Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



දේදුනු වළා පිට පාවෙන
අරුම ලොවකට යාවෙන
මේ මගේ සිහින අසපුව!

බිතු සිතුවම් සේම
හිත මිතුරන් බෝම
දසන් පා හිනැහෙන
රැකියා පෝලිමෙන් විත්
සුදු අසුන් අරා නැග...!

දිග් විජයකට සැරසෙන
විදුර පඬිදුන් සේ
විදා නැණ නෙත්
නව අරුණකට මඟ සොයන
පඬි දනන්ගෙන් පාර විමසන...!

සුදු ඇතුන් සිහිනෙන් විත්
සා පිපාසා ඉවසන
කුස සෙමෙන් පිරිමදින
සක්‌විති රජකු උපදින පෙර නිමිති පවසන
බමුණෝ ද රැස්‌වන
ඕපපාතික මගේ පුතු මම
දිව යහන් පිට තබා නළවන

එලාම් ඔරලෝසුව
කන ළඟම පුපුරන
හඬින් දිව යහනින්
බොල් පොළවටම විසිවෙන....!

ඉතින් අද රෑටත්
සුදු වළා පිට නැගී
මම මගේ සිහින අසපුවට යා වෙන...·

[සිහින අසපුව -2005]

සුහර්ෂනී ධර්මරත්න



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails