Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



"තමා දකින විට ඔවුන් මැරී සිටියා ද?" මහේස්ත්‍රාත් තුමා ඇසීය.

"එහෙමයි හාමුදුරුවනේ."

මහේස්ත්‍රාත් තුමා තම පුද්ගලික දිනපොත පැත්තකින් තබා රාජකාරි සටහන් පොත අතට ගෙන ලියා ගත්තේය.

"දෙදෙනාටම තුවාල තිබෙනු තමා දුටුවා ද?"

"එහෙමයි හාමුදුරුවනේ. දෙන්නා ගේ ම තුවාළ තිබුණේ පපුවෙ විතරයි. ඒ තුවාළ වලින් ගලාපු ලේ වතුරට හේදි හේදි ගියා."

"මළ මිනිසුන්ගෙ අතේ හෝ බිම ආයුධ තිබෙනු තමා දුටුවාද?"

"එකෙකු අතේ දිග උල් පිහියක් තිබුණා. ඒක මිරිකාගෙනයි උන්නෙ. අනිකා වැටිලා හිටිය තැන ඒ වාගේ ම දිග හරක් අං මිට පිහියක් වැටිලා තිබුණා. ඒ මිනිහා පස් කා ගෙන වැටිලා හිටියේ."


ආරච්චි මේ අවස්ථාවේ එම පිහියා දෙක මහේස්ත්‍රාත් තුමා ට ඉදිරිපත් කළේය.

"තමා දුටුවේ මේ පිහියා දෙකට සමාන පිහියා දෙකක් ද?"

"එහෙමයි හාමුදුරුවනේ."

"මේ මිනිමැරුම් කොයි විදියට සිදු වුණාදැයි තමාට කියන්නට පුළුවන් ද? "


"හාමුදුරුවනේ, මගේ බට්ටි මරළා තියෙන්නෙ මුං දෙන්නා. දේවාලයේ කපු මහත්තයා මට කීවේ කොහොමද? තෝ යන කොට තොගෙ ගම් සීමාවේ දී අපරාධකරුවන් ගේ මළ සිරුරු දකින්නට ලැබෙයි කියලා. ඒ කිව්ව විදියට අකුරක් නෑර වැඩ සිද්ද වෙලා තියෙනවා."

"ප්‍රශ්න වලට කොටින් උත්තර දීපන්."
පොලිස් නිළධාරියා පොරොන්සිනාට සැර කළේ ය. මහේස්ත්‍රාත් තුමා පොලිස් නිළධාරියාට ඉංග්‍රීසියෙන් මෙසේ කීවේ ය.

"ඒ ගෑනි ට බාධා කරන්න එපා. ගැහැනියට කතා කරන්න ඉඩ දෙනු."

"කලබල නොවී දන්නා දේ කියනු. ඔය මිනිමැරීම කොයි ආකාරයකින් සිද්ද වුණා ද කියලා තමා සිතනවා ද?"
මහේස්ත්‍රාත් තුමා ඇසී ය.

"හාමුදුරුවනේ, දෙවියො අපරාධකරුවන්ට දඬුවම් දුන්නා. උන්නාන්සෙ මට පොරොන්දු වෙච්ච විදියට වැඩ සිද්ද කළා."

මහේස්ත්‍රාත් තුමා තම පුද්ගලික දිනපොත නැවත ගෙන පොරොන්සිනා කී දේ සටහන් කර ගත්තේ ය. පොරොන්සිනා ගේ සාක්ෂිය අවසන් විය.

ආරච්චි ගේ සාක්ෂියෙන් කියැවුණේ මේ එකිනෙකා පිහියෙන් ඇණකොටා ගෙන සිදු කරගත් අපරාධ දෙකක් බව ය. මහේස්ත්‍රාත් තුමා සිද්ධිය සිදු වූ ස්ථානයට ද ගොස් වගවිභාග කොටබලා තීන්දුව සටහන් කෙළේ ද එකිනෙකා උල් පිහියා පාවිච්චි කොට ඇණ ගැනීමෙන් දිදු කර ගත් අපරාධ දෙකක් ලෙසට ය. මේ අපරාධයට වගකිය යුතු පිටස්තරයෙකු හෝ පිටස්තරයින් නැති බව සාක්ෂි වලින් පෙනී යන බව ද හේ වැඩි දුරටත් සඳහන් කෙළේ ය.

තම රාජකාරි වාර්තාවේ කලුකම්බිලි දේවාලය ගැන හෝ පොරොන්සිනා ගේ එළදෙන හොරු ගෙන යාම ගැන හෝ සඳහන් නුවූවත්, මහේස්ත්‍රාත් තුමා එංගලන්තයේ සිටින තම මිත්‍රයෙකුට ලියූ ලිපියක ඒ පිළිබඳ ව දීර්ඝ වශයෙන් කරුණු දක්වා මෙසේ ද සටහන් කර තිබුණේ ය.

".. මේ නො දියුණු පිටිසර ගම්වාසීන් ට අපට නො පෙනෙන, අපට කිසිකල දැනගන්නට වුවමනාවක් ද නො කළ ලෝකයක් ඇත. අණවිණ, පළිගැසීම් සම්බන්ධයෙන් අබමල් රේණුවක අවිශ්වාසයක් ඔවුන් තුළ නැත්තේ ඔවුන් ඒ සියල්ල අත්දැකීමෙන් ම ප්‍රත්‍යක්ෂ කරගෙන ඇති නිසා ය. මේ ගම්වැසියන් ට යුක්තිය පසිඳලීමට නඩුකාරවරුන් වුවමනා නැත. වුවමනා වන්නේ භක්තිමත් ව දෙවියන් යැද තම යාදින්න ඉදිරිපත් කිරීම පමණි. මම මේ සිද්ධිය යළි යළිත් සිහිපත් කොට, කරුණු එකිනෙක මනාව ගොනු වී ඇති සැටි සිහිපත් කොට පුදුමයට පත් වීමි. මේ මිනිසුන් ගේ ජීවිතය හා වෙළී පවත්නා මේ ධර්මතා ගැන විධිමත් පරීක්ෂණයක් පවත්වන්නට මගේ බලවත් ආශාවක් ඇත. තව අවුරුදු දහයක් දොළහක් ලංකාවේ මට ගත කරන්නට ලැබුණොත් මම ඒ කර්තව්‍ය කරන්නෙමි."

****

උංගප්පු ගේ මළකුණ ඔහු මළ රාත්‍රියේ ම පොංසප්පු හා බුංජප්පු විසින් සොයා ගන්නා ලද නමුත්, දිලෝට වූ දෙයක් කාටවත් දැන ගන්නට ලැබුණේ නැත.

[අස්වැන්න - 1971]

ජයසේන ජයකොඩි



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails