Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



ඉකුත් වසරේ ඔක්තෝම්බරයේදී, රිය අනතුරකින් මිය ගිය ගිය බවට ඔප්පු කිරීම සඳහා අභව්‍ය සාක්ෂි සැලසුම් කොට, ම්ලේච්ඡ ලෙස ඝාතනය කළ සරසවි සහෝදරවරුන් දෙදෙනා වෙනුවෙන් සිදු කෙරෙන සත් කාර්යයක් වෙනුවෙන් වූ සහෝදරාත්මක ඉල්ලීමකි මේ. ඔබේ අවධානය පිණිස තිළිණා වීරසිංහ සහෝදරියගේ දැනුම්දීම එපරිද්දෙන්ම පළ කරන්නෙමු.
-බූන්දි

ආදරණීය යහළු යෙහෙළියනි,

පසුගිය 2012 ඔක්තෝබර් මාසයේදී අධ්‍යාපනය සඳහා වන අයිතිය වෙනුවෙන් කළ, සිසු අරගල පා ගමන සංවිධානය කරමින් සිටියදී ඝාතනය කරනු ලැබූ කැලණිය විශ්වවිද්‍යාලයේ ජානක ඒකනායක(මාතලන්) සහ රුහුණු විශ්වවිද්‍යාලයේ සිසිත ප්‍රියංකර සහෝදරයන් වෙනුවෙන්, සරසවි සගයන් විසින් මාතලේ, නාඋල, කඳරව ගම්මානයේ අනුස්මරණ පුස්තකාලයක් ඉදි කිරීමට කටයුතු යොදා ඇති අතර එහි වැඩ දැනටමත් ඇරඹී තිබෙනවා.

ජානක, ඔහුගේ දුෂ්කර ගම්මානයෙන් පළමුවරට සරසවියට තේරී ආ ශිෂ්‍යයා. ඔහු ඉතාමත් ලෙන්ගතු මිත්‍රයෙක්, සහෝදරයෙක්, ආදරණීය පෙම්වතෙක් ව සිටියා. ඒ වගේ ම ඔහුට පැහැදිලි දේශපාලන දැක්මක් තිබුණා මේ සමාජයේ යහපත් වෙනසක් ඇති කරන්න. ඒ වෙනුවෙන් ඔහු ඔහුගේ තාරුණ්‍යය සහ අවසානයේ ජීවිතය ද පරිත්‍යාග කළා.

සිසිත, 2010 වසරෙදී, වසර විසි ගණනාවකට පසුව ඔහු ජීවත් වන කටුක පරිසරයෙන්, සරසවියට තේරී පත්වන්නේ A සාමාර්ථ 2ක් සහ B සාමාර්ථයක් සහිතව. පැල්පත් නිවාසයක ආච්චි අම්මාගේ රැකවරණය යටතෙ හැදුණු සිසිතටත් මේ සමාජය වඩාත් යහපත් කොට ගොඩනගන්නට සිහිනයක් තිබුණා. ඒ සිහිනය සැබැ කරගන්න සහෝදරත්වයෙන් වැඩ කටයුතු කරද්දියි ඔහුගේ ජීවිතය ඔහුගෙන් උදුරා ගත්තේ.

සමස්ත සමාජයේ ම නිදහස හා විශේෂයෙන් අපේ රටේ ඊළඟ පරම්පරාවේ අධ්‍යාපනයේ උරුමය වෙනුවෙන් ජීවිතය පරිත්‍යාග කළ මේ සහෝදරවරු දෙදෙනාට උපහාර දක්වන්න අනුස්මරණ පුස්තකාලයක් සහ සිසිතගෙ ආච්චි අම්මාට පුංචි නිවහනක් අරන් දෙන්න සරසවි සහෝදරත්වය කරන කර්තව්‍යයට දායක වෙන්න ඔබත් කැමති නම් ඒකට අවස්ථාවක් තියෙනවා.

මේ වනවිට පුස්තකාලයේ වැඩ කටයුතු ආරම්භ වී ඇති අතර එහි වහලය සහ ඉදිරි කටයුතු සඳහා මෙන්ම නිවහන මිලදී ගැනීමේ කාර්යයට ඔබේ පරිත්‍යාග ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ රාගම ශාඛාවේ 107018800570 දරන කේ.ටී. වීරසිංහ ගිණුමට බැර කිරීමට ඔබට හැකියි.

විමසීම්-
තිළිණා වීරසිංහ- 0776859902
වෛද්‍ය නිලාන් ප්‍රනාන්දු- 071-9076442
වි. ලිපිනය- sumudumalineth@gmail.com

සහෝදරත්වයෙන්,
-තිලිනා වීරසිංහ







තිළිනා වීරසිංහ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails