Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



එන්න මෙතනට
මේ මහ පාර අයිනට
රෙජිමයේ සිරවුන
සිරකරු බලන්න............

ඔබේ ඇස් දුව යන
හැම ඉම් පෙදෙසක
ඔහු සිටිනවා නිසැකවම...........

මහා ගිනි කන්දක
හිම සොයා යන මිනිසෙක්
මහා සාගර පතුලක
ගින්දර සොයන මිනිසෙක්
දුටුවොතින් ඔබ
නිසැකවම ඒ ඔහුය...............

මහා ඝන අදුරක
ගිළුනු නුවරක
කෘතිමව උපදින
නියෝන් එලි මැද
එළි සොයන මිනිසෙක්
දුටුවොතින් ඔබ
නිසැකවම ඒ ඔහුය..............

ඔබ බලන විට හාත්පස
ඔබට ඇසුනොත් එකම ගීයක්
ඒ ගීයට නටන මිනිසෙක්
මිතුරනි නිසැකවම ඒ ඔහුය............

ඔබේ ඇස් දුවන
හැම ඉන් පෙදෙසකම
ඔහු සිටිනවා නිසැකවම
යම් විටක
ඒ ඔබ ද, මා ද
විය හැකිය.............

[සිතුවම : Alfredo Araújo Santoyo]

සුනන්ද ගාර්දියවසම්



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails