Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



අනෝමාව පසුකරගෙන- රම්‍ය මාළිගා මඟහැර
ආයාසෙන් දුර නුවරට - ගොඩවුණු සැටියා
රිදී කාසියක දිස්නෙට - ගමේ රිදී අමතක කර
රිදී මසුන් අල්ලන්නට - ආවද තොටියා

එලා දැල අපුල දියමත - වැරෙන් පහර දී වැව පිට
ගොදුරු සොයන බක වෙසකින් - සැරසී සිටියා
අකුණු ගගා හෙණ පුපුරන- ගිනි අවුවට දිය ඇවිලෙන
තමන්වත් එගොඩ යන මඟ - දනීද තොටියා

කිරි සිනා ඉහින පපුවට- ඇල්මෙනා අකුර කරවන
අවුලනා පහන අඳුරට - උන්ගේ පැටියා
අත්ගගා සොඳුර ඔහු උර - සනසනා බැවින් මොක්පුර
මතු මතුත් සුවේ අමතක- කළාද තොටියා

ඇත මූදුකර නැව් නැග- සාර සැප සොයා පියඹන
පාර මතක නැතිකරගත් - විහඟුන් සිටියා
වෙරළ දෙස බලා හිඳගෙන - කළුදියේ මසුන් ඇහිඳින
සීරුමාරුවට හිනැහෙන- බේරේ තොටියා

ධනුෂ්කා නිෂාදි කුලරත්න



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails