මෙකී සිදුවීමට ලබාදී තිබුණේ අවම වටිනාකමකි. ජවිපෙ විසින් පසුව නිකුත් කළ මාධ්‍ය නිවේදනය තුළද සමස්ත අතුරුදන් කිරීමේ ක්‍රියාවලිය පිළිබද අවධාරණය කර තිබුණා මිසෙක මෙකී සිදුවීමේ දේශපාලනික සු‍විශේෂීත්වය ‍නොසළකා හැර තිබුණි.

"ජනඅරගල ව්‍යාපාරයේ සාමාජිකයෙක් හා සාමාජිකාවක් ආරක්‍ෂක අංශ විසින් පැහැර ගෙන ගොස් ඇතැයි එම ව්‍යාපාරය විසින් මාධ්‍ය හමුවකදී පවසා තිබේ. එය ඉතා බරපතල කරුණකි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය බරපතල අනතුරකට ලක්වීමකි. අපේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය දිනෙන් දිනම අනතුරට පත්වෙමින් තිබේ. මාධ්‍යවේදීන්ට පහර දීම්, මරා දැමීම් හා මාධ්‍ය ආයතන ගිණි තැබීම්, පුද්ගලයන් පැහැරගෙන යාම්, බිය වැද්දීම්, සාමකාමී විරෝධතාවලට පහර දීම්, සාමාකාමී උද්ඝෝෂණවලට වෙඩි තබා නිරායුද පුරවැසියන් ඝාතනය කිරීම් දිගින් දිගටම සිදුවෙමින් තිබේ. මෙය වහාම පරාජය කළ යුතු බරපතල තත්වයක් ලෙස අපි දකිමු.

රටේත් ජනතාවගේත් ප‍්‍රශ්න වලට විසඳුම් නැති දුර්වල පාලකයින් පෙළඹී ඇත්තේ ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් විනාශ කිරීමට බව පැහැදිළිය. එබැවින් ගොඩනැගෙමින් තිබෙන මෙම ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී හා මර්දනකාරී තත්වය වහාම පරාජයට පත් කිරීම සඳහාත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් රැකගැනීම සඳහාත් පෙරට එන ලෙස අපි ප‍්‍රජාතන්ත‍්‍රවාදය අගයන සිංහල, දෙමළ, මුස්ලිම් සියලූම ජනතාවගෙන් ඉල්ලා සිටිමු."


-LankaTruth 08.04.2012

මෙම පැහැරගැනීම සම්බන්ධයෙන් ජවිපෙ සම්බන්ධයක් ඇත්දැයි කුමාර් ගුණරත්නම්ගෙන් ඇසූ විට ඔහු කිසිදු දේශපාලන කුහකත්වයකින් තොරව ප්‍රකාශ කොට සිටියේ ඊට ජවිපෙ කිසියම්ම හෝ ආකාරයක සම්බන්ධයක් ඇතැයි ඔහු නොසිතන බවයි. මෙය සාම්ප්‍රදායික ජවිපෙ හැසිරීමට එහා ගිය තත්ත්වයකි. කුමාර් ගුණරත්නම් පැහැදිලිවම කියා සිටියේ ජවිපෙ සම්බන්ධයෙන් වන දේශපාලන විවේචනය පිළිබදව විනා ඔහු අවස්ථාවාදී ප්‍රකාශයක් කිරීමට පෙළඹුණේ නැත. පැහැරගැනීමේ කම්පනය පහවීමටත් පෙර මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වූ දිමුතු ආටිගල මෙනෙවිය විසින් පරිණත නොවන ආකාරයෙන් ජවිපෙ ඈදාගැනීම, මේ අනුව නි‍‍ශේධ වූ බව මගේ විශ්වාසයයි.

කුමාර් ගුණරත්නම් හා දිමුතු ආටිගල යනු ජවිපෙ දෙවන මර්ධනයෙන් පසු එම පක්ෂය ප්‍රජාතන්ත්‍රවාදි ප්‍රවාහයේ තීරණාත්මක පක්ෂයක් බවට පත්කරලීමේ ක්‍රියාවලියේ ප්‍රමුඛතම කාර්යභාරයක් ඉටුකළ පුද්ගයින් දෙදෙනෙකි. කුමාර් ගුණරත්නම් යනු 1994 මහ මැතිවරණයේදී ජවිපෙ විසින් දිනාගත් එකම මන්ත්‍රී අසුන නියෝජනය කිරීමට පක්ෂය විසින් නම් කළ පුද්ගලයා බවද කියැවේ. ප්‍රසිද්ධ දේශපාලන වේදිකාව තුළ දක්නට නොලැබුන ද ජවිපෙ ප්‍රධාන පෙළ නියෝජනය කළ පුද්ගලයෙකු වන කුමාර් ගුණරත්නම් ගේ අනන්‍යතාව ජවිපෙ විසින් දිගින් දිගටම ප්‍රතිකේෂප කිරීම යනු වත්මන් රාජපක්ෂ ආණ්ඩුව විසින් පුද්ගල අතුරුදන් වීම් පිළිබදව සිය සම්බන්ධයක් නොමැති බවට සිදුකරන ප්‍රකාශයෙහිම සංකල්පමය දිගුවකි. අප විසින් ප්‍රතික්ෂේප කළ යුතු දේශපාලන සම්ප්‍රදාය එයයි.


ලංකාවේ දේශපාලඥයින් විසින් සිදුකරන ජනතාවිරෝධී ක්‍රියාවලීන් හෙළිදරව් කරමින්, විකල්ප පුවත් සැපයීමේ කර්තව්‍යයේ ප්‍රමුඛ කාර්යභාරයක් සිදුකිරීම නිසාම රජ‍යේ මර්ධනයට හසුවූ ප්‍රධානතම මාධ්‍ය ආයතනය වූයේ ලංකාඊනිව්ස් වෙබ් අඩවියයි. එකී වෙබ් අඩවියේ මාධ්‍යවේදියෙකු වූ ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කොට ඇති අතර මෙම වෙබ් අඩවිය ද ලංකාව තුළ වාරණයට ලක්කොට ඇත. තත්ත්වය මෙසේ වුවද කුමාර් ගුණරත්නම් හා දිමුතු ආටිගල පැහැරගෙන යා‍මේ සිදුවීම් වාර්තාකරණය සිදුවූයේ ඔවුන් දෙදෙනා මෙන්ම ජනඅරගල ක්‍රියාකාරීන් පිළිබද වෛරී ආකාරයකින් බව එම වෙබ් අඩවියේ ඕනෑම පාඨ‍කයෙක් හට තේරුම් යන දෙයකි.

"ජවිපෙන් කැඩී ගිය කචල්කාර කණ්ඩායමේ නායකයා යැයි කියාගන්නා කුමාර මහත්තයා නමැත්තා සහ එම කණ්ඩායමේ සාමාජිකාවක් වන දිමුතු ආටිගල නමැත්තිය කිසියම් කණ්ඩායමක් විසින් පැහැර ගෙන ඇතැයි එම කණ්ඩායමේ පුබුදු ජයගොඩ පවසයි. ඔහු කියන අන්දමට ඊයේ (06) රාත්‍රී 8 ට පමණ ගොඩගමදී දිමුතු ආටිගල පැහැර ගෙන ඇති අතර අද(07) උදෑසන කුමාර මහත්තයා නමැත්තා පැහැර ගෙන තිබේ. පැහැර ගත් ආකාරය ගැන වැඩි විස්තර නොකියන ඔව්හු මේ පිලිබඳ අද මධ්‍ය හමුවක් කැඳවමින් තොරතුරු කියන බව පවසයි. මාධ්‍ය මගින් මේ පිළිබඳ විස්තර ඇසූ විට පුබුදු ජයගොඩ පවසා ඇත්තේ මෙය පළ කරන විට ඔවුන්ගේ නව පක්ෂයේ නම යොදා පළ කරන ලෙසයි."

-ලංකාඊනිව්ස් 07.04.2012

ජනඅරගල ක්‍රියාකාරීත්ව පිළිබදව දේශපාලනික විවේචන පැවතීම සාධාරණය. එහෙත් අතුරුදන් වීමක් යනු කවර තත්ත්වයක් යටතේ වුවද පිළිගත නොහැකි තත්ත්වයකි. දේශපාලන පක්ෂ නායකයින් පමණක් නොව පාතාල ක්‍රියා හෝ මත්ද්‍රව්‍ය වෙළදාමට සම්බන්ධයැයි චෝදනා ලද්දවුන්ට මෙන්ම එල්.ටී.ටී.ඊ. සම්බන්ධකම් පැවැත්වූවා යැයි සැකකෙරෙන පුද්ගලයින්ට පවා අතුරුදන් වීමට නොව නීතියේ ක්‍රියාවලිය හරහා යුක්තිය පසිඳලීමේ ක්‍රියාදාමයට ඇතුලත් වීමට ඉඩකඩ ලැබිය යුතුය. මානව ශිෂ්ඨත්වය යනු එයයි.

උතුරු නැගෙනහිර ප්‍රදේශවලත්, කොළඹත් දමිළ ජනයා කේන්ද්‍රකොටගෙන සිදුවූ පුද්ගල අතුරුදන් කිරීම දකුණේ සමාජය විසින් කොන්දේසි විරහිතව අනුමත කරන ලදී. එකල්හි විශේෂත්වය වූයේ දමිළ ජනයා අරඹයා පමණයක් එය ක්‍රියාත්මක වීමත්, ත්‍රස්තවාදය යන ලේබලය ඒ සෑමතැන්හිම සනිටුහන්ව තිබීමත්ය. එල්.ටී.ටී.ඊ.යට විරුද්ධ දැවැන්ත සමාජ මතයක් ගොඩනැංවීමටත්, එය ජාතිකවාදී තලයට ඔසවා තැබීමටත් වඩාත් ප්‍රමුඛතම කාර්යභාරයක් සිදු‍කළේ ජනතා විමුක්ති පෙරමුණයි. දැනට පෙරටුගාමී සමාජවාදී පක්ෂය නිර්මාණය කරගනිමින් ඉන් වෙන්ව සිටින පිරිස් ද මේ සදහා අනුබල දී ඇති බව ඔවුන් විසින් පිළිගත යුතුමය. රාජපක්ෂ රෙජීමය විසින් සිදුකළේ එල්.ටී.ටී.ඊ.ය පෙන්වමින් දමිළ සමාජය මර්ධනය කිරීමට යොදාගත් උපායන් යුද්ධය නිමාවීමෙන් අනතුරුව දකුණේ සිංහල සමාජය වෙනුවෙන් ආදේශ කිරීම පමණි.


යුද්ධය හැරුණු කොට ගෙන ප්‍රදර්ශනවාදී මාධ්‍ය හරඹ හා සංවර්ධනය පිළිබද විකෘති කරන ලද සංඛ්‍යා දත්ත ඉදිරිපත් කරමින් සිටිනවා විනා රාජපක්ෂ රෙජීමය විසින් රාජ්‍යයේ අනෙකුත් කිසිම කර්තව්‍යයක් සාර්ථකව ඉටුකළා යැයි කිව නොහැක. සියළු තැන්හි ඇත්තේ වඩ වඩාත් ගරා වැටුණු තත්ත්වයකි. සිය පවුල කේන්ද්‍රකොට ගෙන කටයුතු සංවිධානය කිරීමත්, බලයට ඇති දැඩි කෑදරකමත්, තමන්ට අවශ්‍ය අරමුණු ඉටුකරගැනීමට උදව් ලබාගන්නා දූෂිත නිලධාරී පන්තියක් (ආරක්ෂක අංශ ද ඇතුළුව) නඩත්තු කිරීමත් වැනි කාරණා නිසා ජනප්‍රියවාදයකින් එහා ‍‍ගොස් සැබෑ සාර්ථකත්වය ළගා කරගැනීමට අසමත්ව ඇත.

ආර්ථික ප්‍රශ්ණ ගැටළු මුලික කරගත් පරිහානිය නිසා සමාජ කැළඹුම තීව්‍ර වී ඇත. ආණ්ඩුව පෙරළීම සදහා තව දුරටත් අවශ්‍යව ඇත්තේ ශක්තිමත් දේශපාලන නායකත්වයක් පමණි. තත්ත්වය එසේ වුවද රාජපක්ෂ රෙජීමය මේ වන විට ගමන්කොට ඇත්තේ පරාජයක් ඉවසාගන්නා තත්ත්වයක නොවේ. ඔවුන් විසින් සිය බලය අනිසි ලෙස උපයෝගී කරගනිමින් සිදුකර ඇති දූෂිත හා වෛරී ක්‍රියා නිසා රාජ්‍ය බලය නොමැති රාජපක්ෂ පවුලක් ගැන සිහිනෙන් වත් සිතිය නොහැක. මෙතෙක් ලංකාවේ බලය ලබාගැනීම හා පරාජයට පත්වීම සාමාන්‍ය දෙයක් වුවත් රාජපක්ෂ අරභයා එය එසේ වේ දැයි යන්න ප්‍රශ්ණයකි. මෙනිසාම ජනබලය කේන්ද්‍ර වන යම් තැනක් වේද, ඒවා රාජපක්ෂ රෙජීමයට දැනෙන්නේ අන්වීක්ෂයකින් ඒදෙස බලනවා වැනි හැඩයකිනි. තමන්ව හෙලා දකින තැනක ජන බලය එක්තැන් කිරීම ඔවුන්ව නිසැකවම භීතියට පත්කරනු ලැබ ඇත. කුමාර් ගුණරත්නම් හා දිමුතු ආටිගල අතුරුදන් වන්නේ මෙවැනි වටපිටාවකය. මීට පෙර එම ව්‍යාපාරයේම ලලිත් හා කුගන් නැමැති ක්‍රියාකාරිකයින් දෙපලක් ද පැහැරගෙන ගොස් ඇත.

මෙකී තත්ත්වය රටක් ලෙස කිසි ලෙසකින් වත් හිතකර වූවක් නොවේ. කොතරම් ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් වෙනුවෙන් හඩනැගුවද ඒවා පලක් වේ දැයි කිව‍නොහැක. එසේ වුවද ආරම්භයක් ලෙසවත් කිසියම් ආකාරයේ ප්‍රජාතන්ත්‍ර විරෝධී වැඩකටයුතු වෙනුවෙන් සමාජයක් ලෙස කොන්දේසි විරහිතව පෙනී සිටිය යුතුය. කෙතරම් පාතාල ක්‍රියාකාරකම් වල චෝදනා එල්ල වුවත්, මත්ද්‍රව්‍ය චෝදනා එල්ල වුවත් නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා විනා රාජ්‍ය ත්‍රස්තවාදය යොදා ඒවා මැඩලීමට ඉඩනොදිය යුතුය. සැබෑ කොටම ගත් කළ ලංකාවේ ප්‍රබලතම පාතාලයත්, ලොකුම මත්ද්‍රව්‍ය වෙළන්දනුත් සිටිනුයේ රජයේ ඇමතිමණ්ලයේ බවට තව දුරටත් සාක්ෂි අවශ්‍ය නැත. මිනිසුන් ලෙස අපගේ මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් වත් සුරක්ෂිත කළ යුතුය. තවදුරටත් කිසිම පුරවැසි‍යෙකු කැලෑ නීතියේ හෝ අවනීතියේ ගොදුරු බවට පත්විය යුතු නැත. ඒ සදහා සැවොම පෙරමුණ ගත යුතුය. ඔස්ට්‍රේලියාවේ සිට කුමාර් ගුණරත්නම් මෙන්ම මෙරට විද්වත් පිරිස් ද අවධාරණය කළේ එයයි.



Man returns after Sri Lanka kidnap ordeal -NewsOnABC


අතුරුදන්වීමේදී එක්ව ක්‍රියාකළ පිරිස්, අතුරුදන්වීමේ මූලබීජයන් විනාශකරලීම සදහාද එකමුතු විය යුතුය. ඒ සදහා තීරණාත්මක මුල්පියවර ගත හැක්කේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයටය. තමන්ගේ ක්‍රියාකාරිකයින් වෙනුවෙන් ඉදිරියට පැමිණි සමාජය සමස්ත සමාජය සුදුවෑන් භීතිකාවෙන් ගලවා ගැනීමට මෙහෙයවිය යුතුය. ඒ වෙනුවෙන් පටු දේශපාලනික වාසි පසෙකලා විවෘතව කටයුතු කළ යුතුය. ඉතිහාසය විසින් වෙනස්වීමට, වෙනස් කිරීමට ලබා දුන් තවත් අවස්ථාවක් ලාංකික සමාජය කෙසේ කළමණාකරණය කරගනීවිද යන්න දැන් අප මුහුණ දෙන තීරණාත්මක ප්‍රශ්ණයයි.

සුමුදු තිවංක ගමගේ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



අතුරුදන් කිරීම යනු එදිනෙදා ලාංකේය ජීවිතය තුළ ‘බඩගින්න’, ‘විරැකියාව’ සහ ‘උද්ධමනය’ යන වචන තරමට ම සමීප වෙමින් සුලභ වෙමින් ඇත්තා වූ වචනයකි. අලුත්ම ගොදුර බවට පත් වූ ජන අරගල ව්‍යාපාරයේ/ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රේමකුමාර් ගුණරත්නම් සහ දිමුතු ආටිගල දෙදෙනා යළි පැමිණිය හ. (එලොව ගිහින් මෙලොව ආහ!) හරි නම් දැන් ගෙවී යා යුත්තේ, සාමාන්‍යයෙන් සිදු නොවෙන අන්දමට ඔවුන් දෙදෙනා තවමත් පණ පිටින් සිටීමේ පුදුමය විග්‍රහ කර ගැනීමේ කාලයයි. එහෙත්, 'නොපැමිණි' සුනාමිය සහ පැමිණි අලුත් අවුරුදු සොමියට යට ව "අතුරුදහන් වීම්" පිළිබඳ සංවාදය ද පුවත් සිතියම් වලින් 'අතුරුදහන්' වෙමින් යාමට නියමිතය. නො එසේ නම්, ආණ්ඩුවේ ඇමතියෙකු විසින් කීමට නියමිත ඉල ඇදෙන ත්‍රාසජනක බලු-විහිලු කතාවක් මගින් සියලු සංවාද ජෝක් කොට ජනතාවගේ හිනා බඩවැල කුප්පනු ලැබ අදේශපාලනික මෝඩ කාටූන සහ ෆෝවඩිං මේල් වලින් සැප ගැනීමේ කාලය එළඹෙනු ඇත.

ඇම්නෙස්ටි ජාත්‍යන්තරය පවසන පරිදි පසුගිය මාස හය තුළ අතුරුදන් කරන ලද සමාජ දේශපාලන ක්‍රියාකාරිකයින් සහ මාධ්‍යවේදීන් ගණන තිස් දෙකකට (32) අධික වන අතර 2005 න් පසු මරා දමනු ලැබූ මාධ්‍යවේදීන් ගණන දහයකට (10) අධික ය. එක්නැළිගොඩ, ලසන්ත වික්‍රමතුංග සහ ලලිත්, කූගන් සිද්ධීන් කිසිදු විළිලැජ්ජාවකින් තොරව නොතකා හරිමින් රජය අඟවමින් සිටින්නේ ඒවා කිසියම් පිටසක්වල අධිකාරියක් මගින් මෙහෙයවන ලද පැහැරගැනීම් හෝ ඝාතන විය හැකි නමුත්, ඔවුන් සතු මහත්මා ගුණයක් නිසා ඒවා ගැන අවසානයක් නොදන්නා කාලාන්තයක් දක්වා පොලිස් පරීක්ෂණ කෙරි කෙරී කෙරි කෙරී යන බවය. මේ අපූරු 'ප්‍රජාචංචවාදී' ආණ්ඩුව දුවමින් සිටින්නේ කොහේද? පුහුල් හොරා (හොරුන්), ටී.වී. තිර ඇතුළේ සිට තම තමන්ගේ කරවල් පිහිමින් ජනතාවගේ සාලයට මිනී අළු වගුරවමින් සිටිති!

සුදු වෑන් අතේ මාට්ටු වී අවසානය. ඒවා එන්නේ කොහේ සිටද කාගේ අණින් ද යන්න තව දුරටත් නොතේරෙන කෙනෙක් වේ නම් ඔහු හෝ ඇය එක්කෝ මේ අපරාධකරුවන්ගේ වලව් වල ඉඳුල් ලොවින ප්‍රවේණි දාසයෝ විය යුතු ය. නො එසේනම් නෙළුම් පොකුණේ ෆ්‍රී ඔෆ් චාර්ජ් නාට්ටියක් පෙන්නීමට හීන බලන නාට්ටිකාරයෙකු විය යුතුය. සිල් රෙදි, ටයි කෝට් අස්සෙන් එන මිනී පුළුටු ගඳ හඳුනා ගැනීමට අවශ්‍ය වන්නේ නැහැයක් නොව ඔලුවකි!


කුමාර් ගුණරත්නම්ගේ මාධ්‍ය හමුව [-lankaviews.com]


ආණ්ඩුවට නොඑසේනම් රාජපක්ෂ රෙජීමය ට බලය යනු හුදෙක් තව වසර කිහිපයක් භුක්ති විඳ දමා යා හැකි අනියත දෙයක් නොවේ. මේ නිධානය තවත් පරම්පරා කිහිපයක් දක්වා පරිභෝජනය කිරීම ඔහුගේ අරමුණ යි. ඒ සඳහා ඒ සුධීමතුනට ඇති බාධා මොනවාද? බලය රැක ගැනීම සඳහා කිසියම් පාලනාධිකාරයකට අතවශ්‍ය සාධක වලින් එකක් වන ආර්ථිකය ලංකාවේ නම් දැන් ඇත්තේ අඳුරු අගාධයක ය. එහෙත් සිය සුවිසල් යයි පෙන්වන සංවර්ධන වැඩ පිළිවෙලවල් (පාරවල්, වරාය සහ පාලම් තැනීම පමණක් මීට අයත් වන බව කරුණාවෙන් සලකන්න!) ජනතාවට පෙන්වමින් අනෙක් අතට සිය අන්තර්ජාතික දහං ගැටවලින් ජනතාව ණය කරමින් මහා පරිමාණයෙන් ණය ලබා ගනිමින් තිබෙන තත්වයට වඩා හාත්පසින් වෙනස් තත්ත්වයක් මවා පෑමට සහ රට සංවර්ධිත බව ජනතාවට ඒත්තු ගැන්වීමට ආණ්ඩුව සමත් ව තිබේ.

ඒ අනුව ජිනීවා ගැටළුව සහ චීනය වැනි රටවල වැඩි පොළී ණය ආදියේ පිහිටෙන් තව කලක් අල්ලා සිටිය හැකිය. එවැනිම වැදගත් කරුණක් වන්නේ දේශපාලනික බලාධිකාරය වෙනස් කල හැකි සාධකය වන මැතිවරණය යි. වියැකෙමින් ගිය ද තවමත් පපුවේ රස්නය යන්තමට රැඳී ඇති යුද ජයග්‍රහණයේ මළමිනිය ද මවා පෙන්වන අන්තර්ජාතික කුමන්ත්‍රණ නම් ව්‍යසනය ද ඉහත කී ඊනියා සමෘද්ධිමත් සංවර්ධන වැඩපිළිවෙලවල් ද ඔවුන් ව ඒ කඩුල්ලෙන් ද එතෙර කරවනු ඇත. ඒ නිසාම ප්‍රධාන විපක්ෂය හෝ ජවිපෙ හෝ වෙන කිසිදු ප්‍රධාන දේශපාලන පක්ෂයක් ඔවුන්ට තව දුරටත් තර්ජනයක් නොවේ. ඒ සියලු පක්ෂ මැතිවරණ ක්‍රමය විශ්වාස කරන අතර ඒ නිසාම මේ විෂම යාන්ත්‍රණය තවදුරටත් පවත්වා ගෙන යාමට විටෙක දැනුවත්ව ද තව විටෙක මුග්ධකම නිසා නො දැනුවත්ව ද දායක වෙති. ඒ නිසාම රාජපක්ෂ රෙජීමය සතු බලය බිඳ හෙළීමට කිසිසේත් අසමත් වෙති. ඒ අනුව දෙමළ අරගලය හෝ ඩයස්පෝරාව හෝ කොඳු කඩන ලද විපක්ෂ හෝ කඩා වැටෙන ආර්ථිකය හෝ ඔවුන්ට මේ නිශ්චිත මොහොත තුළ බාධකයක් නොවේ.



ගෝඨාභය රාජපක්ෂ සුදු වෑන් සහ (සුරා) බදු වෑන් ගැන
දොරමඬලාවේදී[-gossiplk]


ඔවුන ට බාධාවක් විය හැක්කේ එක් දෙයක් පමණි. ඒ ජනතා නැගිටීමකි. අවසාන ප්‍රතිඵලය කෙබඳු වුවද මැද පෙරදිග හරහා හමා යමින් ඇති ජනතා නැගිටීම් යනු පාලකයාගේ දෘෂ්ටි කෝණයෙන් නම් කිසිසේත් සුභ ලකුණක් නොවේ. තමන් ජනතාව ඒකරාශී කරමින් කරන්නාවූ අරගල හරහා මේ ක්‍රමය වෙනස් කිරීමට උත්සහ දරණ බව ජන අරගල කණ්ඩායම ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇත. බොහෝ තරුණ පිරිසක් ද ජවිපෙ වටා සිටි බිම් මට්ටමේ ක්‍රියාධරයින්ගෙන් බහුතරයක් ද තමන් සමඟ බව ඔවුහු විශ්වාස කරති. කෙසේ වුවද ජනතාව ඇහැරවීම භයානක ය. ජන අරගල කණ්ඩායම හෝ කවරක් හෝ වේවා යමෙකු සැරසෙන්නේ බලයට අභියෝග කිරීමට නම් අඩු ගණනේ වචනවලින් හෝ එසේ කිරීමට සැරසේ නම් එය ලත් තැනම ලොප් කිරීම හැර වෙනත් විකල්පයක් ද රෙජීමයට නැත. මේ තරම් උපක්‍රම භාවිත කොට ඝාතන සිදු කොට භේද භින්න කොට රැක ගත් බලය නිකම් ම පුස්සක් වීමේ අවදානම ගන්නේ ඇයි?

මේ අදහස් දැක්වීමට ඇති අයිතිය ද දේශපාලනික වීමේ අයිතිය ද ප්‍රජාතන්ත්‍රවාදය ද අමු අමුවේ මර්ධනය කරන්නා වූ ක්‍රියාවලියක තවත් දිගුවකි. ජන අරගල කණ්ඩායම ම උදාහරණයට ගතහොත් පසුගිය මාස කිහිපය තුළ ඔවුනට කිහිප වරක් ම පහර දුන් බැව් අසන්නට ලැබිණි. ජවිපෙ විසින් කළා යයි කියන මේ පහර දීම්වලට එරෙහි කිසිදු පියවරක් නීතියෙන් ක්‍රියාත්මක නොවුණි. ඒ ආණ්ඩුව ‘සතුරාගේ සතුරා මිතුරා ය. ’ යන ආප්තයෙහි එල්බ ගෙන සිටි නිසා වන්නට ඇත. දැන් මර්ධනය තිරස්ව නොව සිරස්ව ඉහට උඩින් එල්ල වෙයි. ජවිපෙ කණගාටුව ප්‍රකාශ කරයි! මේ එතරම් ම උත්ප්‍රාසවත් මොහොතකි. ඊයේ පෙරේදා වන තුරුම එක පතේ කා 'එක සරමේ' බැහැගෙන සිටි සහෝදරවරුන් හොය හොයා රිඹ යන්නට පහර දෙන ජවිපෙ, හදිසියේ ම ඇහැරී මානව හිමිකම් ගැන දොඩවන විට අහා... ප්‍රේක්ෂක අපට කිචි කැවෙන තරම! අද ගොදුරු බවට පත්ව ඇති මේ ඇතැමුන් විසින් ම දිවා රෑ කඹුර කඹුරා උගුරුත් පුකත් හමයන තුරු කෑ ගහමින් ඇති දැඩි කොට අභිෂේක කොට මුදා හළ බල්ලා, අංශක තුන්සිය හැටේ කක්ෂීය චලනය නිමවා, අවසාන වශයෙන් දැන් ඔවුන් ම සොයා පැමිණ ඇත. අප ඒ බව සිහි කරන්නේ නරුම විනෝදයක් ප්‍රතිනිෂ්පාදනය කිරීමට නොව, එදා බල්ලා බෑ කියද්දී නාන්න ඇදගෙන ගිය "බඩියන්" අද ගොදුරු බවට පත්ව ඇත්තේ යම් සේ ද එපරිද්දෙන් ම, අද බල්ලන් සමග එක්ව දඩයමේ යන "බඩියන්"ගේ ද ප්‍රයෝජ්‍ය වටිනාකම් ඈවර වෙන දිනයක ඔවුනට ද අත් වන්නේ මේ ඉරණම ම බව සිහි ගැන්වීමටයි.



දිමුතු ආටිගලගේ මාධ්‍ය හමුව [-lankaviews.com]


එක්නැළිගොඩ, ලලිත්, කූගන්, පාතාලයන් ලෙස ලේබල් කරන ලද විරුද්ධවාදීන්, කිසිවිටෙක අධිකරණයක් ඉදිරියට නොපමුණුවන ලද හුදු සැකකරුවන් සහ මතක හිටින්නට තරම් නෝටබල් නම් නැති එකී නොකී මෙකී මිනිසුන් සියගණනක් ද අතුරුදහන් ය. ඔවුහු කිසිවෙකු හෝ කුමාර් හෝ දිමුතු මෙන් ආපසු පැමිණේ දැයි දන්නේ උඩ ඉන්න දෙවියෝ පමණකි. [ආහ් වරදුණා... සමාව! පුටුව උඩ ඉන්න දෙවියෝ පමණකි!]

පුදගලයන් මතු නොව අතුරුදහන් වූවන් සැමරීමට ඉදි වූ ස්මාරක පවා හිටි වන ම අතුරුදහන් වෙයි. ඊටත් වඩා පුදුමය නම් එකී ස්මාරක සමගම ඒවා නිර්මාණය කළ ජනතාවාදී යැයි කිවූ කලාකාර මහතුන් ද අතුරුදහන් වීමයි. එබඳු එක් සිත්තරනයිදේ කෙනෙකු මේ නොබෝ දා තමන්ම ඉදි කළ ස්මාරකය අතුරුදහන් කළ ආණ්ඩුවේ, කලාව සහ සංස්කෘතිය භාර බෙල්ලක් නැති මාමයිට් ඩප්පියකට තමන්ගේ සහ සෙසු ශිල්පීන්ගේ නිර්මාණ පෙන්වමින් පසු ගමන් ගියේලු! අහා... අහිංසකයනි, තොප මේ අලුත් ලංකා පොළොවට බරකි. ඉඳින් මේ උන් හිටි 'හිලු'ත් අතුරුදන් වන යුගයයි!

පාඩම් ඉගෙන ගන්නට කොමිසම් දැමූ ආණ්ඩුව ජීනීවා සමුළුවේ දී රහසින්වත් නොකී රස රහසක් දැන් ඉතින් අපට නම් ලීක් වී අවසානය. ඒ වෙන මොනවා නැතත්,මේ පින් බිමෙහි සියළු සත්ත්වයන්ගේ අතුරුදහන් වීමේ අයිතිය නම් සියයට සියයක් ම සුරක්ෂිත බවය...! දැන් මේ රටට අඩු, ඒ සුරක්ෂිතභාවය යාව ජීව කොට නඩත්තු කිරීම පිණිස බලවත් ඇමතිවරයෙකු මගින් නිල වශයෙන් පාලනය වන ජාතික අතුරුදහන් කිරීමේ අමාත්‍යාංශයකි...!

ආලෝක රණසිංහ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



සොරබොර වැවේ දැන් සොඳ සොඳ ඕලු නැතී
නගරෙට ගොහින් ෆැක්ටරියේ වැඩට යතී
යථාර්ථයේ කරවිල උන් උයා කතී
කවුළුදොරින් වල්ගා තරු දෙස බලතී

ඔබත් මොබත් බල ෆැක්ටරි වැවාණෝ
කඳුලින් ඩහදියෙන් උතුරන වැවාණෝ
දිය නොසිඳෙන වීරිය පිරි වැවාණෝ
නිල්මල් බිසව් දිය කෙළිනා වැවාණෝ!

අවුරුද්දට එරබදුවල පඩි පිපිතේ
බෝනස්වලින් මුල් ඇදලා හිනා වෙතේ
ලංගමයේ තුන් කුදු වී ගමට යතේ
බෑග් එකෙන් වෙහෙස වසා සිනාසෙතේ

මුළුතැන්ගෙයි එක පහනක් දිලෙන්නේ
දුම් අතරින් අම්මගෙ රුව මැවෙන්නේ
සංසාරේ හැම පවක් ම ගෙවෙන්නේ
අම්මට තමයි මුළු පඩියම ගෙනෙන්නේ

අඳ කුඹුරේ අප්පච්චී සිටින්නේ
ගිනි දලුමයි මතු වී එහි තියෙන්නේ
පොලිය නිසා කුරුසයකයි ගැහෙන්නේ
ණය ගෙවන්ට පිං අරගෙනමයි එන්නේ

වතුර නොමැති නංගිගෙ රුව පෙනෙන්නේ
පර්ස් එකේ දාගෙන වැහි ගෙනෙන්නේ
කවදාවත් මල් නැතුවා පෙනෙන්නේ
ඕටීවලින් මල් අරගෙන වඩින්නේ

ඉරේ රුව බලන් නැකතට වඩින කොට
සඳේ රුව බලන් ගමරට වඩින කොට
මලේ රුව බලන් ගේ ළඟ පිපෙන කොට
වැවේ රුව බලන් සෙනෙහෙන් පිරෙන කොට

පඩියෙන් පඩිය වයසට යන සඳාණෝ
ජුකී මැසිම පාගන රන් කඳාණෝ
බැංකු පොතේ පිටු පෙරලා බලානෝ
ඉතිරි කරපු ඩහදිය මුතු නැතානෝ

සමිත බී. අටුවබැන්දෑල



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



අතපසුව ග්‍රැෆික් සිත්තරෙකු හට
කොරල් ඩ්‍රෝ සිත්තම් පුවරුවකින්
ගිලිහි ගිය
රත්තරන් පාට තරු කැටයකට
හිලව් වුණා පුතේ
උඹේ අවුරුදු හිනාව

"දිග...නිවාඩුවකට
තාත්තා එනවාද
මගේ අවුරුදු චෝයියයි
නිලා කූරුයි
බඹර චක්කරයි
අහස් කූරුයි අරගෙන
තාත්තා එනවාද
දිග... නිවාඩුවකට"


දුර ඇමතුමක ඇමුනුණු
නුඹේ හුරතල්ම තෙපුලකට
තෙත් වූ නෙත තුටු කඳුලකට
මුවා වී මඟ හැරුණු හිස් තැනක්
රතු පෑනත් නොදුටු
පුංචි තරුවක් වැටුණු හිස් තැනක්
හිස් කළා නුඹේ අවුරුදු සතුට

ප්‍රසාද දීමනා
අවුරුදු අත්තිකාරම්
දඬුවම් කාසි බවට පත් වී
ෆැක්ටරි මැනේජරගේ
රතුපාට අත්සනක්
සෝදුපත මත පෑවා
වියරුම හිනාවක්...

යුරෝපාකරය පැහැපත් කරන
මහාසාර ඇඟලුම් සමාගමක
ප්‍රාණ සම එක් වෙළඳ සලකුණක
තරු වැලක එකම එක තරුවකට
හිලව් වුණා පුතේ
අපේ අවුරුදු සතුට...

චිරන්ත ජයසේන



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



සැඟව යන
හෙමි හෙමින් යළි මතුව එන
කෘෂව ගිය
වෙව්ලන සඳ එළිය
වෙහෙසෙයි
හාත්පස අඳුරු පටලය බිඳින්නට..

ඒ එළිය - අඳුරහි ගිලී
ඔබත් මමත්
ලොව පරම සුව විඳින්නෙමු
වරෙක
ගිලෙමින්, නැහැවෙමින්
පිහිනා රිසිව - ඒ මේ අත යමින්
උනුන්
වෙළී එකිනෙකා
බුර බුරා නැගෙත් ගිනිසිළු
පහන් එළියත් වසා
ඝනාන්ධකාරය නසා...

හිරු සතක් නිවාලන
පිනි බිඳුව - දිය බිඳුව
සියලූ ගිනි නිවාලන’යුරු
වික්ෂිප්ත නොවෙම් මම්!

කෙළවරක දිගු වාට්ටුව
කෙළවරම සයනයේ
වැතිර
හැරී එක් ඇලයකට
මා සමගඟින් රිසිව
පිහිනා ගිය තුටුව
හංස පොවුවන්
සුදුම සුදු - පවිත‍්‍ර වූ
කිරෙන් බර වී
නිවත් කුසගිනි
පෝෂණය කරත්
ඔය
අතෙකින් වසන් කරගත්
අපේ උරුමය
අපේ අරුමය
අපේ අනාගතය
අපේ නාමය
කොටින්ම කිවහොත් - ‘අප’
මම දකිමි ‘අප’
පුතු වතින්

එදා අප ලද සුවය
සදා මා ළඟය අද පටන්
දයාබරිය,
නුඹට බෝ පින්
අත්කර දුන්නාට මට
ලොව පරම සුව!

ඉසුරු අබේසේකර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



[ජොනී-
ඇත්තම කිව්වොතින් මගෙ මල්ලි තමයි මට බල කලේ ඔයාට කෝල් කරන්න කියල…මොකද මට වයස දහ අටයි එයාට පහළොවයි, ඒ කියන්නෙ එයා තාම ලාබාල වැඩියි ඔයාට කෝල් කරන්න...එයා ආසයිලු ඔයාව මුණගැහෙන්න...ඒත් ඔයා කැමතිනම් විතරක්...

පෝල්-
(මවිතයට පත්වී)
ඔයාගෙ මල්ලි...?

ජොනී-
ඔව්..ඒ කියන්නෙ මගෙ අනිත් අම්මගෙ මල්ලි... අපේ අම්මල දෙන්නම ළමයි දෙන්නෙක් හැදුව…ඔයාගෙ ශුක්‍රාණු වලින්....]

ද කිඩ්ස් ආර් ඕල් රයිට් යනු 2010 වසරේ තිරගත වූ චිත්‍රපටයකි. අතිශය නවීන තේමාවක් කැටි කොට ගත් මෙම කෘතිය බටහිර වත්මන් පවුල් ඒකකයේ සමාජීය හා මානසික දියුණුව ඒසේත් නැතිනම් විකෘතිය නිරූපණය කරන්නකි. හාස්‍ය උත්පාදක කෘතියක් ලෙස මෙය වර්ගීකරණය [Comedy] කෙරුනත් ඔබ මෙය නරඹන විට මෙය හාස්‍යයෙන් ඔබ්බට ගිය සංකීර්ණ කෘතියක් වග වටහා ගනු නිසැකය.


මෙහි එන කතා තේමාවට අනුව, ලේසර් හා ජොනී යනු සමලිංගික මව්වරුන් දෙදෙනෙකු දාව උපන් දරුවන් දෙදෙනෙකි. මව්වරුන් දෙදෙනාම එකම ශුක්‍රදායකයකු ආධාරයෙන් මව් පදවියට ලැබූ අතර එතැන් පටන් ඔවුන් සතුටින් හා සාමීචියෙන් වැජඹෙති. ඒත් ඒ ඔහු එනතුරු පමණෙකි...ඔහු...දරුවන්ගෙ ජීව විද්‍යාත්මක පියා.

මෙහි නිරූපිත පවුල් සංස්ථාවට අනුකූලව, මව්වරුන් දෙදෙනාගෙන් නික් නැමත්තිය නිවසේ ගෘහ මූලිකයා වන අතර මානසිකත්වය අතින් පුරුෂ ස්වභාවයක් පෙන්වයි. ඇය සාර්ථක රැකියාවක නිරතවන අතර අතිශය ලෙස වයින් පානයට ඇබ්බැහි වූ අයෙකි. ඇය නිවසේ නීති සම්පාදකද වේ. මේ හේතුවන් නිරන්තර ගැටුම් මේ දෙමව්වරුන් හා දරුවන් අතර හටගන්නේ මෙය වචනයේ පරිසමාප්ත අරුතෙන්ම සාමාන්‍යය පවුලක් බව පසක් කරමිනි. ජූල්ස්, අනෙක් මව බොහෝ සෙයින් ගෘහනියක ආර හොබොවයි. ඇය තමන් කවුරුන්දැයි වටහා ගැනුමට නිරන්තර අරගලයක තමා සමඟම පැටලෙන අතර ඇයට අවැසි දෑ ඇයම නොදනී.


කෙසේ නමුත් මෙවන් දරුවන් සතු අයිතියකි. එනම් වයස දහ අට පැමිණි විට තම ජීව විද්‍යාත්මක පියා කවුරුන්දැයි දැනගැනුමට ඇති අයිතියයි. පවුලේ පිරිමි දරුවාවන වයස පහළවක් පමණැති ලේසර්ගේ අධික බල කිරීම හේතුවෙන් ජොනී මෙම දුරකථන ඇමතුමට පෙළඹේ. එමගින් ඔවුන් තම ජීව විද්‍යාත්මක පියා සමඟින් හාද වේ. එනම් පෝල් ය.

පෝල් වූකළි තරුණ ජවයෙන් ආඪ්‍ය වූ ඉතා සාර්ථක ව්‍යාපාරිකයෙකි. පහසුවෙන් කාන්තාවන්ගේ සිත් දිනාගැනීමේ සහජ දක්ෂයෙකුවන ඔහුගේ ආක්‍රමණයෙන් මෙම පවුල් සංස්ථාව දෙදරා යයි. දරුවන් පමණක් නොව ජූල්ස් ද ඔහු කෙරේ ඇදීයන්නේ නිරායාසයෙනි.

මේ නිසාම ස්වභාවිකවම නික් සහ පෝල් අතර ගැටුමක් හටගන්නා අතර නික් විසින් ගොඩනඟන ලද දුර්වල පීතෘත්වය බොඳ වී යයි. මෙලෙස පෝල් මේ කතාන්තරයේ දුෂ්ටයා බවට පෙරළේ.


මෙහි ගොඩනැගෙන ගැටලුව නම්, සමලිංගික පවුලක් දාව උපන් දරුවන්ගේ වර්ධනය කෙබඳුද යන්නයි. මෙම චිත්‍රපටයේ නිර්මාණකරුවනට අනුකූලවනම්...එය අතිශය සාමන්‍යය යි.

හර්ෂ අරවින්ද



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



The rock band Eagles released their super hit Hotel California in 1976 and up-to-date this song remains one of the popular songs that is adored by millions of fans around the world. The hit song Hotel California is well written both lyrically and musically. This song contains a deep connotation and was written by Don Felder, Don Henley and Glen Frey. The song was an instant success. Many believe that Hotel California is not a place; it is a metaphor. As the true interpretation of Hotel California, Don Henley told Rolling Stone magazine once that Hotel California was about "facing some of the harsh realities of fame and life in Hollywood." On the contrary there are several interpretations of Hotel California.

Materialism and Hyper Consumerism

Hotel California reflects the materialism and hyper consumerism in the Western World. Consumerism is an economic policy that states that the market is shaped by the choice of the consumers. Under the Consumerism systematic creation and fostering of a desire to purchase goods and services in ever greater amounts take place. The Economists who advocate consumerism believe that the key to economic prosperity is the organized creation of dissatisfaction. People are encouraged to buy and consume various products despite the necessity. The consumerism increased in the West rapidly after the WW2.

Consumerism has negative repercussions on people and the society. Ecological imbalances, environment pollution and economic recessions have become the unavoidable realities under the hyper consumerism. The extravagant lifestyle in LA which is a mixture of materialism and hyper consumerism has caused nostalgia and emptiness. The Eagles echoes the California lifestyle and the culture in the ’70s with their all-time greatest hit. For the Eagles Hotel California was their interpretation of the high materialistic life in Los Angeles.

Hotel California is a metaphor for cocaine addiction

As the music critics view this song is an allegory about hedonism and self-destruction. Hotel California is a first person narrator who is driving in the dessert. Then he sees a sparkling light and decides to go there and have a night rest.

On a dark desert highway, cool wind in my hair
Warm smell of colitas, rising up through the air
Up ahead in the distance, I saw a shimmering light
My head grew heavy and my sight grew dim
I had to stop for the night


The Eagles on stage, Rotterdam, 1977.Photo: Redferns


The narrator is on an exotic experimental mind journey. The "Dark Desert Highway" refers to a craving drug trip that has a disastrous aftermath. The warm smell of Colitas (the Spanish term for tumble weeds) makes his head heavy and sight dim. While high on cocaine, he has delusional feelings of grandiosity. He feels more energetic and sociable. While on his wild drug trip the narrator experiences euphoria and hallucinations. His mind goes through a mystic fathomless fantasy.

There she stood in the doorway;
I heard the mission bell
And I was thinking to myself,
’this could be heaven or this could be hell’
Then she lit up a candle and she showed me the way
There were voices down the corridor,
I thought I heard them say....

Welcome to the hotel California
Such a lovely place
Such a lovely face
Plenty of room at the hotel California
Any time of year, you can find it here


It is a well-known factor that prolonged use of cocaine leads to paranoia and delusion. Cocaine has correspondingly intense effects on the body – and on the mind. Cocaine has powerful psychological addictive properties. Therefore the users find it difficult to refrain from indulging in it.

Relax,’ said the night man,
We are programmed to receive.
You can checkout any time you like,
But you can never leave!


Cocaine addiction is something similar to the journey that has no return. The narrator was told "you can check out any time you like, but you can never leave"

Hotel California is a metaphorical music of the Vietnam War

The Vietnam conflict has been called "America’s first rock-and-roll war" because of the predominance of rock music that permeated the American experience there. As draft quotas were raised and deferment and exemption loopholes closed, an overwhelming number of military personnel belonged to one generation: the average age of combat soldiers was 19 and, according to some figures, 90 percent were under 23 years of age. Many of these conscripts did not want to be in Vietnam, and no one wanted to be alienated from his own generation back home. Therefore, many GIs imported their tastes in music into the war zone. Rock music was the most popular genre, and beads and peace symbols were worn with and on many uniforms. (Fasanaro. C)

Hotel California resonates with the combat experience in Vietnam. The Old French Fort in Tay Ninh that was about sixty miles North West of Saigon was nicknamed Hotel California. During the Tet offensive the Old French Fort became a place of safety to many combatants. Often the soldiers were greeted at the Old French Fort saying "Welcome to the Hotel California" The Vietnam War changed the American social landscape. The nation was divided. Some openly protested the war. Young naïve boys were drafted and sent to Nam. Most of them were 19 years old and 12,000 miles away from home. During the war the innocence was lost. Atrocities like My Lai Massacre shocked the American public. Over 50,000 US solders never returned home alive.


The Eagles, 1976. From left to right: Glenn Frey, Don Henley, Joe Walsh,
Don Felder and Randy Meisner. Photo: Michael Ochs Archives


The United States also paid a high political cost for the Vietnam War. It weakened public faith in government, and in the honesty and competence of its leaders. Indeed, skepticism, if not cynicism, and a high degree of suspicion of and distrust toward authority of all kind characterized the views of an increasing number of Americans in the wake of the war. The military, especially, was discredited for years. It would gradually rebound to become once again one of the most highly esteemed organizations in the United States. In the main, however, as never before, Americans after the Vietnam War neither respected nor trusted public institutions.
(The Postwar Impact of Vietnam by Harvard Sitikoff)

In his autobiography Heaven and Hell: My Life in the Eagles (1974-2001), Don Felder wrote that my views on the Vietnam War were unpatriotic. Don Felder was A rebel during his teenage years frequently at odds with his parents and ran away from home. In later years he closely worked with the anti- Vietnam war protestors. His anti-war attitude resonates in Hotel California.

Deep sarcasm is associated with the line that states "Welcome to the Hotel California, such a lovely place, such a lovely face" The war is welcoming young soldiers. In every war propaganda is maintained to hide the ugly realities that have horrendous nature. War front is a lovely place and it has a lovely face until the solder becomes a casualty. To depict the harsh realities of the war Don Felder and his co-writers use euphemism to arouse wistful feelings in the listeners.

Hotel California is a mental hospital

Some believe that Hotel California is a mental hospital (probably the Camarillo State Mental Hospital that became functional in 1932) In 1960s many psychiatric hospitals had many allegations such as abusing the mental patients, giving high doses of sedations to them, excessively using ECT and performing unethical prefrontal lobotomy etc. In this song the narrator describes his firsthand experience at the mental hospital. His delusional thought process is described as follows.

Her mind is tiffany-twisted, she got the Mercedes Benz
She got a lot of pretty, pretty boys, that she calls friends
How they dance in the courtyard, sweet summer sweat.
Some dance to remember, some dance to forget


Tiffany-Twisted – this may be a term used to describe a mental health nurse like the Nurse Mildred Ratched (One Flew over the Cuckoo’s Nest) who had absolute authority over the mental patients.

So I called up the captain,
please bring me my wine’
He said, ’we haven’t had that spirit here since nineteen sixty nine’


Until 1969 many Mental Hospitals used to give wine as a sedative or a sleep starter for the patients. When asked for a glass of wine his request was turned down and he was told ’we haven’t had that spirit here since nineteen sixty nine’

The narrator was hearing auditory hallucinations (voices in his mind) calling from a faraway distance.

And still those voices are calling from far away

When he wakes up he experiences thought echo or another set of auditory hallucinations.

Wake you up in the middle of the night
Just to hear them say...

Welcome to the hotel California
Such a lovely place
Such a lovely face
They livin’ it up at the hotel California
What a nice surprise, bring your alibis


Hotel California is about Spiritualism and Occultism in 1960s

With the rise of Beatle mania and hippie subculture in the West a deep void of spiritualism was to be seen. Many youth became the followers of Guru Maharaj Ji, Osho Rajneesh, Maharishi Mahesh Yogi etc. The materialism, hyper consumption, war in Vietnam, wide spreading drug abuse had wreaked the Western Civilization. The traditional Christian Church had no answers for the youth who were desperately seeking universal truth about existence. To fill this spiritual vacuum many embraced the Eastern spiritualism. In the same period there was another inclination towards the Occultism. Satanic worshipers were emerging. During this time period Charles Manson forms his family and commits multiple murders. These events profoundly affect the Eagles.

Mirrors on the ceiling,
The pink champagne on ice
And she said ’we are all just prisoners here, of our own device’
And in the master’s chambers,
They gathered for the feast
The stab it with their steely knives,
But they just can’t kill the beast


There was a human sacrifice and the narrator had witnessed it. He was terrified and wanted to flee. But now he is a prisoner and he cannot escape. He has to face his destiny.



Hotel California: Full lyrics-

On a dark desert highway, cool wind in my hair
Warm smell of colitas, rising up through the air
Up ahead in the distance, I saw a shimmering light
My head grew heavy and my sight grew dim
I had to stop for the night
There she stood in the doorway;
I heard the mission bell
And I was thinking to myself,
’this could be heaven or this could be hell’
Then she lit up a candle and she showed me the way
There were voices down the corridor,
I thought I heard them say…

Welcome to the hotel california
Such a lovely place
Such a lovely face
Plenty of room at the hotel california
Any time of year, you can find it here

Her mind is tiffany-twisted, she got the mercedes bends
She got a lot of pretty, pretty boys, that she calls friends
How they dance in the courtyard, sweet summer sweat.
Some dance to remember, some dance to forget

So I called up the captain,
’please bring me my wine’
He said, ’we haven’t had that spirit here since nineteen sixty nine’
And still those voices are calling from far away,
Wake you up in the middle of the night
Just to hear them say…

Welcome to the hotel california
Such a lovely place
Such a lovely face
They livin’ it up at the hotel california
What a nice surprise, bring your alibis

Mirrors on the ceiling,
The pink champagne on ice
And she said ’we are all just prisoners here, of our own device’
And in the master’s chambers,
They gathered for the feast
The stab it with their steely knives,
But they just can’t kill the beast

Last thing I remember, I was
Running for the door
I had to find the passage back
To the place I was before
’relax,’ said the night man,
We are programmed to receive.
You can checkout any time you like,
But you can never leave!


රුවන් එම්. ජයතුංග



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



1
පොහොට්ටුවකි,
දිනෙක සුවඳ විහිදා වැඩෙන මලෙක;
දිය බිඳකි,
මහා රළ බිඳි සයුර වෙත යන;
ඇරඹුමකි,
ශීත ඍතුවෙහි පියා සලා
දකුණ බලා යන විහඟෙකුගේ ගමනක;
හීනයකි,
නිපැයුමකි,
කඳුලකි,
පරම්පරා ගණනක මුතුන් මිත්තන්ගේ;
සිනහවකි,
කඳුළකි,
බලාපොරොත්තුවකි,
තරුණ මාපිය යුවලක,
විදුලි පන්දම් එලියෙන් මෙලොව සොයනා...

2
ඇවිද යයි,
මෙලොව ඇති සියලුම කාලය
තමනට ඇතැයි සිතා;
සිනහසෙයි,
දහසක් දෙනා හඬනා නිමේශයක;
හඬයි,
ලොවම සිනහව මවන මොහොතක;
සඳ තරු වලාකුළු අල්ලන්න,
පාට පාට හීන ලෝක වල සැතපෙන්න
චොකලට් මාලිගා, සීනි කඳු
සෙල්ලම් බඩු කරත්ත...
අද නැති නිදහසක් එදා
මුළු ගතම වෙලාගෙන...
ඇහි පිය ගහන හැම මොහොතකම
හිත තුළ මැවෙන සුන්දර හීන
ඒ ලෙසම හැමදාම
රැඳුනි නම් මා සමඟ....
ලෝකයම දෙදෙනෙක්ම විය;
ඉන් එපිට හිස් අවකාශයක් විය.

3
තාර දැමූ මඟක
වේගයෙන් පැදි බයිසිකලය...
උපන් දිනයට ලැබුනු බයිසිකලය...
තවමත් දිර දිරා පිළිකන්නෙහි ලගින
බයිසිකලය....
තවම මතකයි බයිසිකලයට
ගියපු හැටි පිට්ටනි වලට, එකට,
බැට්, බෝල, පොල් පිති අරං..
එක එකා එකතු කර කර
ටවුම වටේ ගියපු හැටි...
සෙරෙප්පු කෑලි,
හිස් දෙපතුල්,
පැඩල් එක කොච්චර නම්
රත් කරාද ඒ දවස් වල...
නපුරු නෑ කාලය... නෑ...
බයිසිකලයට අමතක නෑ
ඒ සුන්දර යුගය,
හිනා වුනු හැටි,
කෑ ගහපු හැටි,
බැනුම් අහපු හැටි,
එක හීනයක් හැබෑ කරගන්න...
හැමදාම බයිසිකලෙන්
ටවුම වටේ රවුමක් යන්න.

4
හීන?
ඒ මොනවද.....
හීන?
ඒ කවුද.....
ඇහි පිල්ලමක් අග රැඳුණු
දුහුවිලි බිංදුවක්...
තව විනාඩියකින් ඇහැ තුළට යන
ගිය විගස එහි ගිනි දවන...
සිතන්නට තිබුනා ද
වැලි වල සෙල්ලම් කරන්නට පෙර.....
ලඟට ලං වෙනකම් සොඳුරු වූ
ලඟට ආ විට විසි කරන්නට අපහසු...
එක් අතක ඇපල් ගෙඩියක්
අනෙකෙහි දොඩම්
ඉන් එකක් ගැන තීරණයක්...
අනාගතයම තීරණය කරනා....
හීනයක තේරුම නොදත් කාලෙක
කෙසේ තීරණ ගනිම්ද?
දවස අහවරයි...
හීන, තීරණ කුණු බාල්දියට....
අවැසි එක දෙයකි,
ඊලඟ දිනයට පෙර කුඩා නින්දක්.

5
ඇඟිලි තුඩු එක එක
වරින් වර සිඹ සිඹ
වැයෙනා අලංකෘත
සොඳුරු වූ ස්වර
මා ප්‍රේමයෙන් වෙලයි
සොඳුරු වූ ගිටාරය සමඟ..
සැමදා මා ලඟින් ඉනු ඇත
කිසිදිනෙක මා හැර නොයා...
උයන්, කොටු පවුර,
මුහුදු වෙරළ, මහ වීදිය,
හැම තැනම,
හිඳිනු ඇත අප එකට
මියෙන තුරු සදා
අතැර යනු නොමැත මා කිසිදින....

6
බසයකි
මුළු දිනම නො නවතින,
අත දැමූ විට
වේගය බාල කරතත්
කිසිවිටෙක නොනවතින...
නැග ගතිමි වෙර යොදා;
යන්නෙමි ඉදිරියට
බසය තුළ හිඳ...
නැවතුමට බෝ දුරය
තවම මා හිටගෙනය
නැවතුමෙහි නැවැත්තුවහොත් හොඳය....

7
වයන්නෙමි තත්, තවම..
නඟයි හඬ, ඒ ගිටාරය..
පිවිතුරු නොමැත පෙර ලෙස...
හැකිය මට එය වයන්නට හොඳට
එය ගත් කලට වඩා..
අවැසිය අලුත් ගිටාරයක්
තිබෙනා ගිටාරයට වඩා හොඳ..
මිලදී ගත යුතුය මා;
නමුදු අත්හල යුතුය
පැරණි ගිටාරය පළමුව;
මෙතුවක් කල් ලඟම හිඳි
එය අත්හරිනු කෙසේද?
බියකරු වුවත් තීරණය ගත යුතුය
ඉතින් ආයුබෝවන්
මා සොඳුර

8
උපැස් යුවලකි
මා ප්‍රාණවත් දෙනෙත් ඉදිරිපිට
පෙර කිසි දිනෙක නො තිබුනු...
දුහුවිලි බැඳේ ඒ මත
සෑම දින,
දුම් රිය ගමනෙහි දි
රැකියාවට යනෙන...
දුහුවිලි වැකුණු
දහඩිය සමඟ ගුලි වුනු
උණුහුම් කඳුලක්
කොපුල් මත ඇවිද ගොස්
සිඹී දෙතොල්...
ලුණු රසයි ජීවිතය...
නෑ
ජීවිතය තිත්තයි....
සීනි බෝතලය හා
පැණි බෝතලය මිය ගොසින්.....

9
පරණයි අලුත් ගිටාරය
මුත් තවම එය මා අසල
හෙමින් සැරේ පෙමින් බැඳී
ටිකෙන් ටික ලං වෙයි
මා හට වයන්නට එය
සෙමින්....
වයන්නෙමි මම
වාරු තිබුනිනම් දෑතෙහි
හඬන්නට කඳුළු නො ගලයි
දෙනෙත් මලකඩ කා ඇති හෙයින්
හිරු පරණයි, සඳුත් පරණයි
දහවල පරණයි, දුකයි
රැයත් පරණයි..
පැරදෙන්නට ජීවිතෙන්
ජීවිතය තරඟයක් වුනානම්...

10
දිනෙක පොහොට්ටුවක් විය
දිනෙක සිනාසුනෙමි නිදහසේ
දිනෙක සැරි සැරීමි ලෝකයම
බයිසිකලයෙන්
දිනෙක සැතපුනෙමි
සිහින අමතක කොට
දිනෙක වාදනය කළෙමි
මා පලමු ගිටාරය
දිනෙක බසයක නැඟ ගියෙමි
නැවතුම එන තෙක්
දිනෙක මිලදී ගතිමි
නවමු, හොඳ ගිටාරයක්
දිනෙක පැළඳුවෙමි මා
උපැස් යුවලක්
තව දිනෙක තේරුම් ගතිමි
හඬන්නට කඳුළු නැති බව
දෙනෙත් මලකඩ කා ඇති හෙයින්....
මා වැතිර සිටින්නෙමි සයනයෙහි දැන්
සිනාසෙමින් තනිවම
පියවෙයි කෙමෙන් මා දෙනෙත්
සැමදේ සිතෙහි මව මවා

දේවින් ප්‍රේමසිරි



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



සැප් ආවේ මීගමුවේ සිට ය. ත්‍රීවීලරයක ය. මහා රාත්‍රියක ය. පොඩි අයියා සමග ය. බලාපොරොත්තුවෙන් පිරි නිල් ඇස් සමග පිරිසිදු විශාල කන් යුගලයක් ද ඔහු සතු විය. මුලු ගේ පුරා ම ගෙම්බෙකු මෙන් පනිමින් හේ පළමුව අපේ නිවස පරික්ෂා කළේ තමාට එය පදිංචියට සුදුසු දැයි කියා විය යුතු ය. පළමුව විසාල පු‍ටුවක් තම රාත්‍රී යහන ලෙස ‍තෝරා ගත් ඔහුව නිශේධ බලය යොදා අම්මා විසින් බිමට තල්ලු කළේ ය. ඊළඟට තරමක් උසට පෙනෙන ඇඳක් ‍තෝරා ගත්තත් එයින් ද ඔහුව බිමට තල්ලු කරන ලදී. අවසන ඇඳට ආසන්නයේ බිමක නිදන්නට හේ තීරණය කළේ ය.

ඔහු ගේ ශරීරය ම සුදු වූත්, කෙටි වූත් ලොමින් වැසී තිබුණු අතර තැනින් තැන කළු කුඩා රවුම් මතු වී තිබුණේ කදිම මෝස්තරයකට ය. කළු පැල්ලම් හැරුණු විට ඔහු මුලුමනින් ම සුදු පැහැති ය. එහෙයින් ම ආඩම්බරකාර වූත් ජේත්තුකාර වූත් පිළිවෙළක් ඔහු තුළින් කැපී පෙනුණි. තමා සමඟ තවත් සහෝදර, සහෝදරියන් දස දෙනෙක් සිටි බැවින් සැප් සිටියේ තරමක් හිත් කරදරයෙනි. වැඩිමහල් සහෝදරයන් වන බෙනී සහ බක්ලි සියලු දෙනා පෙරලා ගෙන කිරි බොන හෙයින් ඔහු සිටියේ අඩක් හාමතේ ය. සහෝදරියක මිල දී ගැනීමට කවුදෝ තරුණයෙකු හා තඩි මිනිසෙකු ආවේ මේ අතර ය.

'ගෑනු බල්ලෙක් ගන්න ආවෙ..
කෝ කොහේ ද එයාල ඉන්නෙ?'

තරුණයා කරුණාවන්ත පෙනුමැති ය. ඒත් තඩි මිනිහා ගැන නම් විස්වාසයක් තැබිය හැකි පාටක් නැත. ඔහු තුළ වූයේ දාමරික පෙනුමකි. ගොජ ගොජ ගාමින් කතා කරන විටත් බය හිතෙයි.

'ආ.. ඔය ගොල්ලො ම ගිහින් බලන්න.
කැමති කෙනෙක් ‍තෝර ගන්න..'

විසාල කාමරයේ දොර විවර විය. දැන් තමා ගේ වාරය බැව් ඔහු දැන උන්නේ ය. හෙතෙම තමා සතු උපරිම වේගයෙන් කාමරය පුරා දිව යන්නට විය. ගෙම්බෙකු මෙන් පැන පෙන්වී ය. ළාමක කටහඬින් බුරා පෙන්වී ය. අයියලා, අක්කලා පෙරලාගෙන අම්මා ළඟටත්, කරුණාවන්ත තරුණයා ළඟටත් දුව යන්නට විය.

බලු මායම හරි ගියාක් මෙනි. ඔහු තරුණයා ගේ ඔඩොක්කුවට පැන මුහුණ සිපගෙන තරමක් ඈතට ගොස් බෙල්ල ඇල කර නිරූපිකාවක මෙන් බලා සිටින්නට විය.

'මෙයාට මක් වෙලාද මන්දා..
කවදාවත් මෙහෙම හැසිරිලා නෑ..'

තරුණයා සාක්කුවට අත දමා රුපියලේ කාසියක් ගෙන බිම හෙළී ය. සැනින් බල්ලා ඒ දෙස බැලී ය.

'අපි මෙයාව ගන්නවා.'

'හැබැයි මහත්තයා ඔය බල්ලෙක්, බැල්ලියෙක් නෙවෙයි.'

'කමක් නෑ. මෙයාව තමයි මට ඕනෙ..'

ගෙදර ආ පසුව සැප් යන නමින් අපි ඔහුව බෞතීස්ම කළෙන් ස යන්නෙන් පටන් ගන්නා සියලු වචනවලට ඔහු සංවේදී විය.
පළමුව ඔහු මල් කෑවේ ය. කවුරුත් මුලින් සිතුවේ මල් ඉඹිනවා කියා ය. එහෙත් ඇත්තට ම ඔහු කවුරුත් අහළ- පහළ නැති සෑම විටක ම මල් කෑවේ ය.

බාබන්ඩේසියා, සේපාලිකා, ඉන්දියන් පිච්ච ආදිය කා බලා අවසන තම ප්‍රියත ම මල් වර්ගය ලෙස ඔහු ‍තෝරා ගනු ලැබුවේ බාබන්ඩේසියා ය. දිනපතා මල් හත අටක් කෑ ඔහු ඉන් පසුව වෙරළු කන්නට පුරුදු විය. වෙරළු ගෙඩියේ ඇටය හක්කේ තබා ගෙන චුයින්ගම් කන්නාක් මෙන් විකමින් සිටි ඔහු ගේ පුරා ඇවිදින එක් දිනෙක මේසය මත් සිටි මොණරෙකු දිටීය. වඩාත් කපටි ලෙස තම දිගු ගෙළ භාවිත කර මොණරාව එක කටට ඩැහැ ගත් සැප් ඒ දවස මුලුල්ලේ ම ගත කළේ මහත් භීතියකින් හා සැකයකිනි.

'කෝ මගේ රුපියල් දාහ?'

ලොකු අයියා ගෝරණාඩු කරන්නට විය. සැප් මහත් බයාදුව ගේ පුරා ඇවිදිමින් තමන් ගේ නිර්දෝෂීභාවය පෙන්වන්නට විය. මුලු ගෙය ම අනෙක් පැත්ත හැරෙව්වත් හමු වූ මොණරෙක් නම් නොවී ය. සැකයේ බීජය සැප් වෙත යොමු වූයේ ඉන් පසුව ය. ලොකු අයියා සැප් මහතා ගේ විශාල වූත්, කෙළ සපිරි වූත් මුඛය විවර කර බැලුවේ දත් දොස්තර කෙනෙකු නරක් වූ දතක් සොයන විලාසයෙනි. නමුත් එතරම් කරුණාවකින් නම් නොවේ. දාහේ නෝට්‍ටුවේ ශේෂ ඔහු ගේ හක්කේ තිබී සොයා ගනු ලැබූයෙන් ඔහු වැරදිකරු විය. බැණුම් වරුසාවක් කඩා හැළෙන්නට විය. බූරුවෙකු මෙන් හිස බිමට නමාගෙන බැණුම් ඇසූ සැප් මහතාට අවසානයේ කදිම පා පහරක් ද හිමි විය.
ඉන් පසුව සීයේ කොළ, දහයේ කොළ, පනහේ කොළ ආදිය සැප් ගේ හක්කේ නෑ ගමන් ගොස් තිබී ලොකු අයියාට හමු විය. බැණුම් සමඟ සුපුරුදු පා පහර සැප්ට හිමි වුවත් එහි අවසානයක් දක්නට නොලැබුණි.

සැප් යළිත් තම සුපුරුදු මල් කෑම පටන් ගත්තේ අවමානය ඉවසා සිටිය නොහැකි තත්ත්වයට ළඟා වූ විට ය.

*********

පොඩි අයියාටත්, අම්මටත් තිබුණේ පුදුමාකාර ස්වීප් ටිකට් පිස්සුවකි. තාත්තාට අනුව එය සුළු පිස්සුවකි. ලොකු අයියාට අනුව නොම්මර එකේ සූදුවකි. නංගීට අනුව 'මළ සමයමකි'. සැප් මහතාටත්, අම්මාටත්, පොඩි අයියාටත් අනුව නම් 'ෂෝක් වෑඩකි'.

පොඩි අයියාත්, අම්මාත් රූපවාහිනිය ඉදිරියේ පත බෑවී සිටින්නේ තරමක තල්මසුන් දෙදෙනෙකු මෙනි. ලොකු පෙට්ටියකින් බටයක් දිගේ නොම්මර ගැසූ කුඩා බෝල ගලා යන මොහොත උදා විය. මේ අරුම ක්‍රීඩාව සැප් දු‍ටුවේ ඉතාම අහඹු ලෙස ය. ඔහු හිස වනමින් පොඩි අයියා ළඟින් ම බිමින් අසුන් ගත්තේ ය. සුවිශාල පෙට්ටියක් ඇතුළත කදිමැති බෝල සමූහයක් පිස්සු හැදුණාක් මෙන් කරකැවෙනු පෙනෙයි. හදිසියේ නතර වෙයි. පසුව දිගු බටයක් මතින් තවත් තැනකට ඇදී යයි. සැප් ගේ ඉවසීමේ සීමාව ඉක්මවා යන්නේ මෙන්න මේ මොහොතේ ය.

'.. හා.. හා.. තාම නෑ. තාම නෑ..'

පොඩි අයියා සැර වෙයි. සැප් කුරු කුරු ගාමින් තම විසාල පස්ස බිම තියමින් ඉද ගනියි. මද වෙලාවකින් සියලු බෝලවල ඉලක්කම් තම මුහුණු පෙන්වමින් එක් තැනක ඉඳ ගනියි.

'ෂික්... එක ඉලක්කමක්වත් නෑනෙ... වැඩක් නෑ..'

එසේ කියමින් පොඩි අයියා සැප්ට ස්වීප් ටිකට් ලබා දෙයි. හෙතෙම තම සුවිශාල පශ්චාත්භාගය ඔසවමින් රන් පදක්කමක් ලබා ගන්නා ක්‍රීඩකයෙකු මෙන් මහත් වගකීමෙන් ටිකට්‍ටුව ලබා ගනී. එහා හක්කෙන් මෙහා හක්කට මාරු කරමින් ඔහු ටිකට්‍ටුව අනුභව කරයි. අම්මා සතු අනෙක් ස්වීප් ටිකට්‍ටු ද රස කරමින් කා දමන ඔහු දෙදෙනාට ම හිස නවා ආචාර කරමින් සාලයෙන් පිටව යයි.

අන් සියලු කෙටි කෑම අතහැර දැන් ඔහු ස්වීප් ටිකට් කයි. දිනපතා රාත්‍රී ආහාරයෙන් පසුව මේ ස්වීප් අනුභවය සාමාන්‍ය සිදුවීමක් තරමට ම ව්‍යාප්ත විය. පොඩි අයියා කියන ආකාරයට සැප් බල්ලාට දැන් ඉලක්කම් ගැන පවා ස්වල්ප අවබෝධයක් ඇත.

'... බුහ්.. බුහ්... බුහ්හ්හ්...'

සැප් එය අනුමත කරමින් බුරා පෙන්වයි.

සතියක් පමණ ගත වූ පසුව සැප් අලස ලෙස කල් ගත කරන්නට විය. මල් කෑමත්, ටිකට් කෑමත් අත්හැර දැමූ ඔහු බත් කෑම ද ප්‍රතික්ෂේප කරන්නට විය. පොඩි අයියා කීවේ සැප් බල්ලා පැස්බරෙකු බවට පරිවර්තනය වීමට යන බවයි.
නමුත් ඔහු මළල ක්‍රීඩකයෙකු මෙන් දිනපතා කෙටි දුර ධාවනයෙහි දිගට ම නිරත විය.

'.. පොඩි පුතේ ඔයාට පිස්සු විකාර
බල්ලෙක් කොහොමද පැස්බරෙක් වෙන්නෙ?'

තාත්තා පොඩි අයියාගේ වචන තඹේකට ගණන් නොගත් මුත් පොඩි අයියා කියන දේවල් ගැන අචල විස්වාසයකින් උන් අම්මාට එහි යම්කිසි සත්‍යයක් තිබිය හැකි බවට හැඟී ගියෙන් සැප් ට කරුණාවෙන් සලකන්නට විය. දැනට කිරි බීමෙන් පමණක් ජීවිතය ගැට ගසා ගන්නා සැප් මහතා අලියෙකු බවට වුව පරිවර්තනය විය හැකි බවට පොඩි අයියා ඊළඟ සතියේ ප්‍රකාශ කළෙන් අම්මා මහත් කැළඹිල්ලට පත් විය.

‘අනේ පොඩි පුතේ.. අලියෙකුට කොහේද අපේ ගෙදර ඉඩ?'

*********

එදින අහවර වීමට තිබුණේ පැය කීපයකි. අම්මාගේත්, අයියාගේත් මහා ස්වීප් සූදුව පටන් ගෙන තිබිණි. ලොකු පෙට්ටිය ඇතුළේ වර්ණවත් බෝල කරකැවෙමින්, නතර වෙමින් එහා මෙහා ගමන් කරයි. ඉන්පසුව දිගු බටය තුළට බසියි. තවත් තැනක තම මුහුණු පෙන්වමින් අසුන් ගනියි. ඉලක්කම් දෙකක් තම මුහුණු පෙන්වූවා පමණි.

'.. හා... ඉලක්කම් දෙකක් තියෙනවා..
මෙන්න ඊළඟ එකත් හරි..
හතරයි... හතරායි.. හරි... හරී.
ඔක්කෝම තියෙනවා... මම දිනුවෝ.. මම දිනුවෝ...'

පොඩි අයියා උගුර යටින් කෑ ගසමින් ගේ පුරාම දුවයි. සැප් පසුපසින් දිවත් එළියට දමාගෙන දුවයි. අම්මාත්, නංගීත් ඊට පි‍ටුපසින් පොඩි අයියා අල්ලා ගන්න දුවයි. පොඩි අයියා නටමින් දුවයි. මොන මොනවාදෝ කියමින් සිනාසෙයි.

මොහොතකට පසු පොඩි අයියා සන්සුන් විය. එහෙත් විසාල ඇස් උලුප්පාගත් ගමන් ය. තමා ස්වීප් ටිකට්‍ටුව ගත් තැන, එය ගන්නා යන විට තමාට අමුත්තක් දැනුණු බව ආදී බොරු රාශියක් අම්මාටත්, නංගීටත් කියන ඔහු විටින් විට කෑ ගසමින් උඩ පනියි.

සූදුව, සූදුව කිව්වාට දැන් තාත්තාටත් සතු‍ටු ය. ලොකු අයියා, පොඩි අයියා ගේ කර වටා අතක් දමා ගනිමින් ටිකට්‍ටුවේ අංක නරඹයි. අම්මා නො නවත්වා ම කියවයි. පොඩි අයියා දැන් ලිමොසිනයක් ද ගෙන අහවර ය. අම්මා තට්‍ටු දෙකේ ගෙයක් ගැනීමට සුදුසු තැනක් ගැන කියයි. නංගීට පියානෝවක් හිමි වී ඇති අතර එය තැබීමට සුදුසු තැනක් සොයමින් ඈ ඇවිදියි. ලොකු අයියාට ඇපල් අයි පෑඩයක් සහ තාත්තාට තණකොළ කපන යන්ත්‍රයක් අසුරු සැනින් හිමි වීය.

පොඩි අයියා අල්මාරිය අවුස්සන්නට වූයේ දිණුමට අයිති චෙක්පත ගැනීමට යන විට ඇගලිය යුතු ඇදුමක් ‍තෝරා ගැනීමට ය. අම්මා චාන්දනී නැන්දලා ගේ මඟුල් ගෙදරට ඇන්ද සාරිය ම ඇදගෙන පොඩි පුතා සමඟ යාමට එක පයින් කැමැත්තෙනි.

'.. හ්ම්.. නිදිමතයි දැන්නම්...'

කියමින් තාත්තා යන්න ගියෙන් නංගීද අකමැත්තෙන් නිදන්නට ගියා ය. පිළිවෙළින් ලොකු අයියාත්, අම්මාත් නිදන්නට ගිය අතර පොඩි අයියා ද තනිවම කියවමින් කාමරයට ගියේ ස්වල්ප නින්දක් ලබා ගැනීමට ය. එහෙත් පොඩි අයියා කරා නින්ද එන පෙනුමක් නම් නැත. ඔහු සිටියේ තනිව ම දොඩවමින් කාමරයෙන් සාලයටත්, සාලයෙන් කෑම කාමරයත්, එයින් නාන කාමරයත්, අවසන යළිත් තමන්ගේ කාමරයත් ගමන් කරමිනි. මඳ අඳුරේ නොයෙකුත් බඩු මුට්‍ටුවල හැපෙමින්, ඒවාට ශාප කරමින් ඔහු ගෑනු හඬකින් ගී ගයයි. පොඩි අයියාට කීයට නින්ද ගියා කවුරුත් නො දනී.

උදෑසන හිරු එබුණේ කෝටිපතියෙකු ජිවත් වන නිවසකට ය. පොඩි අයියා තවම නින්දේ ය. අම්මා උදෑසන ම අවදි වී පොඩි අයියා ලැබූ හදිසි වාසනාව ගැන නෑදෑ පරපුර දැනුවත් කරයි. නංගීත් තම යෙහෙළියන් දැනුවත් කළ අතර තාත්තාත්, ලොකු අයියාත් ඊට හැකි පමණ දායක විය.

අම්මා යුහුසුළුව උදෑසන ආහාරය ළඟපාත තරු හතරේ හෝටලයකින් ඇනවුම් කළේ කෝටිපතියෙකු සිටින පවුලක් පාන් සහ පරිප්පු කෑම නොහොඹිනා හෙයිනි. ලයිට් බිල ගෙවීමට තිබූ 2500 තාත්තා ඊට ලබා දුන්නේ නොමසුරුව ය.

දැන් පොඩි අයියා විලියම් කුමාරයා වැනි ය. කවුරු කවුරුත් ඔහුට ගෞරව සම්ප්‍රයුක්තව අමතති. නමුත් තවම විලියම් කුමාරයා සිරියහනේ ය.

'පොඩි පුතේ නැඟිටින්නකො..

තව ටිකකින් නුගේගොඩ මාමලත් එනවා කිව්වා.
සඳුනි නංගිත් එනවලු..'

සඳුනි ගේ නම ඇසුනෙන් විලියම් කුමාරයා සැනින් සිරියහනෙන් බිමට පැන්නේ ය. මුහුණ කට සෝදා ගත් ඔහු හනි හනික ඇඳුම් මදින්නට වූයේ ජාතික ලොත‍රැයි මණ්ඩලයට යාමටය. තාත්තා කීවේ මෙවැන්නකි.

'ඔය සල්ලි ආවට ගියාට දෙන එකක් නෑ පොඩි පුතේ'

අම්මා නම් කීවේ මෙවැන්නකි.

'අපි යමු පොඩි පුතේ..
අයිඩෙන්ටි කාඩ් එක තිබුණම ඇති..'

පොඩි අයියා මඟුල් ගෙවල්වලට පමණක් අදින නිල් කමිසයත්, ක්‍රීම් පැහැති කලිසමත් ඇඟලාගෙන මුදුන උල් සපත්තු යුගල පැළද ගති. ලොකු අයියාගේ ඔරලෝසුව ණයට ඉල්ලාගත් ඔහු තමා ගේ කබල් ජංගම දුරකතනය සාක්කුවේ ලාගති. ජෙල් ටිකක් ද හිසේ අතුල්ලාගෙන හිස් මුදුණේ කොතක් ආකාරයට කොණ්ඩය සකසා ගති.

'අම්මේ... හරිද?

හරි පුතේ.. මේ එනවා... මේ එනවා..'

පොඩි අයියා තමා ගේ මේසය අවුස්සන්නට වූයේ පිස්සෙකු මෙනි. පත්තර, පොත් ආදිය පියාඹා යන්නට විය.

'කෝ ටිකට් එක... කෝ මගේ ටිකට් එක.. ?'

'කෝ යකෝ මගේ ස්වීප් ටිකට් එක? ඊයෙ රෑ මං මේසෙ උඩ තියලා තිබ්බ ටිකට් එක.. ?'

සැප් මහතා මේසය යටින් හිස පෙන්වමින් මතු වී පොඩි අයියා දෙස බයාදු බැල්මක් හෙළාගෙන ම බලා සිටින්නට විය.

'දඩෝං... !'

පොඩි අයියා ක්ලාන්ත වී මේස, පු‍ටු පෙරලාගෙන ම බිම පතිත විය.

කාංචනා අමිලානි



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|
Related Posts with Thumbnails