Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



ඇබෑර්තුවක් ඇත
කුඩා ඊ තණ පඳුරකට
ඇළ ඉවුරක වැඩුණු
ජලය සිහිලස හැඳිනු...

නිරූධක වාලුකා තලයක
රළු කටු පතොක් ගස් යට
එක දිගට වැඩ කල හැකිද

රළු වැලි සුළඟ දෙන
ගැහැට ඉවසිය හැකිද
සොයාගෙන ජලය
වැලි තල අතර
තනිව පැල විය හැකිද

මිරිඟු දිය සොයන දන
හැඳින නැවතිය හැකිද
දැවෙන නුඹ දැක දැකත්
ඉවත යන මේකුලට
මෙත් වඩන්නට හැකිද

ඇළ ඉවුර සිහිලස
යළි යළිත් සිහි නොකර
පතොක් මල් සමග
හදවතින් සිනා සිය හැකිද

සබඳ ඔබ කොහිද
අප සොයන්නේ ඔබය….

විහඟ සත්සර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails