Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



පුත්‍ර පිරිවර ළඟට කැඳවා - ධනය රිසි ලෙස බෙදු රජුන් මිස
"ධනය හැංගූ තැන" නොකීවැයි - පිය රජුට පස් ගැසූ කුමරෙක්
මේ දනව්වෙහි නම් නැතේ

කලා වැව රැළි නැඟිය යුතු තැන විසල් සම්මන්ත්‍රණ සලේ
ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශන - වෙළඳ සල් පිල් - මධුර නර්තන
සැට දෙකක් වූ දෘෂ්ටි පිළිබඳ මහලු බමුණන් කරන ගර්ජන
නෘත්‍ය දර්ශන - ඡවි ප්‍රවර්ධන - සූප වේදින් පෑ නිදර්ශන
පස් පියුම් විලසින් සැලේ

දකුණත් සව් සිටිය යුතු තැන
සැළලිහිණි බෙටි රැඳුණු කුළුණකි
විදර්ශනයට පාර අහුරන
කුළුණ, වසවත් මරුගෙ දරුවෙකි

අනුරුවක් තුළ සැබෑ රූපය සොයා ඉඳහිට අයෙක් පැමිණෙයි
අනුරුවේ ඇති දොසක් සොයමින් එතන මොහොතක් දෙකක් ළතැවෙයි
සැබෑ රුව ඇස් දෙකින් දැක නැති අයෙක් අනුරුව නිසා සැනසෙයි
සැබෑ රුව සහ එහිම අනුරුව එකම මුද්‍රාවකින් පසුවෙයි .....

රුවන් බන්දුජීව



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails