Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



කඩාගෙන වැටුනා අහස
පොළොවට බැන අඬගසාගෙන
හිටිවනම හිටියා පොළොව
එක තැනම කන්දීගෙන

ගොරව ගොරවා අහස
අකුණු ගෙන දමාගැසුවා පොළොවට
කිසිවක්ම නොවූ ගානට
පොළොව හිටියා කරබාගෙන

තොරතෝංචියක් නැතුව
සණ්ඩුව ගියා දිගටම
පැයකුත් විනාඩි ගානක්
හුඟක් අය බැලුවා උඩ -බිම

හිටිහැටියෙම අහස
නැවැත්තුවා ගෝරිය
කිසිවක් නොවූ ගානට
සිරික්කිය දැන් දෙන්නත් එක්ක

"යාන්තං ඇති"
උඩ - බිම බැලු බොහොමයකගේ අදහස
"වැස්ස එක හොඳයි"
කිව්වා ටික දෙනෙකුත් ඉඳහිට

"බොරු වැස්සක් - නිකං අහුවුණා අපි "
කිවු අයත් හිටියා තැනින් තැන

එදා
කවුරුහරි
උනා නම්
පොළොව...
තාම අපි
එක වහලක් යට

කබුලි



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails