Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



සිදු කරන ලද සමාජ සුබ සාධන කටයුත්තෙන් පසු සමාජ සුබ සාධන ඇමති මර්වින් සිල්වා මහතා කැලණිය ශ්‍රීලනිප ආසන සංවිධායක ධූරයෙන් ඉවත්වී තිබේ.
-පුවතක්.


කැළණියෙ වලි මාලිගාවෙ
සක්විති පදවිය ලබන්න
කැමරාවට හිනා වෙලා
නියාමකයො ගස් බඳින්න
නිවාඩුවක් අරගෙන මම නැවත එමී
ඔබේ ලොවට පැට්‍රෝල් මැක්ස් එළිය දෙමී

පීනා ගුටි වරුසාවක
යූරින් රස දැන පිරිසිඳ
ලොවේ අනෙක අවමන් මැද නොසෙල්වෙමී
මෙගා තරුත් එක්ක හෙටත් සිනාසෙමී

කැළණියෙ වලි මාලිගාවෙ...

ඇමති ඔටුනු මගෙ සිරසට
ඇතත් නැතත් කඹුරමි මම
සිනා සිසී මා හුරතල් කරනු මැනේ
පුතේ කියා මා අමතන් පියාණනේ

කැළණියෙ වලි මාලිගාවෙ...

[හිස්ට්‍රි රිපීට් වීම නිසා නැවත පළ කිරීමකි.]

ඩෝං පුතා



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails