Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



පාලු ගුරු නිවහනට;
වංකගිරියේ තක්සලාවට
බැහැයි නොකියා සපැමිණ,
සිංහලෙන් සිනා සී
සිංහලම කතා කළ,
සිංහල ද දෙමළදැයි
නොදන්නා මිනිස්කම
සිංහලෙන් ඉගැන්නූ
දෙමළ හිත...
රාමචන්ද්‍රන්,
ඉංග්‍රීසි මාස්ටර්
නිදා හුන් තැන ය මෙය.
පිළිස්සී අඟුරු වුණු ඒ සිරුර,
වැටී තිබුණේ මෙතැන ය...

රවුම්, 'ගාන්ධි මොඩලය'
තැලී, පොඩි වී, ඇද වුණ,
සිංහලත් දෙමළ හා ඉංග්‍රීසි
සමව කියැවිය හැකි වුණ
ඒ උපැස් යුවළ ද,
වැටී තිබුණේ මෙතැන ය...

ගුරුවරුන් අඩු දිනවල
සිංහලත් 'පැවරුම්' දෙන,
ඉංග්‍රීසි පොත්-සඟරා
බලෙන් අපටත් කියවන,
කලාප කාර්යාලෙට
ඉඳහිට දිනෙක ඇවිදින,
හුරු පුරුදු ඒ උණුහුම
නිවී තිබුණේ මෙතැන ය...

මේ මෙතැන,
ඇසළ මාසය කෙළවර
නම නොදන්නා මල් පිපෙන
මල් පඳුර පැළවුණු තැන,
ඒ නිසල හදවත
වැටී තිබුණේ මෙතැන ය...

සෞම්‍ය සඳරුවන් ලියනගේ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails