Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



"යන අය යනකොට සදහටම
ඉන්න අය ගැන හිතෙන්නෙම නැති හැටි
රිදෙන බව ඒ අයට,
දැනෙන්නෙම නෑ යන අයට
අක්කටනං මොකද
මේ පුංචි උන් ළඟ කවුද.."
මළගමදි ඔබ කියෙව් එක
වාක්කිය ඉකියක දැමුව..
කෙටිම කෙටි බැල්මවල් හැර
අප අතර ඇඳෙනා අතර

ගමේ අය කියෙව්වෙත්
පුංචි උන් ගැන, හැබැයි
"මැණිකෙ හරි හොඳ කෙල්ල
අක්ක නංගි වෙනස මොකද
අම්ම වෙයිනෙ මැණිකෙ උන්ට"

තරහ ආවා එතකොටත් මට

.....................

අක්කා අතැර ගිය
මළගම්මාන හීතල
අප අතර තැනු දුර අතැර
හද්දවසකින් ඔබව ළං කළ

කෙටි පණිවිඩය
කෙටුව විදුලිය..

"කවලා නාවලා අන්දලා
පොඩි එවුන් ටික
ඇඳගත්ත මමත්
අක්කගෙම ඇඳුමක්.."

දවාලපු කදුරු කලු අඟුරක්-අමාවක් සඳවත
ෆූජියාමා පරදවන හදවත
"සයෝනාරා"වට අප ගසාගෙන යන
සයිකලොන් පණිවිඩය බොහො දුර යා ය.

"පොඩ්ඩො සනසාගන්ට
හොඳම විදිහත්
අක්කගෙම පෙනුම ගන්නෙක.
අයිය කිව්වෙත්
ඒ හැඩහුරුවමලු එතකොට මගෙත්.."

"ලාම ලා හිනාවක් හීනියට
ඇඳුන ඒ මූණෙත්
හද්දවසකින් අද උදේ දකිනකොට
මැච් වෙනා හැටි සායෙ ඉන උනත්"

හමන්නේ එක දිගට
ඒ වගෙම වාක්කිය
කෙටි විදුලි එළි මැද.

[සිතුවම : Iman Maleki]

සුදර්ශන සමරවීර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails