Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



ඉර තරහා වුණේ මන්දැයි නොදනිමි
හරියට ම දැන් දවස් එකොළහක්
තව කොච්චර කාලෙකට ද දන්නැති
ඉරා අඳුර හිනැහෙන්නැති

කළුවරයි තත්පර කෑලි
වළාකුළු නපුරු වූ හැටි
මරා දමනවා මිස මල් පැල
පීදෙන්න ඉර පායන්නැති

හෙටක් නැති දවසකට
මන්දාරම් හීතල පොරවගෙන
අඳුර තද කර ඔතාගෙන
මුළු දවසම ඔරෝගෙන
කොහොමද ඉන්නෙ ඔහොමම

වසන්තයක් නැති මිනිසුන්ට
වසන්තය යනු වචනයක් බව
කවියක ගැට ගැහුණු
එළිසමය දිය ව වැගිරෙන
තේරෙන්න ගන්න කොට
පමා වැඩියි හොඳටෝම-රැවටුණා හැබැයි.

දුරුතු හීතල කියන්නෙම
කම්මැළිකම ඉහෙන් වෑහෙන
කඩතොළු වුණු හැන්දෑව අරන් ඇවිදින්
හුස්ම හිර කරන
මිනී පෙට්ටියක් වාගේම
මළානික හිතුවිළි පෙරෙට්ටුවකට

ජීවිතේට පොරකන සියොතුනි
හෙට්ටු කර කර මට්ටු වෙනු මිස
ධූලියෙන් කෙරුණු රම්‍ය මාලිගා දැක
දෙතොල තැවරෙන හිනා පෙති
උස්සා පොළොවෙ ගසා දමතැහැකි
උන් ය තැන තැන නුදුරින්
පිපෙනන්නට නොදී කැකුළු පොඩි කරතැහැකි

දුරුත්ත එන්නෙම
ගනාන්ධකාරය වඩාගෙන
භීතිය ඉස් මුදුනෙම තියා ගෙන
පන්හිඳේ තුඩ කඩාගෙන

ගොදුර මානන මේ අඳුර
කිඳුරු කොදෙව්වක පැතිර
පිපාසාවෙනි වැතිර

මහගම ඔබ කොහිද
හෙට ඉරක් පායයිද?

(ජන.11)

තුෂාරි ප්‍රියංගිකා



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails