Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



නිමිත්ත:
දියණිය කෙලෙසන්නට තැත් කළ සැමියා කපා කොටා ඝාතනය කළ බිරිඳ මන්න පිහිය ද සමග පොලීසියට භාර වෙයි. - පුවතක්

ගස්වැල් හෝ හඬින් හඬන
තරු කැට බිය වී වෙව්ලන
බෝදිලිමා දුකින් අඬන
මැදියම් රෑ බමන මතින

ගෙට ගොඩ උනු ඇත් රජු ලග
නුහුරු මලක රොන් සුණු දැක
පුපුරු ගහන හිත ගුලිකර
උවැසිය සේ හිටියා..

හාමත් පොඩි පැටව් ටිකට
දවසට එක වරක් පිසින
කුලී බත් පතෙන් කොටසක්
බෙදා හදාගෙන එන තෙක්
පාර කොණට ඇස් දල්වා
මග බලමින් හිටියා..

පාප මිතුරු හෙවනැලි යට
දඟ ගෙයි දොර ඇරුණු විටෙක
පෙරදා පෙම් හීන බිඳුණ
කැට කැබිලිති මත ඇවිදින
අසරණියක සුසුම් කැරළි
කුණාටු සුළි සුළං විලස
පාට බොඳව කඩතොලු වුණ
බිත්තිවලම හැපුනා.

යකුන් නැටූ ගෙයි දොරකඩ
තැලී හැලුනු මල් පෙතිවල
පොඩිවුනු තැන් කඳුළු දොවා
යලි පිරිමැද හැදුවා..

කෙඩෙත්තුව මැඬුණු ගත සිත
ඇරන් වැටුණු විට පැදුරට
යුෂය පෙර පෙරා ඉල්ලන
මත් ගඳ මුසු අපුල හුස්ම
තැවරෙද්දී කම්මුල්වල
ඔක්කාරෙට එන බඩවැල්
විකා දෙතොල හිත හිර කර
ඉවසාගෙන හිටියා..

සසල රැයේ නිදි නො ලබන
වළා සළුපටක හැංගුන
ළා සඳවත බිලිගන්නට
රාහු ලෙසින් පැමිනෙණ විට
දෑත බදාගෙන මන්නෙන්
දෙතුන් වරක් කෙටුවා..
"ස්වාමිනි මම - මගෙ යුතුකම
පමණක් ඉටු කෙරුවා..

පද්මිණි ශ්‍රියාලතා



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails