Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



කන්න දුන් පතේ පහරන
අම්මවත් නොදත් පරගැති
තොපිට මේ වගේ දඬුවං
දෙන්ඩ ඕනිමයි අයිබොං
ආයෙ කියාලා මොකට ද

යුද්ධෙ කලා යැයි උඩපැන
රෙද්ද කරටගෙන දැඟළුව
උන්දැටත් උනේ ඒ ටික
ඒක දැකලවත් නෑනේ
රජා කවුරුදැයි දැනගෙන

පොලුත් ගහ ගහා රටවට
ගියත් සමහරුන් තර‍ඟෙට
කමක් කහටමක් නැතුවම
ඇවිත් අල්ලලා දෙපතුල
වැටී ඇඹරුණා මතකද?

‍ඇදුරු මහාදුරු ගොන් රැළ
නොදත් දරුවනුත් රවටා
අනේ මහ මගේ ගාටා
‍නැටූ තොවිලෙදිත් බෙරගෙඩි
පැලී පිපුරුණා සද්දෙට

තවත් මොකටදැයි සවුදම
පෙනේ ඇබිංදක් පුංබං
දලේ උස්සලා දඟලා
කොලේ වහන්නට හැදුවට
වලේ ජඹුර නොපෙනෙනවද?

අනේ උසාවියෙ ගෙම්බොත්
ජැකට් කෝට් බෑ ටයිපටි
ලෝගු ඔලෝගුත් ගලවන්
ගියේ සුළු දියත් හල හල
රීප්පෙක අගින් ඇන්නම

සිංහ නාදයෙන් දෙදරා
කෙළක් පර රුපුන් වනසා
බුදුන් පය ගැසූ මේ බිම
ජයෙන් ජය නැගූ නිරිඳුට
නඩුත් අහන්නට බැරිවද?

සඳකාන්ත



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails