Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



චන්දරේ ආවා
රෑ අහසට
තරුත් එක්ක.

"චිත්‍රා
මං
චන්දරේ
දොර ඇරපං"

චිත්‍රා
උන්මාද චිත්‍රා
මුඩුක්කුවේ
පුන්චි කාමරේ
එක්ටැම් ගේ මුදුනේ.

චන්දරේ
දවල්ට
ලොරි ඩ්‍රයිවර්.
රෑට
පුන් සඳ
චිත්‍රාගෙ අහසට.

චිත්‍රා
දවල්ට ගාමන්ට්.
රෑට
ජීවිතයට ටාගට් නැතිව
තනියෙන්
රටා නැති පැදුර උඩ.

චිත්‍රා බැන්දේ
සයිමන් සසාවා
බොදු ගොවි
සෝල්ජර්.

චන්දරේ
තනිකඩ සත්ත්වයා
ටවුමේ
මාර ගහ වගේ
සද්දන්ත පුරුෂයා.
වානේ අතපය.
මේඩ් ඉන්
හතේ වත්ත.
යටි හිතේ නළ ළිඳෙන්
ප්‍රේම වතුර උනයි.
දහවල් හීනෙන්
චිත්‍රා ගැන කියවයි.

"චිත්‍රෝ
මං සයිමන් මරණවා
නිවාඩුවට එනකොට
මඟ රැකගෙන ඉඳලා."

"............."

"ලොරියට හප්පනවා
වෙඩි තියනවා
මළකඩ කාපු පිහියෙන්
අනිනවා"

".............."

"චිත්‍රෝ
කතා කරපංකෝ......"

"එපා එපා එපා"

"උඹ මට
ආදරේ නෑ......."

"මං දන්නෑ.
ඔව් ආදරේ නෑ.
මං
කළු පාටට බයයි.
කළු අහසට බයයි.
තට්ට තනිකමේ කළු යවුලට බයයි.
ඒකයි මං දොර ඇරියේ
හඳට"

[සිතුවම : Araujo Santoyo]

සමිත බී. අටුවබැන්දෑල



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails