Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



මිටි කරන් දාවලේ කුසගින්න වම් අතේ
සයිරන් හඬට දණහිස නවන ජීවිතේ
නොගියොතින් ගිනිවලට පුංචි උන් හාමතේ
වෙහෙසවෙන අත පයේ බැඳි නූල උන් අතේ

කුසින් වැදූ තරු අහසේ එල්ලන්ට
අත උස් මදි වගෙයි පව් කළ පින්වලට
ගතින් වැදූ දහදියවල ලුණු රහට
කවදා සින්න වේවිද දිය පොදක තෙත

මැටි පස් අනාලයි අච්චුවෙ දමන්නේ
ඒ පස් දැවීලයි උළු හැඩ මැවෙන්නේ
සොච්චම් අපට උත්තමයන්ගෙ නිවහනේ
නිවනක හෙවණ බාලගිරි බහට රැවටුණේ

කල් ගිය රෙදි වැරලි නාඬා ඉඳපල්ලා
ණය පොත ණය වෙලා රතු ඉර ඇවිදිල්ලා
බැරිකම ගෙරි හමට රිදවන යම පල්ලා
දුටුවොත් දෙරි ගහමි බිම අම්මා පල්ලා

අත්ථකිලමතානුවෙ යව කහට දිව තෙතේ
කම්සුඛල්ලිකානුවෙ වපසරිය උන් අතේ
මැදුම් පිළිවෙත ගිහින් සිල් ගන්ට බණ පොතේ
බොල් වී ම පැළ වෙලා කටු පිරුණු මාවතේ

[සිවු වෙනි වැඳීම]

ජයන්ත නිමල් සිරි



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails