Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



වක ගැසී නිදාපන්
මා දෑත මත
හද ගැහෙන තෙක්
නොයන්
දෑතින් පිටට

වීනස්ය නුඹ
සෙන්ටෝ වන මගේ
අත පතිත

නුඹේ හේතුවට
නොවුනේ මම
ඩයනීසස්
එහෙනම්
නුඹටත්
වේවි බලන්නට
විප්‍රකාර ආලිංගන

සකල ස්ත්‍රීත්වය
ඇම්ෆෝරාවේ රුවා
පෙරහන් හතකින් පෙරා
මිදි යුෂේ නාවා
පාමට් සුවඳේ ගිල්වා
නිය පිටින්
හෙලූ පහරින්
කිරිගරුඬය මත
ගල් කටුවෙන් මතු කළ
වීනස්ය
නුඹ
මා දෑත තුළ

කෝරස් නාද නැත
හදවත සුසර වී ඇත
ඉතිං
වක ගැසී
නිදාපන්
ඒ තාලයට
වීනස්

තිළිණි ෂැල්වින්



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails