Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



රැකවරණ නැති ගං ඉවුර මත
සංතාපයේ ළය මැඬෙන
ලිලී මල් පඳුරයි මා

හිත මිතුරු සුළඟත්
චණ්ඩ වෙයි
වැළඳ සිටි අත්
අත් හරියි
මොහොතකින් ඒ වියරු වෙයි

හමන්න, හමන්න ඉතිං තදින්
බිඳින්න
ළය මඬුල්ල
දැඩි නොවෙයි - එය එතරම්.

නො සිතන්න
සිහිල යැයි, සුව යැයි
මේ නිල් නදී

නො සිතන්න
සිටිතැයි මේ ලිලී මල් පඳුර
ගයමින් කව්
විඳිතැයි විවේකී සුව
සිහිලැල්
තණ පළස් මත
ගං ඉවුරේ

මතු වෙවී චණ්ඩ වූ භයංකර රැලි සුළි
කම්කටොළු නදිය උතුරයි
ගලා එයි ළතැවුල්
ඉදිරේ දැයි නොදනිමි මුල්

පියඹ වන් බැඳුණු පඳුරක්
මතුරමින් හෙමිහිට
පවසාවි සවනට..
”..මට මහ බියක් දැනෙයි
හෙට ගැන
ජීවිතේ ගැන...”

කඳු ගැටයේ සිටින කවුරුන්
ගණන් ගනී ද
මේ කුඩා මල් පඳුර
විමසා ද කුමකට
දුක - සැප
ළතැවේ ද කිසිවිට
ඒ ගැන

නො උස් ය
නො විසල් ය
නො වටී ය
නො ඇසේ ය කිසිවකුටත්
නො උස් ඒ කටහඬ
හඬ සුළියකට පවා
යට වෙයි එය

සැබෑ ය ඒ
එහෙත් සිතන්න
මා උර මත රඳන
අහිංසක මේ ලිලී මල්
හුරතල් ළදරුවකු මෙන්
පවිත‍්‍ර ද කෙතරම්

කැළඹිලි ගංවතුර එයි විගසින්
ශාන්ත ඉවුරු බිඳිමින්
කොහේ යන්න ද ඉදින්
වඩා ගෙන මම්
අහිංසක මේ
ලිලී මල්.

[සඳ සාවුන්ගේ කවි - 1993 දෙසැ.]

සෙනරත් ගොන්සල් කෝරාළ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails