Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



වනය ගෙල බැඳි ගජමුතු හර
සුපුන් සඳ හඳපානාගල
මහ වනය පොබ කළ
රජුනි සද්ධන්ත කුල.......

නැති නිසා පත් ඉරු සොඳට
පරපුරෙන් උරුම වූ ගොදුරු බිම
යන මඟ හරස් කර
නැගුණි විදුලිය වැට....

නොබී රා කල සොළොස
නොදී ගම් වැසි ගැහැට
නො ඉපදී නාලාගිරි කුල
ඉපදුණිද අද බෝසත් කුල...

දෙදරවා වන පෙත
බිඳුනි කුම්බස්තල
බියපත්ව සියොත් කැල
නැගුණි තුරුපත් මතින් අහසට...

ඔබා දණ යුග බිම
වැතිර වැව් තාවුල
සිහිව බෝසත් සිරිත
දන් දුනිය ඇත් රජෙක් දළ යුග....

මුතු කුඩ සෙවණ ලද
ධවල පාවඩ මතින් සොඳ
බෙරහඞ ද සේසත් ද පෙරටුව
යන්න පින් මදි වීද ඇත් රජ......

පිවිතුරු බවට වන දෙව්ලිය අභිමනට
අදමිටු දුදන දන කළ නොපනත් කමට
අහිතක් නැතත් ඇත් රජ සුවිසල් හදට
වඩින්නෙපා සඳ හඳපානාගලට.......

විහඟ සත්සර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails