Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



දුමක් නොනැගෙන උදුනක
එළියක් නැතිව ඇවිලේය ගින්දර
මියගොස් උපන් දවසක
මළකඳ නිදයි දොරකඩ

උණුහුම් උණුහුමෙන් උණුවූ
සුසුමකට කිහිරඟුරු පැලවී
පුළුස්සයි කඳුළු අළු කර
විසුරුවා නිහඬ පොළවට

ගිලෙන්නට අමතකව හිරවූ
කිරි කඳුලකට බැරවී
ඉහිරවුණු රුහිරු කිරි
ලෝ දියව දවයි ගිනිකඳු

ගිනියම ඇඟිලි අග දැවටී
ගැණෙන විට අග සිට මුලට
සැඟවෙයි සක්වලම සළු වී
පිට පොත්තවත් නැති බිංදුවක

පහනක් ව දිලෙන්නට
දුමක් වී අහසට නැගෙන්නට
සර සර හඬින් හඬන්නට
කිසිවක්ම ඉතිරි වී නැත
ගිනි ගත්තු කඳුළක...!

-සෙයියදු අහමදු රෙසිනාට....

රවිඳු වර්ණකුල



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails