Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



රූම් - එකේ දොර ඇරල දෙන වෙලාවෙ
මං අඳුරගත්තා පටිය කැඩුණු සෙරෙප්පුව
දැනුණා ත්‍රිපෝෂ සුවඳ
මූණ බැලුවෙ නෑ මං
යතුර වැටුණා මා අතින්
කස්ටමර් කෑ ගෑව
ඉක්මං කරපං කොල්ලෝ කියලා

අල්ලපු කාමරේ ඉඳං
හිල්වලින් බලන ගමං
විජේලා කියනවා ඇහුණා
බඩේ ළමයෙක් හම්බවෙච්චි ඉරි තිබ්බට
ඒකි පුරුදුකාරියෙක් නොවන වග

මට මතක් වුණා
අම්මා නාවන්න
පොඩි එකාට බෙහෙත් පොවන්න
මස්සිනාගේ මුත්‍රා බටේ ගලවන්න
උදේම නැගිටලා කවර අලවන්න
ඒකිට තිබ්බ පුරුද්ද

ත්‍රීවීල් - එක ගියාට පස්සේ
ඇඳ අස් කරන්න කලින්
කොට්ටවල තිබ්බ කඳුළු වේලෙනකං
ෆෑන් - එක වැඩි කරල මං
එළියට බැහැල
ඔහේ ඇවිදගෙන ගියා ටික දුරක්

[ඇහිපියන් ඇහැරිලා | 2012]

මහින්ද ප්‍රසාද් මස්ඉඹුල



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails