Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



මහද විල දිය සැලෙතැයි
කඳුළු මුවරද සඟවන
මේ ඉඳුවර දෑස
කෙලෙස හැර යන්න ද

පිස දැමූ පමණින් ඇසක්
නවතින්නේ නෑ නේද
පිය සොඳුර,
දිගු කඳුළු ගඟක්.
දෛවයට ද්වේශ කර
දුටුවා ද කවුරු හරි
කඳුළකට බලපාන
සැබෑ උල්පතක්.

ප්‍රේමයේ මල් අතුළ
වසන්තය පියමනිත,
නොපැතූ ලෙස වැටුණ
ගිම්හාන මාවතේ,
ආවාද අප දෙදෙන
කොයි තරම් දුරක්.
කෝ තාම නැහැ නේද
ප්‍රාර්ථීත වර්ෂාව බිඳක්.

ඈත නිල් අහස් ගැබ
දේදුනු සළු පටින්
සුරඟනන් තනා දුන්
වෛවර්ණ තොවිල්ලේ
නැලැවෙන පැටවුන්
ඇස් අරින දවසට,
නැහැ නේද ඒ තරම් දුරක්.

ඉර දෝරේ ගලා යන
අරුණෝදය මිසක්
ඒ නැවුම් ඇස් වලට
විඳ දරා ගත හැකි ද
මහ නපුරු රාත්‍රියක
බහල ගන'ඳුරක්.

කෙතරම් රුදුරු වුව
විස විඳින කටු අකුල
මග හැර යා හැකිද
එය තලා පොඩිකර
නො තනා ම
මුදු සුමුදු මාවතක්.

ජගත් ගාමිණී මාවතගම



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails