Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



පෙති ගැසූ මල් කඩොල් දණහිස්
ලේ විලක් මැද පෑගෙනා විට
තියුණු කටු පත් කිනිසි පෑවා
කටු ඉකිළි මිටි පඳුරු වියරුව
මහ කඩොල් යායක්ම මදි විට
කොහෙන්දෝ ආ බැකෝ අතකට
කටු ඉකිළි යනු පයට පෑගෙන
මඩ පිඩකි කලපුවේ වැතිරුණ

කිරි පුරෝ ගත් පළ පුදා
ජීවිතය යැදි එක් කිරල යායක්
කැති ගසා දැමු කලපු ඉවුරක්
ගැන තිබුණි සයුරට මහ දුකක්...

එකෝමත් එක දෙසැම්බරයක
පතුල කළඹා සමුදුරේ දුර
සැහැසි රුපු රළ සෙබළ බල ඇණි
පෙරට එව්වා මහා සමුදුර

හුස්ම හිරවී මියෙන තුරු හිඳ
අවසාන සතුරා ද වෙරළත
සියලු වටිනා කියන දේ ගෙන
උන් ගියා ආපසු සයුර වෙත

"අතංගුවකින් අල්ල ගත්තට
ඉලත්තෙක් දෙන්නෙක් දිමිත්තෙක්
අටවලා මස් අතු තැනින් තැන
අල්ල ගත්තට කලපු ඉස්සෙක්
උරණ වීමෙන් හෙම නොවේ මේ
පළිය ගත්තේ මහා සමුදුර"

මනාපයකට හිලව් කරලා
කලපු ඉවුරේ බිම් කට්ටියක්
ඡන්දෙ ඉල්ලූ පෝස්ටරයක
ලියා ගොස් තිබුණා ඔවුන් එය...

චිරන්ත ජයසේන



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails