Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



නිදහස ලැබුණා මල්ලි, නිදහස ලැබුණා
හැම අඟලම බදන් කන්ට නිදහස ලැබුණා
දකුණත් ලැබුණා අය්යෙ, උතුරත් ලැබුණා
එළිවෙන කොට ඔප්පුව අහසින් ගෙට වැටුණා

ජාතියත් අපේ - ආරිය ආගමත් අපේ
සාමයත් අපේ - කොඩියෙ සිංහයත් අපේ
අදත් හෙටත් ගලක් ගානෙ ලියා සෙල් ලිපී
ඉතිහාසේ වෙනස් කරල තියමු මිතුරනී

වීරයොත් අපී - මේකෙ චණ්ඩියොත් අපී
කලාවත් අපී - ලියන්නෙ කියන්නෙත් අපී
නෑ බැට කෑවේ පිට කොඳු ඇති උන් වාගේ
නෑ දිවි පිදුවේ නම් නැති විරුවන් වාගේ

මරන්ට නිදහස - මැරකම් කරන්ට නිදහස
කඩන්ට නිදහස - නීතිය හදන්ට නිදහස
බයිල කියා රට සොරකම් කරන්ට නිදහස
තව පන්සීයක් මගෙ රට කරන්ට නිදහස

සදහම් ගඟුලකි - වැසියෝ බඩගිනි උහුලති
වත්තම බදු දී චීනෙට දත කට නියවති
බයිල කියා සමරමු මේ - නිදහස් "හෙළ" රට
නිවන් නො දැක යළි ඉපදෙනු මැන රජ මැති කැළ

ආලෝක රණසිංහ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails