Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



මං හොඳටම ලිව්වා
ඉසුරුමුණි පෙම් යුවළ ගැන ප‍්‍රශ්නය
මතක තිබුණා හොඳට හැම ලකුණක්ම
මට ඒ මූර්තියෙ තියෙන

ඒ තමයි අපි දෙන්න
ගහපු එකම එක පොටෝ එක
සුදු පාට ඇඳගෙන දෙන්නම
ඔයා අත පන්කොල තොප්පියක්- මම අත් දෙකම බැදගෙන

”නොදෝකිං නෑ තොපේ කිසිම ලව් ගතියක්
බලාපිය පෙම් යුවලටත් ලැජ්ජ හිතිල”
යාලූවෝ කියද්දියි දැනගත්තෙ
පසුබිමින් ඉසුරුමුණි පෙම් යුවල හිටිය බව

ලියන්නැති නේද
ගුරු විභාගේ නොවැරදිම
ආසයි නේ හරිම ටීචිං වලට
ඒ දවස්වල ඔයා
”උදේ දෙන්නම ඉස්කෝලෙ ගිහිං
මං හවස ටියුෂන්
ඔයාටත් බැරිය හවසට
ඉඩමෙ තේ ටිකක් දාන්න
හරිම නිදහස් එතකොට ජීවිතේ”

සාමාන්‍ය දැනීම නම්
ඇනගන්න ඇති ඔයා හොදටම
ඒ දවස්වලත් මං විහිලූ කළේ
”ලංකාව කියන්නෙ දූපතක් බවවත්
ඔයා දන්නෙ නෑ”
මවා ගත හැකි මට
මූණ රතුකරන් එන හැටි එක්සෑම් හෝල් එකෙන් එළියට
මට ෂුවර් නෑ ඔයා පාස් වෙයිදෝ කියල

දෙකක් නෑ පෙම් යුවළ ගැන නම්
ලියන්න ඇති ඔයත් හරියටම තිතටම

[සිතුවම : Fabian Perez]

බී.ජී.එම්. ජනප‍්‍රිය



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails