Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



2010 දී එළිදැක්වූ මංජුල වෙඩිවර්ධනගේ "මාතෘකාවක් නැති මාතෘභූමිය හෙවත් දෙමළ කවි" කාව්‍ය සංග්‍රහයේ දෙමළ පරිවර්තනයක් ඉන්දියාවේදී මුද්‍රණද්වාරයෙන් එළිදැක්වී ඇත. එම්. රිෂාන් ෂෙරීෆ් සහ ෆහීමා ජහාන් විසින් දෙමළ භාෂාවට නගා ඇති මෙම කෘතිය එක්සත් රාජධානිය කේන්ද්‍ර තරගත් Ezhuna ජනමාධ්‍ය පදනමේ ප්‍රකාශනයකි.

1997 දී ෂේන් මැකෙල්වි සමග එක්ව සිය ප්‍රථම කාව්‍ය ග්‍රන්ථය වූ "නිරුත්තර සමාධිය" එළිදක්වන මංජුල, 2002 වර්ෂයේදී "පිළිහුඩුවී" ද 2008 වර්ෂයේදී "මධුසදිනි මධුවිත" යන කාව්‍ය කෘති ද සිය පාඨක සහෘදයා වෙත තිළිණ කළ අතර, 2010 වර්ෂයේදී "මාතෘකාවක් නැත මාතෘභූමිය හෙවත් දෙමළ කවි" ද 2011 වර්ෂයේදී "ඇහැළ ඇමතුමකට ඇහැරෙමි" යන කාව්‍ය කෘතිය ද ප්‍රකාශයට පත් කළේය.

ලේඛකයෙකු මෙන්ම ජනමාධ්‍යවේදියෙකු වන මංජුල වෙඩිවර්ධනගේ මාතෘකාවක් නැති මාතෘභූමිය හෙවත් දෙමළ කවි නිර්මාණ සංග්‍රහය, සිංහල භාෂවෙන් දෙමළ භාෂාවට සම්පූර්ණ පොතක් ලෙස පරිවර්තනය වූ ප්‍රථම කාව්‍ය සංග්‍රහයයි. "මාතෘකාවක් නැති මාතෘභූමිය" දෙමළ කෘතියේ පිටපත් පහත ලිපිනයෙන් ලබාගත හැක.

Discovery Book Palace (P) Ltd
No.6, Magavir Comlex, 1st Floor
Munusamy Salai, K K Nagar West
Chennai – 600078
Tamil Nadu, India.
[Near Pondichery Guest house]

Ph: +91 44 65157525 , Cell +91 9940446650



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails